COVID-19 තත්වය තුල රට වසා තිබු කාලයේ අත්‍යවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා වසරක් සපිරේ.

මීට වසරකට පෙර, COVID-19 තත්වය තුල රට පළමු වරට වසා දැමු අවස්ථාවේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීම රජයට මෙන්ම සැපයුම්කරුවන්ට මහත් අභියෝගාත්මක කාර්යයක් විය.

මෙම අභියෝගාත්මක කර්තවය නිසි ලෙස සිදුකිරීමට බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටු වූ අතර ඒ හරහා මහජනතාවට එදිනෙදා අවශ්‍ය වන භාණ්ඩ හා සේවාවන් කඩිනමින් සැපයීමේ මෙහෙයුම් දියත් කරන ලදී.


ජනාධිපති කාර්ය සාධක බලකායේ මඟ පෙන්වීම යටතේ නිෂ්පාදන හා සේවාවන් මහජනතාවට ලබා දීමේ අභියෝගය භාරගත් ආයතන අතර ලිට්රෝ ගෑස් ලංකා සමාගමද සිය ජාතික වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට දායකවී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි අනිල් කොස්වත්ත මහතා පවසා සිටියේ මෙම කාර්යය ඉතා සංකීර්ණ වුවත් අපගේ ආයතනික ශක්තිය හා සේවකයින්ගේ සුවිශේෂි දායකත්වය නිසා එය නිසි ලෙස කළමනාකරණය කිරීමට හැකි වූ බවයි.


2020 වසරේ මාර්තු මස 20 වන දින මේ සඳහා විශේෂ රැස්වීමක් පැවැත්වූ අතර එදින සිට නැවත රට විවෘත කරන තෙක්ම බාධාවකින් තොරව සිය සැපයුම් දාමය නිසි ලෙස පවත්වා ගෙන යාමට මේ හා සම්බන්ධවූ සියලුම පාර්ශවකරුවන් ඉතාමත් වගකිමෙන් කටයුතු කර ඇත.

“අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ගරු අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීමට අනුව සෑම පාර්ශවකරුවෙකුටම සිය සැපයුම් නිසි ලෙස සිදු කිරීමට හැකිවුනා. මෙම වසංගත තත්වය යටතේ මීට පෙර සිදු නොකළ කාර්යයක් ඉටු කිරීමට අපට හැකි වූ බව කොස්වත්ත මහතා අවධාරණය කළේය”.


මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී සෑම අත්‍යවශය සේවා සපයන ආයතනයක්ම COVID-19 සඳහා වූ සෞඛ්‍ය හා ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කලයුතු විය. එමෙන්ම සේවකයින් සහ සැපයුම්කරුවන් එකට සම්බන්ධ වන මෙම අවස්ථාවේ එකිනෙකාගේ සෞඛය ආරක්ෂාව පවත්වා ගැනීම ප්‍රධාන වගකීම වූ අතර ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ලබා දුන් සැලසුම් සහ පැහැදිලි මඟ පෙන්වීම තුල මහජනතාවට අඛණ්ඩ සේවාවක් පවත්වාගෙන යාමට හැකිවිය.


සෑම අභියෝගයකදීම මෙන්ම , COVID-19 වසංගත තත්වය තුල රට වසා තිබු කාලයේදීද නව අත්දැකීම් හඳුන්වා දුන්නේය. එනම් නවයකරණයට හා තාක්ෂණය සඳහා ජනතාව වැඩිපුර යොමුවීමයි. මෙහිදී අතයාවශ්‍ය භාණ්ඩ හා සේවාවන් පහසුවෙන් ලබා ගැනීමට නව යෙදුම් (App) හදුන්වා දීම, ගෙවීම් කටයුතු සඳහා මුදල් භාවිතය අවම කර හර හා බැර කාඩ්පත් (credit/ debit card) උපයෝගී කර ගැනීම මෙන්ම හා අන්තර් ජාලය හරහා මිලදී ගැනීමට වැඩිපුර යොමුවීම දක්නට ලැබිණ.


වඩාත් අසීරු අවස්ථාවක සෞඛය හා ආරක්ෂණය සඳහා වූ දැඩි කොදේසි යටතේ ජාතික වගකීමක් ඉටුකිරීම තුලින් මහඟු අත්දැකීම් ලබා ගත් අතර, මේ සඳහා සම්බන්ධවූ සෑම පාර්ශවකරුවෙකුගේම පෙර සූදානම සහ කැපවීම පරීක්ෂාකළ අසීරු මෙහෙයුමක් ලෙසද එය හැඳින්විය හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *