IOT කියන්නේ මොකක්ද? මෙය ව්‍යාපාරයේ වර්ධනයට බලපානවාද?

IOT යනු Internet of things නැත්නම් සිංහලෙන් මෙය අන්තර්ජාලය භාවිත කරන්න පුළුවන් ඩිජිටල් තාක්ෂණ මෙවලම් හෝ උපකරණ යනුවෙන් හදුන්වන්න පුළුවන්.
මෙම IOT උපකරණ යනු මොටෝර් රථයේ සිට ස්මාර්ට් නිවාස, ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍ර, නවීන ශීතකරණ ඇතුළු සියලු උපකරණ බලගන්වන අතර,දත්ත/තොරතුරු හුවමාරු කර ගැනීමට හෝ තොරතුරු යැවීමට හැකියාව ඇති තාක්ෂණික මෙවලම් වේ.


ව්‍යාපාරයක් වර්ධනය කර ගැනීමට මෙය බලපානවාද?


ඔව්.ක්‍රම ගොඩකට මෙය උපකාරී කර ගන්න පුළුවන්.

දවසින් දවස වැඩි වෙන නව ව්‍යවසායකයන හට මෙම IOT උපාංග භාවිතයෙන් නවීන අදහස් ව්‍යාපාරයකට හරවා ගැනීම හා නව නිෂ්පාදන වලට ගොඩ නැගීම කල හැකිය.
කොහොමද මේ IOT, ව්‍යාපාරයක මෙහෙයවීමට උදව් කරන්නේ කියල මෙම ලිපිය කියවා දැනගන්න ඔබට පුළුවන්.

1.IOT මෙවලම් ඔබගේ ව්‍යාපාරය වර්ධනයට දායක කර ගත හැකිය.

ව්‍යාපාරයකට අන්තර්ජාලය සම්බන්ධ කරගත හැකි තාක්ෂණික උපාංග භාවිත කිරීම ව්‍යාපාරයේ අනාගතයට ඍජුව බලපාන සාධකයක් වේ. මෙයින් ව්‍යාපාරයේ පාරිභෝගික අදහස්, නව තොරතුරු ඇතුලත් කිරීම් (Register) වැනි දේවල් මෙන්ම නව පාරිභෝගික ප්‍රවණතා හදුනා ගැනීමට ඒවා සපුරා දෙමටත් මෙම IOT උපාංග භාවිත කල හැක.
එය ගැනුම්කරුගේ හැසිරීම තේරුම් ගැනීම තරම් සරල විය හැකි අතර, නැතහොත් එය ගැනුම්කරුගේ තීරණ විශ්ලේෂණය කිරීම තරම් සංකීර්ණ විය හැකිය. කොහොම නමුත් IOT යනු අනාගතය සඳහා ඉදිරි මාවත ලෙස ඔබේ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීමට හොඳ ක්‍රමයකි.

2.IOT වල ඉදිරි අනාගතය කෙසේ වේවිද?

මෙම වසර වන විට අන්තර්ජාලය හරහා සම්බන්ධිත දේවල් බිලියන 25 ක් වනු ඇතැයි අනුමාන කර ඇත.මේවා ඕනෑම ආකාරයකින් පැමිණිය හැක. – ස්මාර්ට් කාර්, පැළඳිය හැකි උපකරණ, උපාංග, ස්මාර්ට් සිල්ලර වෙළඳසැල් සහ ස්මාර්ට් උපකරණ වැනි දේවල් මේවට උදාහරණ ලෙස පෙන්විය හැක.
සියලු දේ එකිනෙකට සම්බන්ධ වීම තුලින් පරිබෝගිකයන්ගේ පහසුව සැලසෙන අතර, නව දැනුම ලබා ගැනීමටත් එහි ප්‍රවීනයෙකු බවට පත් වීමටත් වීමටත් මෙයින් අවස්ථාව සැලසේ.
මිනිසුන් සහ යන්ත්‍රයන් හෝ උපාංගයන් අතර ගලා යා හැකි තොරතුරු තවදුරටත් විද්‍යා ප්‍රබන්ධ නොවේ. ඒවා දැන් සැබෑ ලෙස අත්දැකිය හැක. අද වනවිට IOT උපකරණ තුලින් ස්මාර්ට් බෙහෙත් පෙති තුලින් ස්මාර්ට් නිවෙස් දක්වාද, තාක්ෂණිය දියුණු වේ තිබේ. මේවයින් නිවැරදි තීරණ ගැනීමට නිවැරදි, නිරවුල් තොරතුරු ලබා දේ.

3.නව පරපුරේ ව්‍යවසායකයින් IOT උපාංග පිළිබඳ දක්ෂයින් වේ.

IOT උපාංග ගැන ඔබ දැනුවත් නම් ඔබට එම දැනුම එම ක්ෂේත්‍රයේ ඇති ව්‍යාපාර වල දියුණුවට යොදා ගත හැකිය.
IOT ව්‍යාපාරයක් ගොඩ නැගීම යනු ආදී තාක්ෂණික සංවේදක උපාංග සමග වැඩ කිරීම හා ඒවා තුලින් තොරතුරු/දත්ත ලබා ගෙන ඒවා වෙනත් උපාංග සක්‍රිය කිරීමට යොදා ගැනීම වේ. මෙම ක්‍රියාවලිය තුලින් නව ව්‍යාපාරික අදහස් අවධි කල හැකි අතර ඒවා ලාභ උපයන වාසි සහගත ව්‍යාපාරික අවස්ථා බවට පරිවර්තනය කල හැකිය. විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර වලට IOT
උපාංග ස්ථාපිත කිරීම මගින් ව්‍යාපාරයේ වර්ධනයට සැලැස්මක් හා ව්‍යාපාරය පුළුල් කිරීමට පහසුවක් වේ.

4.ව්‍යවසායකයින්ට ඇති ප්‍රතිලාභ මොනවාද?

IOT උපකරණ මගින් දුරස්ථව සිටියත් ඒ හරහා ව්‍යාපාරය සමග සම්බන්ධ විය හැක. එමගින් කාලීන දත්ත හා තොරතුලු ලබා ගැනීමට හැකි වේ. එමෙන්ම මෙමගින් විශාල තොරතුරු ප්‍රමාණයක්, පිළිවෙලට පෙළගස්වා, කුඩා ප්‍රමාණයකට දත්ත පෙළගස්ව ගැනීමටත් හැකිය. ඒ තුලින් පාරිභෝගිකයන්ගේ වෙනස්කම්, හැසිරීම් නිරික්ෂනයටත්, කල් තියා ඒවා දැනගැනීමටත් සැලසුමක් තුලින් ඔවුන් හට ඔවුන්ගේ අවශ්‍යත්වයන්ට සරිලන තෘප්තිමත් හා කඩිනම් සේවාවක් ලබා දීමටත් හැකිය.

5.IOT – අධි සම්බන්ධතාවය ( Hyper Connectivity)

පැළඳිය හැකි ස්මාර්ට් උපාංග තුලින් සේවකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සේවාවන් වර්ධනයටත් එමගින් cloud සේවාවන්ට (cloud services ) සම්බන්ධ වී ආරක්ෂාව හා ක්‍රියාකාරිත්වය දියුණු කිරීම කල හැක. ස්මාර්ට් මොටෝර් රථ භාවිතය තුලින් ව්‍යවසායකයන්ට හා ව්‍යාපාර වලට අධි සම්බන්ධතාවය හරහා සියලු ප්‍රතිලාභ ලබා ගත හැකිය.
ඔබේ ව්‍යාපාරය දන්නවා නම් ඔබේ පාරිභෝගිකයන්ට අවශ්‍ය මොන ආකාරයේ සේවාවක්ද කියා, එය ව්‍යාපාරයට නිවැරදි තීරණ ගැනීමට උපකාරී වේ. එයින් වඩාත් සාර්ථක හා ඵලදායීව ව්‍යපාරය ගොඩ නැගීමට හැකිය.

එසේ නම් ඔබත් නව සංකල්ප තුලින් ව්‍යාපාරය දියුණු කිරීමට කැමැත්තෙන් සිටින ව්‍යවසායකයෙකු නම් IOT උපාංග භාවිත කිරීම ගැන සිතා බලන්න.

මෙවැනි තවත් ලිපි කිවන්න vyapara.lk සමග එකතු වන්න.https://sinhala.vyapara.lk/2021/02/19/%e0%b6%94%e0%b6%b6-%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%ad-%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/

Leave a Comment

Your email address will not be published. Required fields are marked *