Angel Investor කියන්නේ කවුද?

ව්‍යාවසායකයන්හට බොහෝවිට තම ව්‍යාපාර ගොඩනගන්න ප්‍රාග්ධනය සොයා ගැනීම ගැටලුවක් වෙනවා

ඔබ ව්‍යාපාරිකයෙක් හෝ ව්‍යවසායකයෙක් නම් ඔබේ ව්‍යාපාරයට ආයෝජකයෙක් නොමැතිව ඔබේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට අපහසු වේ

අද අප ඔබ‍ට කියන්න යන්නේ ඔබේ ව්‍යාපාරය සදහා මුදල් ආයෝජනය කරන පුද්ගලයෙක් හෝ ආයතනයක් විය හැකි ANGEL INVESTORS පිලිබදවයි.

නව අදහස් අනුව ව්‍යාපාර ගොඩනගන ව්‍යාවසායකයන් සදහා අනුග්‍රහය දක්වමින් එම ව්‍යාපාර සදහා අවශ්‍ය ප්‍රාග්ධනය සපයන ආයෝජකයන් හැදින්වෙන්නේ දෙවදුත ආයොජකයන් ( Angel Investor) ලෙසය

නව ව්‍යාපාරයක් සදහා හෝ දැනට පවත්වාගෙන යන ව්‍යාපාරයක් සදහා  තමන් සතු මුදල ප්‍රමාණවත් නොවන අවස්ථා බොහෝය

එම  නිසා ආයෝජකයෙක් එකතු වීම ඔබේ ව්‍යාපාරයට වැදගත් වේ

එමෙන්ම එසේ එකතු වන ආයෝජකයන් දිගුකල් කාලීන ප්‍රතිලාභ බලාපොරොත්තු වීම  හේතුවෙන්, ඔබ එක වර  කෙටිකාලයකදී ඔවුනට මුදල් ආපසු ගෙවීමට අවශ්‍ය නැත.

ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දෙන අතර මෙය බැංකු ණය ක්‍රමයට වැඩ ඉතා වෙනස් වේ

ඔබ බැංකුවකින් ණය ලබා ගත් විට මුල් අවස්ථාවේ සිටම ගත් ණය සදහා පොලිය හා වාරික ගෙවීය යුතු වේ

එහෙත් මෙම Angel investors හට එසේ ගෙවීමට අවශ්‍ය  නැත.

Angel investors විසින් ඔබේ ව්‍යාපාරය දියුණු කිරීම සදහා  කාලය ලබා දෙන අතර ඔවුන් කල ආයෝජනයට ප්‍රතිලාභයක් ලෙස ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔබේ ව්‍යාපාරයේ කොටස් කරුවෙකු වීමට  පමණි

Angel investors ඔබේ ව්‍යාපාරයේ අවධානම ඔබත් සමග බෙදා ගන්න අතර ඔවුන් ඔබ ව්‍යාපාරය ආරම්භ කල අවස්ථාවේ සිට මුහුණ දෙන සියලු ගැටළු හා අවදානම් ඔවුන් ඔබත් සමග බෙදා ගැනු ඇත

ඔබේ ව්‍යාපාරයට යොදවන මුදල් වල එම ආ යෝජකයාගේ  මුදල් ද ඇතුලත් වේ

ඔබ‍ට වඩා ඔබේ ව්‍යාපාරයේ අවදානම ඔවුන් විසින් දරනු ලැබේ

බැංකුව ඔබ‍ට ණය මුදල් ලබාදීමේ ඇපයක් බලාපොරොත්තු වන අතර angel investors එම කිසිම ඇපයකක්‌ සදහා බලාපොරොත්තුවක් නොමැතිව, ඔබේ ව්‍යාපාරයේ අදහස සාර්ථකත්වයක් බවට පත්වනු ඇතැයි යන සිතුවිල්ල පමණක් ඇතිව  ඔබත් සමග ව්‍යාපාර කිරීමට ස්වේච්චාවෙන් ඉදිරිපත් වේ

මෙවන් ආයෝජකයන්ගේ උදව් දා ඇතිව ව්‍යපාරය සාර්ථක කර රැගෙන ගිය බොහෝ පිරිසක් අප රටේ මෙන්ම පිට රට වලද සිටිති.

මෙම Angel investors සෑම විටම නව ව්‍යාපාර අදහස් සදහා වැඩි අවදානයක් යොමු කරයි. එම නිසා ඔබත් නව ව්‍යාපාරය අදහසක් සමග ආයෝජනක් සදහා මාන බලමින් සිටින්නේ නම් අදම angel investor සමග සම්බන්ධ වන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *