කොරෝනා නිසා ඔබේ රැකියාව අහිමි වුනාද?

කොරෝනා නිසා ඔබේ රැකියාව අහිමි වුනාද?

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලොව පුරා සිටින බොහෝ ශ්‍රමිකයන්ගේ රැකියා දැනටමත් අහිමි වී ගොස් අවසානය. මෙම වසංගත තත්වය සෑම ක්ෂේත්‍රයකටම තදින්ම බලපා ඇත. ඔබත් කොවිඩ් නිසා රැකියාව අහිමි වූ පුද්ගලයෙක්ද? එසේනම් දැන් ඔබට තෝරාගැනීමට ඇත්තේ ව්‍යවසායකත්වයයි.

ඔබ ඇයි ව්‍යවසායකත්වයම තෝරාගත යුත්තේ? රැකියා අහිමි වූ බොහෝ පුද්ගලයන්ට නැවතත් රැකියාවක් ලබාගැනීම මේ දිනවල නම් බෙහෙවින්ම අපහසු දෙයකි. එමනිසා ඔබටම ආදායම් මාර්ගයක් සාදා ගැනීම මෙවැනි අවස්තාවක ඉතාමත්ම උචිත වෙයි.

  1. හොද අදහසක් තිබීම
    ඔබට යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නම් හොද අදහසක් තිබීම අනිවාර්ය වේ. ඔබ සතු හැකියා හා කුසලතා වලට අනුකූලව ඔබ තෝරාගන්නා ක්ෂේත්‍රය තීරණය කිරීමට ඔබට හැකිය. දැනට වෙළදපොලේ පවතින දෙයක් නම් එයට තව අලුත් යමක් එක් කරමින් හා දැනට වෙළදපොලේ නොමැති දෙයක් නම් එය පාරිභෝගිකයන්ට හදුන්වා දීමට ඔබට හැකියාවක් තිබිය යුතුය.
  2. පවතින අවශ්‍යතාවය
    දැනට වෙළදපොලේ පවතින අවශ්‍යතා මොනවාද යන්න පිළිබදව අධ්‍යනයක් සිදු කිරීමෙන් ඔබට වැඩි වාසි ලබා ගත හැකිය. ආහාර පාන, සෞඛ්‍ය වැනි දේවල් හෝ වෙනත් අවශ්‍යතා වලට ඔබගේ අවධානය යොමු කරමින් ඔබට ගැළපෙන දේ තෝරාගන්න. තවද පාරිභෝගිකයාගේ රුචිකත්වය අනුවද ඔබට භාණ්ඩ හෝ සේවා ඉදිරිපත් කළ හැකිය.
  3. සැලැස්මක් ඇති කරගැනීම
    ඕනෑම දෙයකට කලින් සැලැස්මක් ඇති කරගැනීම සාමාන්‍ය දෙයකි. එමෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පළමුවෙන්ද සැලැස්මක් ඇති කර ගැනීම අනිවාර්ය දෙයකි. ඔබ වෙළදපොලට ඉදිරිපත් කරන භාණ්ඩය හෝ සේවාව කුමක්ද? එය ඉදිරිපත් කරන්නේ කොයි කාලයේද? ඉලක්කගත වෙළදපොල කුමක්ද? ඔබගේ ආයෝජනය කොපමණද? මෙවැනි තවත් බොහෝ දේ මෙයට ඇතුලත් විය යුතුය.
  4. අධිෂ්ඨානයෙන් අනාගතය දැකීම
    ඔබ ඉදිරියේ කුමන දෙයක් සිදු වුනත් ඔබ අධිෂ්ඨානශිලිව ඔබගේ ගමන යායුතුය. එය ඉතාමත්ම වැදගත් දෙයකි. ඔබගේම දෙයක් ආරම්භ කර එය දියුණු කර ලාභ ලබන තත්වයට පැමිණෙන තෙක් ඔබ අධිෂ්ඨානශිලිව ඔබ ඉදිරියට එන සාම අභියෝගයක්ම ජය ගත යුතුය. එය ව්‍යවසායකයෙකු සතු වැදගත් ගුණාංගයකි.
  5. නව තාක්ෂණය යොදා ගැනීම
    ලෝකය අදවන විට බොහෝ ඉදිරියට ගොස් ඇත. ඔබගේ ව්‍යාපාර කටයුතු වලට නව තාක්ෂණය උපයෝගී කරගැනීම ඔබට මහත් වාසියක් වනු ඇත. සමාජ මාධ්‍ය ජාල, වෙබ් අඩවි ගැන අධ්‍යනයක් කරමින් ඒ තුළින් ඔබගේ ව්‍යාපාරය පාරිභෝගිකයා වෙත හදුන්වා දීමට ප්‍රචාරණ කටයුතු සිදු කිරීමටද දැන් ඔබට හැකියාව ඇත.

Leave a Reply