Covid 19 තත්වය යටතේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොතනින්ද?

පෙර සැලසුම් කළ පරිදි ඔබට ඔබගේ දෛනික ව්‍යාපාර කටයුතු සිදු කරගැනීමට හැකියාවක් නොමැති වන්නට පුළුවන. නමුත් තත්වයට ගැළපෙන පරිදි ඔබේ කටයුතු වෙනස් කරගැනීමට ඔබට හැකියාවක් ඇත. එලෙස වෙනස් වන්නේ කෙසේද කියා අපි අද බලමු .

1.ඔබේ පාරිභෝගිකයන්ගේ නිවෙසටම ගොස් අළෙවි කිරීම
Delivery ක්‍රමය ඔස්සේ දැන් ඔබට ඔබගේ පාරිභෝගිකයාගේ නිවසටම ඔබගේ භාණ්ඩ අළෙවි කිරීමේ හැකියාව ඇත. ඔබේ පාරිභෝගිකයන් සමග දුරකථනය මගින් සම්බන්ද වී ඔවුන්ට අවශ්‍ය දේවල් ඔබට ලබාදීමට පුළුවන. මෙම ක්‍රමය ඔස්සේ ගණුදෙනු කිරීමෙන් ඔබට ඔබගේ ව්‍යාපාර කටයුතු ශක්තිමත් කරගැනීමට හැකිය.2.

2.Online ක්‍රමයට මුදල් ගෙවීමේ පහසුකම් සැපයීම
මුදල් භාවිතා කිරීම තරමක් අවධානම් තත්වයක තිබෙන මේ මොහොතේ ආරක්ෂාව හා පහසුව යන දෙකම පිළිබදව සැලකිල්ලට ගනිමින් ඔබේ පාරිභෝගිකයන්ට Online ක්‍රමයට මුදල් ගෙවීම් පහසුකම් සැලසීමට ඔබටත් පුළුවන. Payhere වැනි සේවාවන් හා බැංකු මගින් සපයා දී ඇති අදාළ ඇප් හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමට හැකිය.

3.පාරිභෝගිකයන් සමග හොද සන්නිවේදනයක් තබා ගන්න
ඔබේ පාරිභෝගික පිරිස සමග හොද සන්නිවේදනයක් තබා ගැනීම ඔබට බෙහෙවින්ම වැදගත් වනු ඇත. ඔබට සිටි පාරිභෝගික පිරිස ගැන මෙන්ම අලුත් පාරිභෝගික පිරිස සමගද ඔබට මෙවැනි සම්බන්දතාවයක් තිබීම වැදගත් වනු නිසැකය.

4.වෙබ් අඩවියක් පවත්වාගෙන යාම
ඔබේ භාණ්ඩ හා සේවා පිළිබදව පාරිභෝගිකයා දැනුවත් කිරීමට ඔබට මෙය මහත් රුකුලක් වනු ඇත. ඔබේම වෙබ් අඩවියක් ඔස්සේ ඔබේ ව්‍යාපාරයේ විස්තර පාරිභෝගිකයාට දැනගැනීමට අවස්තාව එමගින් හිමිවේ. ඔබේ ව්‍යාපාරයේ වෙබ් අඩවිය vyapara.lk තුලින් දැන් ලබාගත හැකිය. වැඩි විස්තර සදහා Inbox මගින් අපව අමතන්න

Leave a Comment

Your email address will not be published. Required fields are marked *