අද වන විට ලෝකයේ bit coin වැනි crypto මුදල් විශාල ලෙස භාවිතා වේ. ව්යාවසයකයන් ලෙස crypto මුදල් වලින් කරන ගෙවීම් ශ්‍රී ලංකාවේ පිළිගැනීමට හැකි ද යන පිලිබදව අද අප ඔබට විස්තර ගෙන එන්නෙමු.
මෙම ක්‍රමවේදය අද වන විට විශාල ලෙස ලොව පුර භාවිතා වුවද එය ශ්‍රී ලංකාවේ භාවිතය පිලිබදව ගැටළු සහගත තත්වයක් පවතී.
සංචාරක ව්‍යාපරයේ හා ලෝකයේ වෙනත් ව්‍යාපාර සමග ගනුදෙනු කරන ව්‍යාවසායකයන්ට crypto මුදල් භාවිතය වැදගත් වන්නේ සැමවිටම එවන් මුදල් ඔවුන්ට ගනුදෙනු කිරීමට හැකියාව ඔවුනට ලැබෙන බැවින් ය
01 crypto මුදල් ගනුදෙනු ශ්‍රී ලංකාවේ කල හැකිද?
ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අනුමත නොකලද ලෝකය පුර භාවිතා වන crypto මුදල් ශ්‍රී ලංකාවේද භාවිතා කල හැක. නමුත් බැංකු පද්ධතිය විසින් එවැනි ගනු දෙනු පිලිබදව වග කියන්නේ නැත.
නමුත් එවන් ගනුදෙනු සිදී කිරීමට හෝ එවන් ගනුදෙනුවක් මගින් ගෙවීමේ හැකියාව ඔබට ඇත.
ඔබ මතක තබා ගත යුත්තු crypto ගෙවීම් යනු සථාපිත බැංකු පද්ධතියෙන් ඉටු නොකෙරෙන ගනුදෙනුවක් බැවින් එහි අවධානමක් ඇති බව ය
02. Crypto මුදල් ගනුදෙනු කිරීමට විශේෂ දැනුමක් අවශ්‍යද?
විශේෂ දැනුමක් මෙහ සදහා අවශ්‍ය නොවුව ද එහි ස්වභාවය. එහි ඇති අනාරක්ෂිතභාවය මෙන්ම ඒ සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම ඔබ තුල ඇති විය යුතු ය.
මීට අමතරව අන්තර්ජාලයේම මෙඉ පිළිබද දැනුමක් ලබා ගත හැක.
03. කුමන සේවා සදහා ඔබට crypto මුදල් ලබා ගත හැක ද?
ඕනෑම සේවාවක් සදහා ඔබට crypto මුදල් ලබා ගත හැකිය. නමුත් ඔබ එය ලබා ගන්නේ කාගෙන්ද ඔයුන් පිලිබදව හා ඔවුන්ගේ අන්යෝන්යතාවය පිලිබදව ඔබට අදහසක් තිබිය යුතු ය.
විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ ගනුදෙනු crypto මුදල් හරහා සිදු කිරීම බොහෝ විට සිදු වේ.
04. crypto මුදක් වල ඉදිරි ගමන කෙසේ වේද?
ඔබ දැනගත යුත්තේ අන්තර්ජාලය මත පදනම් වූ සේවා සහ ක්රමවීදයන් ඉදිරි කාලය තුල දී සුවිශේෂී වර්නධයකට ලක් වන බව ය .
අත්පිට මුදල් වෙනුවට digital ගෙවීම් හා crypto ගෙවීනම් ඉදිරි කාලය තුල විශාල ලෙස වර්නධ ය වන බව විශේෂන්යයෝ මත පල කරති.
ඔබ crypto මුදක් ගැන දන ගැනීම අදම ආරම්භ කරන්න.