Online විකිණීමේදී ඔබ සැලකිය යුතු කරුණු ?

අද ශ්‍රීලංකාවේ බොහෝ දෙනෙක් තම ව්‍යාපාර කටයුතු online ක්‍රමයට සිදු කරයි .

මෙය Covid තත්වයෙන් පසුව වැඩි වීමක් පෙන්නුම් කරයි.

පාරිභෝගිකයන් ද මෙලෙස online භාණ්ඩ ගැනීමට කැමැත්තක් දක්වති.

කරුණු එසේ වුවද online ව්‍යවසායකයෙක් ලෙස ඔබ අවධානය දිය යුතු කරුණු කිහිපයක් ඇත, අද අප ඔබට ගෙන එන්නේ එම කරුණු පිළිබඳවයි.

 

01. online ක්‍රමයට විකුණුම් කිරීමේදී ශක්තිමත් පදනමක් අවශ්‍යයි.

 

මෙයින් අදහස් කෙරෙන්නේ digital ලෝකයේ ස්ථාවරයක් ගොඩ නාග ගත හැක්කේ නොකඩවා තම අනන්‍යතාවය තහවුරු කර ගැනීම තුලින් ය.

ඔබගේ සන්නාමය සහ ව්‍යාපාරයේ අනන්‍යතාවය ශක්තිමත් ලෙස online පවත්වාගෙන යැමට සතියට දෙවරක් වත් යම්කිසි අන්තර්ගතයක් (Content ) බෙදාගන්න.

මෙයින් අදහස් කෙරෙන්නේ ක්ෂණිකව අන්තර්ගතය වෙනස් වන ඩිගිටල් මාධය තුල ඔබේ පාරිභෝගිඔකයන් සමග සම්බන්ධ නොවුනොත් ඔබේ සන්නාමය ඔවුනට මතක වී යාමට ඇති ඉඩ කඩ වැඩිය.

එම නිසා ඔබ නොකඩවා තම සන්නාමය පිලිබදව නිරතුරුවම බෙදා ගන්න.

02. දැනට පවතින e -commerce වෙබ් අඩවි හරහා ඔබේ භාණ්ඩ විකිණීම.

 

එවිට ඔබට වැඩි පාරිභෝගිකයන් ලබා ගත හැකි වන අතර ඔබේ සන්නමයට ඔවුන්ගේ අවධානය දින ගැනීමට ඇති අවස්ථාද ඉතා බහුලය.

දැනට පවතින වෙබ් අඩවි වල විකිණීමේදී ඔබට online ගෙවීම් ද ඩිගිටල් ක්‍රමයට වැඩි ආයෝජනයක් නොමැතිව පහසුවෙන්ම කර ගත හැක.

 

03. තමන් විසින් නිර්මාණය කරගත් අන්තර්ගතයක් (content) සම විටම ඉදිරිපත් කිරීම.

 

අන්තර්ජාලයේ හෝ සමාජ මාධ්‍ය වල වැඩියෙන්ම ඉවහල් වන්නේ තමන් විසින්ම ගොඩ නගන ලද අන්තර්ගතයි ().

මෙයින් අදහස් වන්නේ ඔබ විසින් නිර්මාණ කරන ලද Facebook හෝ Instagram post හා video වැනි අන්තර්ගතයන්ය.

මෙය වැදගත් වන්නේ ඇයි ?

සමාජ මාධ්‍ය හා අන්තර්ජාලයේ තමන්ට අයිති නොවන අන්තර්ගතයන් භාවිතය හෝ share කිරීම නුසුදුසු ලෙස සැලකේ.

ඇයිද කිවහොත් කාතෘහිමිකම (copyright) සදහා වටිනාකමක් දී තිබෙන නිසා ය.

 

එම නිදස හැම විටම ඔබටම ආවේනික වූ ඔබේ සන්නමයට ගැලපෙන ඔබ විසින් නිර්මාණය කරලා ලද දේ පමණක් භාවිතා කරන්න.

04. නිතරම ඔබේ සමාජ මාධ්‍ය නිරීක්ෂණයට ලක් කරන්න.

 

Online ගනුදෙනු කිරීමේදී සයිබර් ප්‍රහාරයන්ට හා hacking වලට ගොදුරු විය හැක

එම නිසා ඔබ නොතරම තම වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය පිලිබදව සැලකිල්ලෙන් හා නිරීක්ෂණය කරමින් සිටින්න.

මීට අමතර ඔබට ලැබෙන පාරිභෝගික ප්‍රතිචාර නිර්ක්ෂණය කරමින් ඔවුන්ට අවශ්‍ය කුමක්දි විපරම් කර බලන්න.

 

 

Online ව්‍යාපාරය ගොද නාග ගැනීම පහසුවෙන් හැකි වුවද මෙම කරුණු පිලිබදව විමසිල්ලෙන් සිටින්න

 

ව්‍යාපාරික අදහස් ඇතිවන්නේ කොහොමද?

Leave a Comment

Your email address will not be published.