LP ගෑස් මිල වැඩි කිරීම පිරිවැය ආවරණය කිරීමට මිස ලාභ ඉපයීමට නොවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.

අත්‍යාවශය වෙළෙඳ භාණ්ඩයක්  වන LP  ගෑස් සඳහා  වෙළෙඳපොළ අවසාන මිල තීරණය වනුයේ  ගෝලීය බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවන මිල උච්චාවචනයට අනුවය .  ගෝලීය වශයෙන්, ඉල්ලුම සහ විනිමය  විෂමතා නිසා  LP ගෑස්  මිලෙහි  වෙනස්කම් සිදුවේ.   ලොව කාර්යක්ෂම සහ  මිල අඩු බලශක්ති ප්‍රභවයක් වන LP  ගෑස් මිල ගණන් වැඩිවීම එම ක්ෂේත්‍රයේ  අර්බුදකාරී වාතාවරණයක් මතු වන අතර එය වෙළෙඳපොළ  කෙරෙහි බලපානු ලැබේ.

 

කිලෝග්රෑම් 12.5 සිලින්ඩරයක පිරිවැය

 

ඔක්තෝම්බර්  2021
කිලෝග්රෑම් 12.5 සිලින්ඩරයක

පිරිවැය (රුපියල් )

මුළු පිරිවැයෙන් % ක් ලෙස
LPG ජාත්‍යන්තර මිල (CP) 2,021.12 75.5%
ප්‍රවාහන , රක්ෂණ සහ PAL 292.45 10.9%
මෙහෙයුම්/ ගබඩා /

සේවක වැටුප්/ ආරක්‍ෂක වියදම්

185.25 6.8%
බෙදාහැරීමේ සහ වෙළෙඳ ජාලයේ පිරිවැය 179.75 6.7%
සිලින්ඩරයක  මුළු පිරිවැය                                                          Rs: 2,675.00

 

80% ක වෙළඳපොළ  කොටසක්  සමඟ  මෙට්රික් ටොන් 8000 ක  ගබඩා පහසුකම්  සහ මෙට්රික් ටොන් 3000 ක  බෙදා හැරීමේ  හැකියාව සතු ලිට්රෝ ගෑස් සමාගම  අවම පිරිවැයක් තුල  මිල වාසිය පවත්වා ගෙන  යාමට හැකිවීම  පාරිභෝගික කටයුතු අධිකාරියේ පැසසුමටද ලක්වී ඇත. එමෙන්ම සමාගමේ   සම්පත්  කාර්යක්ෂමව  සහ  උපරිම ආකාරයෙන් ( පුර්ණ උපයෝජනය) භාවිතා කිරීම සහ මෙහෙයුම් පිරිවැය අවමව පවත්වා ගැනීම පිළිබඳව   දිගු කලක් තිස්සේ පිළිගැනීමට ලක්වී ඇත. තවද   මෙහෙයුම් පිරිවැය 6%ක් ලෙස  ස්ථාවර අගයක පවත්වා ගෙන යාම  සමාගමේ ප්‍රධාන මෙහෙයුම් ප්‍රතිලාභයක් ලෙසද පෙන්නුම් කරයි.

 

කිලෝග්රෑම් 12.5 සිලින්ඩරයක පිරිවැය

 

වසර කිලෝග්‍රෑම්  12.5 සිලින්ඩර

නැවත පිරවීම සඳහා උපරිම සිල්ලර මිල

වර්තමාන මිල ගණන්  (ඇ.ඩො.අනුපාතයට අනුව)
2011 2048.00 3480.18
2012 2396.00 3506.80
2013 2396.00 3767.24
2014 2146.00 3595.81
2015 1596.00 2271.36
2016 1321.00 1870.80
2017 1431.00 1807.76
2018 1733.00 1965.91
2019 1493.00 1899.67
2021 2675.00                –

 

වසරකට රුපියල් බිලියන 50 ක ආදායමක් උපයන රාජ්‍ය ආයතනයක් වන ලිට්රෝ  ගෑස් ලංකා සමාගම මේ දක්වා පාරිභෝගිකයන්හට අඛණ්ඩව සුවිශේෂී ආර්ථික ප්‍රතිලාභ ලෙස රුපියල් බිලියන 11 කට වඩා ලබා දී ඇත. මීට අමතරව රජයට බදු වශයෙන් රුපියල් බිලියන 34.5 ක් ද භාණ්ඩාගාරයට ලාභාංශ වශයෙන් රුපියල් බිලියන 13 ක් ද ගෙවා ඇත.

 

ශ්‍රී  ලංකාවේ LP ගෑස් ක්ෂේත්‍රය  පුළුල් කිරීම සඳහා බොහෝ අවස්ථා තිබෙන  බව ලිට්රෝ ගෑස් සමාගම විශ්වාස කරන අතර ඒ සඳහා  දැනටමත් රජයට සමාගම විසින්  පහත සඳහන්  යෝජනා ඉදිරිපත් කර තිබේ.

 

  1. හම්බන්තොට පිහිටි  Laugfs  පර්යන්තය කළමනාකරණ ගාස්තුවකට යටත්ව ලිට්රෝ ගෑස් සමාගම විසින්  ක්‍රියාත්මක කිරීම සහ එමඟින් මෙහෙයුම් පිරිවැය ආවරණය වන අතර එයින් උපයන ආදායම බැංකුවට  / භාණ්ඩාගාරයට ලබා දීම

 

  1. හම්බන්තොට Laugfs  පර්යන්තය  වසර 10 කට  දිගු කාලීන බදු පදනම මත ලිට්රෝ ගෑස් සමාගමට බදු දීම

 

  1. හම්බන්තොට ලාෆ්ස් පර්යන්තය  100% ක්ම  ආයෝජක  එකමුතුවක්  හරහා ලිට්රෝ ගෑස් සමාගම මිලදී ගැනීම.

 

මෙම යෝජනා මඟින් ශ්‍රී ලංකාවේ LP ගෑස්   ක්ෂේත්‍රය  පුළුල් වන අතර එමඟින් පාරිභෝගිකයින්ට වඩාත් දැරිය හැකි මිලකට  ගෑස්  ලබා දිය හැකි බව  සමාගම විශ්වාස කරයි.

 

සැපයුමට අවශ්‍ය  ඉල්ලුම සපුරාලීමට  අවශ්‍ය නම් අමතර වියදමකින් තොරව මෙට්‍රික් ටොන් 40,000 දක්වා ගබඩා කළ හැකි පාවෙන LP  ගෑස්  ගබඩාවක් භාවිතා කළ හැකි බවද සමාගම තවදුරටත් පවසයි.

 

බලශක්ති ක්ෂේත්‍රයේ  ප්‍රවීනයන් පෙන්වා  දෙන්නේ හම්බන්තොට පිහිටි Laugfs  සතු විශාල LPG  පර්යන්තය  සඳහා  ඇප නොමැතිව රාජ්‍ය  බැංකු  වලින් ලබා ගත් රුපියල් බිලියන 40 ක ණය බර  ලිහිල් කිරීමට සැලසුම් කර ඇති බවයි. මෙම ණය  රජය සතු  සමස්ත බැංකු ක්ෂේත්‍රයට මෙන්ම  ආර්ථිකයටද  බලපෑමක් ඇතිවිය හැකි බව  ඔවුන් පවසති.  Laugfs   LPG  පර්යන්තය  කිසිදු ආයෝජන වටිනාකමක් නොමැති  වත්කමක් ලෙස ජාත්‍යන්තරය  සලකන  අතර  පුද්ගලික ආයතනයක් වන එම  සමාගම  කාර්යක්ෂම  නොවන ක්‍රියාවලියක් හේතුවෙන්  පාඩු ලබමින්  පවත්වා ගෙන යන අතර කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක් සඳහා  රුපියල් 2840 ක මිලක්ද  අය කරනු ලැබේ.

 

ප්‍රජාව කේන්ද්‍ර කරගත් ආයතනයක්  වන  ලිට්රෝ ගෑස්   සමාගම   බලශක්ති කෂේත්‍රයේ ප්‍රමුඛයා  ලෙස

විශේෂ  කාර්යභාරයක් ඉටු කරයි. වසර ගණනාවක් පුරාවටම, මිල ඉහල යාම  සහ  වෙළෙඳපොළ උච්චාවචනයන් තුලද  පාරිභෝගිකයින්ට  වටිනාකම් ලබා දීම සඳහා  සමාගම සැමවිටම කටයුතු කර ඇත.  උදාහරණයක් ලෙස, 2013 වසරේදී  ඇමෙරිකානු ඩොලර්  1ක්  රුපියල් 160.00 ට තිබු අවස්ථාවේ   12.5 සිලින්ඩරය රුපියල් 2300.00 ක මිලකට  අළෙවි කර ඇත.  එබැවින් වර්තමාන මිල වැඩි කිරීම  අපගේ පිරිවැය  ආවරණය කිරීමට මිස ලාභ ලබා ගැනීමට නොවන බවත් ජාතික LP ගෑස්  සැපයුම්කරු ලෙස ලාංකීය ජනතාවගේ  බලශක්ති අවශ්‍යතාවය  ඉටු කිරීමට  අපි වගකීමෙන් යුක්තව  ක්‍රියා කරන බව  ලිට්රෝ ගෑස්  සමාගම පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *