Digital – Online Marketing ගැන ඔබ දැනගත යුත්තේ මොනවාද?

Digital – Online Marketing පිළිබදව බොහෝ දෙනා කතා වුවත් බොහෝ දෙනා මෙය පිළිබදව හරියාකාරව නොදනී. අද අපිට ව්‍යාපාරික ලෝකය පවත්වාගෙන යාමට අවශ්‍ය Digital – Online Marketing අපහසු නොවුනත් ඔබට මේ සම්බන්දව යම්කිසි අවබෝදයක් තිබිය යුතුය. බොහෝ අය විවිධ මත පළ කරත් ව්‍යවසායකයින්ට දැනුම ගෙන එන අප මේ පිළිබදව මෙසේ පැහැදිලි කිරීමක් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  1. සමාජ මාධ්‍ය හරහා පමණක් වෙළදාම් කිරීම Online Marketing නොවේ
    බොහෝ දෙනා සමාජ මාධ්‍ය භාවිතා කරමින් තම ව්‍යාපාරික කටයුතු පුළුල් කරගැනීමට පෙළබී ඇත. Facebook, Instagram හරහා බොහෝ දෙනා මෙය සිදු කරනු ලබයි. නමුත් මෙයම පමණක් Digital – Online Marketing ලෙස අප‍ට හැදින්විය නොහැකිය. ඔබේ ව්‍යාපාරයට වෙබ් අඩවියක්ද තිබිය යුතුය. සමාජ මාධ්‍ය ජාල හරහා සිදුවන ප්‍රචාරණයට වඩා වැඩි ප්‍රචාරණයක් ඔබට වෙබ් අඩවියක් තුලින් සිදු කරගත හැකිය.
  2. Online Marketing සදහා ව්‍යාපාර ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න
    ඔබට මේ සදහා සමාජ මාධ්‍ය භාවිතා කළ හැකිය. ඔබේ ව්‍යාපාරයේ විස්තර, භාණ්ඩ මිල ගණන්, සැපයෙන සේවා පිළිබදව මනා විස්තරයක් ඔබට ඔබගේ වෙබ් අඩවිය තුළින්ම පාරිභෝගිකයාට දැනගන්නට සලස්වන්නට හැකියාව ඇත.
  3. නිර්මාණශීලි වන්න
    ඔබගේ වෙබ් අඩවිය හා ඔබගේ සමාජ මාධ්‍ය ජාල තුළ පාරිභෝගිකයා ඔබගේ ව්‍යාපාරය වෙත ආකර්ෂණය කරගත හැකි අයුරින් නිර්මාණශීලි සරල දේ ඉදිරිපත් කරන්න වගබලා ගන්න.
  4. Digital – Online Marketing ඕනෑම කෙනෙකුට සිදු කළ හැකිය
    මෙය සුවිශේෂී දෙයක් නොවේ. ඔබට අවශ්‍ය වන්නේ සමාජ මාධ්‍ය පිලිබදව යම්කිසි අවබෝදයක් පමණි. ඔබ සිදු කළ යුත්තේ නිර්මාණශීලි හා සරලව ඔබ ඉදිරිපත් කරන දෙය සිදු කිරීමයි. පාරිභෝගිකයාගේ අවශ්‍යතා හදුනා ගෙන ඊට අවශ්‍ය පරිදි සේවා ලබා දීම තුළින් ඔබට ඔබේ ව්‍යාපාරය වෙත පාරිභෝගිකයන් රදවා තබා ගත හැකිය.

ඔබත් ව්‍යවසායකයෙකු නම්, ව්‍යවසායක දැනුම ලබා ගැනීමට අපගේ අනිත් ලිපි කියවන්න

Leave a Comment

Your email address will not be published. Required fields are marked *