සෞඛ්‍ය අංශවල  අධීක්ෂණය යටතේ ලිට්‍රෝ ගෑස් සමාගම සිය සේවකයින් අහඹු ලෙස PCR පරීක්ෂණය සඳහා  යොමු කරයි

සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ ලිට්‍රෝ ගෑස් සමාගම සිය සේවකයින් අහඹු ලෙස PCR පරීක්ෂණය සඳහා යොමු කරයි

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශාල සේවක සංඛ්‍යාවක් සේවය කරන ආයතන වලට අහඹු ලෙස PCR පරීක්ෂණ කරන ලෙස උපදෙස් දී ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සමාගම සිය සේවකයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.

මේ සඳහා ලිට්‍රෝ ගෑස් ගබඩා අංශය , පිරවුම්හල්, සැපයුම් අංශය සහ ප්‍රධාන කාර්යාලය යන පරිශ්‍රයන් තුල සේවයේ නියුතු කාර්ය මණ්ඩල සාමාජිකයින් අහඹු ලෙස PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

“සෞඛ්‍ය ආරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා වගකිවයුතු රාජ්‍ය ආයතනයක් ලෙස මෙවැනි අභියෝගාත්මක කාර්යයක් කඩිනමින් ඉටු කිරීම සඳහා ලබාදිය යුතු දායකත්වය පිළිබඳව අපි අවධානයෙන් සිටින්නෙමු” යැයි ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්ගලික) සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් කොස්වත්ත මහතා පවසයි. අපගේ ආයතනයේ පදනම වන්නේ ආරක්ෂාව සහ සෞඛ්‍යයයි – දේශයේ ප්‍රමුඛතම LPG සැපයුම්කරු ලෙස අපි සෑම විටම උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව ඒ මහතා පවසා සිටියේය.

මේ පිළිබඳව අදහස් දක්වන ලිට්‍රෝ ගෑස් සමාගමේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ පරිසර අධ්‍යක්‍ෂක ජයන්ත බස්නායක මහතා පවසා සිටියේ “සමාගමේ විශාල මෙහෙයුම් ජාලය හරහා ස්ථාපිත කර ඇති COVID-19 ක්‍රමවේදයන් වල කොටසක් ලෙස මෙම පරීක්ෂණ සිදු කළ බවයි”.

ගෘහස්ත ගෑස් සැපයුම් ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස දිනපතා දහස් ගණන් පාරිභෝගිකයින් වෙත අපි ළඟා වන බැවින් ආරක්ෂාව සහ සෞඛ්‍ය සඳහා අදාළ ක්‍රමවේදයන් නිසි ලෙස පවත්වා ගැනීමේ වැදගත්කම ලිට්‍රෝ ගෑස් මැනවින් අවබෝධ කර තිබෙන බව බස්නායක මහතා පවසයි.

COVID-19 වසංගත තත්වය නිසා රට වසා තිබු කාලයේ අදාළ ආරක්‍ෂිත සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් අඛන්ඩ සේවාවක් පවත්වාගෙන යාමට ආයතනය දැක්වූ සුවිශේෂී කැපවීම අගයමින්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් SLS 1672: 2020 COVID-19 ප්‍රමිති සහතිකය ප්‍රදානය කළ පළමු රාජ්‍ය ආයතනය ලිට්‍රෝ ගෑස් සමාගම වේ.

Leave a Reply