Covid-19 තත්වය යටතේ ඹබේ රැකියාව අහිමි වුනාද? ඹබටත් දැන් ව්‍යවසායකයෙක් වෙන්න පුලුවන්.

ලෝකයේ පැතිරි  තිබෙන covid-19 වසංගත තත්වය යටතේ  දැනට බොහෝ දෙනෙකුගේ රැකියා අහිම් වී ඇති අතර නව රැකියා අවස්ථා බොහෝමයක් ද ගිලිහි ගොස් ඇත. මෙම තත්වය බොහෝ රැකියා ක්ෂේත්‍ර වලට බලපා ඇත.

එහෙත් ඔවුන්ට සියලු දේ නැති වී නොමැති බව අප විශ්වාස කරන්නෙමු. මන්දයත් ව්‍යවසායකයෙක් වීමේ හැකියාව ඔවුනට තවමත් විවරව පවතින නිසා.

ව්‍යවසයකයෙක් වන්නේ කොහොමද?

ව්‍යවසායකයෙක් වීමට වැදගත් වන්නේ ඔබ‍ට ඇති හැකියාව සහ එම හැකියාව ව්‍යාපාර අවස්ථාවක් ලෙස හරවා ගැනීමට ඇති ඉඩකඩයි. එනම් අද අප ඔබ‍ වෙතට ගෙන ඒන්නේ ඔබගේ ජීවිතය වෙනස් කිරීමටත් ඔබට ව්‍යවසයකයෙක් වීමටත් අවස්ථාව ලබා දෙමිනි.

01. ඔබ‍ට තිබෙන හැකියාවන් මොනවද?

අප අතර සිටින බොහෝ දෙනාට තමන්ටම ආවේනික වූ හැකියාවන් පවතී.

එය ඍජුවම ඔබේ සහජ හැකියාවක් වන්නට පුළුවන් නැතහොත් එයා ඔබ ඔබේගේ රැකියා පළපුරුද්දෙන් හා අත්දැකීම් වලින් ඔබ‍ සතු කරගත් හැකියාවක්‌ වන්නට පුළුවන්.

අප උදාහරණයක් වශයෙන් ගත් විට,

ඔබ මින් පෙර කාර්මික ක්ෂේත්‍රයේ රැකියාවක්‌ කල පුද්ගලයෙක් නම්, ඔබ‍ට එම ක්ෂේත්‍රයේ සිදුවීමට  ඉඩ ඇති කාර්මික දෝෂ හා එය නිවැරදි කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවද මනා අවබෝදයක්  තිබිය හැක.

හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නියෙලුනු පුද්ගලයෙක් නම් ඔබ‍ට විවිධ සූපවේද ක්‍රමයන් පිලිබදව ඔබ‍ට දැනුමක් තිබෙන්නට පුළුවන්.

ව්‍යාපාරික පරිසරය තුල මෙය පුද්ගල විශේෂීකරණය ලෙස හදුන්වනු ලැබේ. මෙවැනි දැනුමක් ඔබ සතුව පවතී නම්, නව තාක්ෂණය යොදා ගනිමින් අද සමාජයට හා නවීන පන්නයට ගැලපෙන අයුරින් ඔබ‍ට ඔබගේ ව්‍යාපාරය ඔබගේ දැනුම මත ගොඩනගා ගැනීමට හැකියාව පවති.

මෙයා පිලිබදව ඔබ සිතා බැලිය යුතුයි.

02.  අදහසක් පමණක් ප්‍රමාණවත් නොවේ, ඔබ‍ට සැලැස්මක්ද තිබිය යුතුයි.

අපි දන්නවා අප බොහෝ දෙනෙක්ට විවිධ අදහස් පහල වුවද එවා සාර්ථක ක්‍රමවේදයන් මගින් ඉෂ්ට කර ගැනීමට තිබෙන ඉඩකඩ හෝ හැකියාව අවම මට්ටමක පවතී.

එම නිසා ඔබ‍ට වැදගත් වන්නේ ඔබගේ ව්‍යාපාර සදහා අදහසක් පමණක් නොව එ සදහා සැලැස්මක් ද ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

අප පෙර ලිපි වලදීද මේ බව සදාහක් කර තිබෙනවා.

මෙම සැලැස්මට අනුගත විය යුත්තේ

  • ඔබගේ ව්‍යාපාරයේ අරමුණ
  • එහි අනුගත කරුණු
  • කව්රුන් සදහාද ඔබ සේවය සපයන්නේ
  • ඒ සදහා අවශ්‍ය සම්පත් පදනම

වැනි අංග රැසක් ආවරණය වන ලෙස ඔබ ඔබගේ ව්‍යාපාර සැලැස්ම සාදා ගත යුතුයි.

එම සැලැස්ම මත ඔබගේ ව්‍යාපාරය ආරම්භ කිරීම සුදුසුය. මන්ද සැලැස්මක් නොමැතිව ආරම්භ කරන ව්‍යාපාරය සාර්ථක වීමට ඇති ඉඩකඩ ඉතා අවමය.

03. ඔබගේ හැකියාව සැලැස්මක් පමණක්‌ නොව අකණ්ඩව  පවත්වාගෙන යාමේ හැකියාව වැදගත්ය.

කුමක්ද මේ අකණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව?

ඇතැම් ව්‍යාපාර ආරම්භ කර කෙටි කාලයක් පවත්වාගෙන ගොස් පසුව එය අත හැර දමනවා

ඔබගේ ව්‍යපරයටටත් එම තත්වයට මුහුණ දීමේ අවස්ථාවක් ඇති නොකර,

ඔබගේ ව්‍යපරය නිසි ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකසාගනිමින් ඔබ සැපයීමට බලාපොරොත්තු වන භාණ්ඩය හෝ සේවාව අඛණ්ඩව පවත්වාගැනීමට අවශ්‍ය සියලු දේ ඔබ විසින් එකතු කරගත යුතුයි.

එ සදහා යම්කිසි වෑයමක් දරමින් අවශ්‍ය සම්පත් යොදා ගනිමින් ඔබ විසින් සැලසුමක් ඇති කරගත යුතු වේ.

ඒ සදහා පෙර සැලසුමක් අවශ්‍ය වේ. ඉතා හොදින් සිතා බලා එකතු කරගතයුතු දත්ත මෙන්ම සම්පත් ද තිබේ. ඒ පිලිබදව මනා ලෙස සිතා බලා අවශ්‍ය පියවර ගත යුතු වේ.

04. ඔබගේ පාරිභෝගොකයන් කවුද? ඔවුන් සිටින්නේ කොහේද? ඔවුනට ඔබ මෙම සේවාව හෝ භාණ්ඩය කෙසේද සපයන්නේ?

අද තාක්ෂනය අපට බොහෝ දේ පහසු කාර්යයක් කර දි තිබෙනවා.

විශේෂයෙන්ම පාරිභෝගිකයන්ට හදුනා ගැනීම,ඔවුනට නිසි ලෙස සේවා සැපයීම ආදී කාර්යයන් රැසක් අද අපට තාක්ෂනය මගින් ලබා දීමට පුළුවන්.

නමුත් ඔබ එ පිලිබදව මනා විශ්ලේෂණයක් කරමින්, ඔබගේ පාරිභෝගිකයන් සිටින්නේ කොහෙද, ඔවුන් සොයාගන්නේ කොහොමද, ඔවුන්ට යොමු වන්නේ කෙසේද යන්න සොයා බලා පරිභෝගිකයා පිලිබදව මනා සිතාබලමින්,

ඔබේ පාරිභෝගිකයාට අවශ්‍ය සේවාවන් නිසි ලෙස සැපයීමට අවශ්‍ය පසුබිම හා වාතාවරණය ඔබේ ව්‍යාපාරය තුලට ඇතුලත් කර ගැනීම ඉතා වැදගත්ය.

05. ඔබගේ ව්‍යාපාරය පිටතින් ඇති අවස්ථා හා බාදක මොනවද?

සෑම ව්‍යාපාරයක්ම තමන්ට ඇතුලතයෙන් ඇති සුවිශේෂී දක්ෂතා හා දුර්වලතා මෙන්ම ව්‍යාපාරයට පිටතින් ඇති අවස්ථා හා තර්ජන හදුනා ගැනීම ඉතා වැදගත්ය. මෙයා ව්‍යාපාර පරිසරයේ SWOT Analysis ලෙස හදුන්වනු ලැබේ.

ඔබේ ව්‍යපරටයට ඇති තර්ජනය හදුනා ගෙන එය මගහරවා ගැනීම සදහා කටයුතු කිරීම හා නව ව්‍යාපාර අවස්ථා හදුනා ගෙන ඒ මගින් ව්‍යාපාරය දියුණු කිරීමද ඉතා වැදගත් ය.

මෙහ් සියල්ල තුලින් අප බලාපොරොත්තු වන්නේ ඔබ‍ට ව්‍යවසයකයෙක් වීම සදහා අවශ්‍ය දැනුම ලබා දීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *