දිරිය ව්‍යවසායකයෙක් ඉදිරියට – BAYO FOODS

කිරිමාමා සංකල්පය බලගන්වමින් දියර කිරි ව්‍යාපාරයක් BAYO FOODS නමින් ආරම්භ කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිදාරී (B.Sc Agri Peradeniya) චුමිත් උදයංග විතානගේ මහතා සමත් වී ඇත.

අද වන විට පිටිකිරි භාවිතයට හුරුව සිටින ජනතාවට ඊට වඩා ගුණදායක දේ ලබා දීමට ඔහු විසින් ආරම්භ කොට තිබෙන මෙම වැඩපිළිවෙල අපි ඉහළින්ම අගය කරන්නෙමු. පිටිකිරි වලින් දියර කිරි වලට මාරු වීමට ඔබට දැන් වටිනා අවස්තාවක් ලැබී ඇත. ගුණයෙන් මෙන්ම මිලෙන්ද ඔබට සාධාරණයක් ඔහු ඉටුකර ඇත.

“කිරි මාමා” සංකල්පය නැවතත්…

ස්වයංපෝෂිත ගැමි ආර්ථිකයක් කරා නැවත පිය නගමු…..”Lets go back to basics”

  1. මොකක්ද BAYO කියන්නේ?

“BAYO” කියන්නෙ Functional Food & Beverage Factory කියන ආයතනයේ වෙළඳ සන්නාමය. නො 238a, ඕවිටියාගල පාර, මුණගම, හොරණ කියන ලිපිනයේ තමයි පිහිටලා තියෙන්නේ. ලියාපදිංචි අංකය WDD/7370

2.මොනවද කරන්නේ?

අපි පොඩි startup company එකක්. ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් විවිධ ආහාර සහ පාන නිෂ්පාදනය කිරීම තමයි කරන්නෙ.

3. දැන් මොකද්ද කරන්න හදන්නේ?

පැස්චරීකෘත දියර කිරි සාධාරණ මිලකට නිවෙස් වලට ම ලබා දීමයි අපේ අරමුණ.

4. කොහෙද කරන්නේ?

දැනට හොරණ ප්‍රදේශයේ සිට 5km ඇතුළත සීමාවේ පමණක් තමයි ක්‍රියාත්මක කරන්න හිතාගෙන ඉන්නේ.

5. මොකක්ද පැස්චරීකෘත කිරි කියන්නෙ?

හානිදායක බැක්ටීරියා විනාශ කිරීම සඳහා ඉහළ උෂ්ණත්වයකට කෙටි කාලසීමාවක් (HTST) තාප පිරියම් කළ කිරි තමයි පැස්චරීකෘත කිරි කියන්නෙ.

6. පැස්චරිකරණය මගින් පෝෂණ ගුණයට හානි වෙනවා ද ?

කිරි තාප පිරියම් කිරීමේ ක්‍රම අතරින් පෝෂණ ගුණයට අවම හානියක් වන ක්‍රමය තමයි පැස්චරීකරනය. දියර කිරි නිෂ්පාදනය කිරීමේදී ලොව පිළිගත් හොඳම ක්‍රමයක් තමයි පැස්චරීකරනය.

7. කොහෙන් ද කිරි එකතු කරන්නෙ ?

හොරණ ප්‍රදේශයේම සිටින කිරි ගොවීන් ගෙන් තමයි කිරි එකතු කරන්නෙ.

8. තත්ත්ව පරීක්ෂාවන් කරනවද ?

ඔව්. අප වෙත ලැබෙන කිරි මූලික තත්ව පරීක්ෂාවකට ලක් කරල තමයි පැස්චරිකරණය ට යොමු කරන්නෙ.

9. කොච්චර කල් තියා ගන්න පුළුවන්ද ?

නිෂ්පාදිත දිනයේ සිට දින 3ක් ශීතකරණයේ ගබඩා කරලා තියාගන්න පුළුවන්. භාවිතයෙන් පසු ඉතිරි වෙනවා නම් ඉතිරිය ශීතකරණයක ගබඩා කරලා පැය 24ක් ඇතුළත පාවිච්චි කරන්න ඕන.

10. ඇයි වීදුරු බෝතලයක් ?

ඔබවත් පරිසරයත් ආරක්ෂා කළ හැකි හොඳම ඇසුරුම් ක්‍රමය තමයි වීදුරු බෝතලය.

11. බෝතලයට තැන්පතුවක් අය කරනවද ?

ඔව්. පළමු දිනයේ දී රුපියල් 160.00 ක මුදලක් තැන්පතුවක් ලෙස අය කරනවා. ඔබ අපෙන් ස්ථිර ලෙසම කිරි ලබා ගැනීම නතර කළ හොත් නැවතත් එම තැන්පතු මුදල ලබා දීමට අපි කටයුතු කරනවා.

12. කීයටද delivery කරන්නේ ?

හැමදාම හවස 4.00ත් 8.00ත් අතර තමයි delivery කරන්නෙ.

13. ප්‍රවාහන ගාස්තුවක් අය කරනවා ද ?

නෑ. හොරණ ප්‍රධාන බස් නැවතුමේ සිට 5km සීමාවක් ඇතුළත ප්‍රවාහනය නොමිලේ.

14. බෝතලයක මිල කීයද ?

750ml බෝතලයක් රු. 140.00

15. BAYO පැස්චරීකෘත කිරි ලබා ගැනීමේ වාසි මොනවාද ?

@ පෝෂණ ගුණයෙන් ඉහළ ම පැස්චරීකෘත කිරි පරිභෝජනය කරන්න පුළුවන්
@ කිසිදු අපද්‍රව්‍යයක් පරිසරයට එකතු වෙන්නෙත් නෑ
@ වීදුරු බෝතලයක් නිසා සෞඛ්‍ය ආරක්ෂිතයි ඒ වගේ ම ගබඩා කරන්නත් ලේසි යි.
@ දේශීය කිරි ගොවියා ගේ ආර්ථිකය ඉහළ නැංවීමටත් දායක වෙන්න පුළුවන්.

16. කොහොමද Order කරන්නෙ ?

0772-740623 අංකයට නම, ලිපිනය සහ අවශ්‍ය ප්‍රමාණය whatsapp, viber කරන්න. එහෙම නැත්නම්
bayo foods page එකට නම, දුරකතන අංකය, ලිපිනය සහ අවශ්‍ය ප්‍රමාණ එවන්න.

17. හැමදාම whatsapp, viber කරන්න ඕනේ ද ?

නෑ. පළමු දිනයේ දී ඇණවුම සමග අපි ඔබට කාඩ් පතක් ලබා දෙනවා. ඊලඟ දිනයට අවශ්‍ය කරන ප්‍රමාණය එම කාඩ්පතේ ලකුණු කරල දෙන්න.

18. කවදා ඉඳලද වැඩේ පටන් ගන්නෙ?

මැයි 28 ඉඳලා තමයි වැඩේ පටන් ගන්නේ. නමුත් ඔබේ ඇණවුම් දැන්ම තහවුරු කරන්න පුළුවන්නම් අපි ගොඩක් ස්තුති වන්ත වෙනවා.

Chumith Udayanga Withanage (B.Sc Agri Peradeniya)

Proprietor,
Functional Food & Beverage Factory (WDD/7370)
No 238a, ovitiyagala road, munagama, horana.
0772740623

Leave a Comment

Your email address will not be published. Required fields are marked *