ලිට්රෝ ගෑස් ලංකා ආයතනය තම ජේෂ්ඨ හා දිගු කාලීන සේවක මණ්ඩලය සම්මානයෙන් පුදනු ලබයි

ලිට්රෝ ගෑස් ලංකා ආයතනය තම ජේෂ්ඨ හා දිගු කාලීන සේවක මණ්ඩලය සම්මානයෙන් පුදනු ලබයි

ලිට්රෝ ගෑස් ලංකා ආයතනය පුද්ගලික ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙමින් ඉතා කාර්යක්ෂම හා ශක්තිමත් සේවාවක් සපයන රාජ්‍ය ආයතනයක් ලෙස රටේ ආර්ථික සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙන සුවිශේෂ ආයතනයක් ලෙස සැළකේ.

තමන්ගේ සේවක මණ්ඩලයේ විශිෂ්ඨ සේවාව ඇගයීමට ලක් කිරීම මුල් කරගෙන නොබෝදා ලිට්රෝ ගෑස් ආයතනය ජේෂ්ඨ හා දිගු කාලීනව සේවය කළ මහත්ම මහත්මීන් හට තුති පිදීමක් ලෙස විශිෂ්ඨතා සම්මාන වලින් පුදනු ලැබීය.

දශක 3කට අධික කාලයක් පුරා ආයතනයට සුවිශේෂ දායකත්වයක් ලබා දුන් 33 දෙනෙක් මෙලෙස සම්මානයෙන් පුදනු ලබන ලදී.

W.H.පද්මසිරි මහතා (වසර 35), D.C.P.විජේසිංහ මහතා, D.K.නන්ද මහතා, W.A.S.P.පෙරේරා මහතා, K.D.J.T.ගුණසේකර මහතා, A.පද්මරාජ් මහතා, H.B.වීරසේන මහතා, L.N.G.පෙරේරා මහතා, A.L.A.නන්දන මහතා, K.S.චන්ද්‍රතිලක මහතා (වසර 30) , K.K.M.P.ජයවර්ධන මහතා, S.W.J.සේනාරත්න මහතා, W.H.G.විල්දෙණිය මහතා, B.මහින්ද මහතා, H.K.නිල්මිණී මහත්මිය, M.S.පුංචිහේවා මහතා, N.P.S.A.H.කුමාර මහතා, K. සරත්චන්ද්‍ර මහතා, K.A.A.ප්‍රියදර්ශණ මහතා (වසර 25), H.M.චමනි පතිරගේ මහත්මිය, ශ්‍යාමලී ඉනෝශි කරුණාරත්න මෙනෙවිය, රනිල් පාලින්ද සෙනෙවිරත්න මහතා, W.M.ලක්මාලි හපුආරච්චි මහත්මිය, H.සුනේත්‍රා සහබන්දු මහත්මිය, S.හිරාන් සෙනෙවිරත්න මහතා, P.H.විදානගමගේ මහතා, W.D.L.නලීන් අචල මහතා, H.P.ප්‍රදීප් කුමාර මහතා, H.K.චන්ද්‍රරත්න මහතා, ප්‍රියා කැලුම් අල්විස් මහතා, D.K.N.G.කුමාර ප්‍රනාන්දු මහතා, K.P.වීරසේකර මහතා (වසර 20) , W.B.සුදේශිනි විජේවර්ධන මහත්මිය (වසර 15)

මේ පිළිබදව අදහස් දක්වන අනිල් කොස්වත්ත මහතා, සභාපති හා ප්‍රධාන විධායක නිළධාරී, ලිට්රෝ ගෑස් හා ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා පුද්ගලික සමාගම පවසා සිටින්නේ “අපගේ ආයතනයට වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් අපගේ ගමන බලගැන්වීමට සෘජු දායකත්වයක් ලබාදුන් කාර්ය මණ්ඩලය අපට ආඩම්බරයකි. ශ්‍රී ලාංකික ගෑස් ක්ෂේත්‍රයේ 75%ක වෙළදපොල කොටසක් කරා වර්ධනයක් ලබා ගැනීමට ඔවුන්ගේ කැපවීම තුළින් අපට හැකිවී තිබේ. 234 දෙනෙකුගෙන් සමත් වූ විශිෂ්ඨ කාර්ය මණ්ඩලයක් අපගේ ආයතනයේ සේවය කරන්නේ ඔවුන්ගේ හැකියාවන් නිති පතා ඇගයීමේ ලක්වෙන පරිසරයක් තුළය”.

ඔහු පවසන්නේ වසර ගණනාවක් තිස්සේ ආයතනයට සේවාවක් ලබා දුන් කාර්ය මණ්ඩලය ආයතනයේ වටිනා සම්පතක් බවයි. ඔවුන්ගේ අත්දැකීම් හා සුවිශේෂ දැනුම වසර ගණනාවක් තිස්සේ ආයතනයේ සාර්ථකත්වයට පාදක වී ඇති අතර අප විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂක හා පරිසර වගකීම් සදහාද මෙම දායකත්වය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පෙරගමන්කරු ලෙස සැළකෙන ලිට්රෝ ගෑස් ලංකා ආයතනය රුපියල් බිලියන 45ක පිරිවැටුමක් ලබමින් ශ්‍රී ලාංකික ආර්ථිකය බලගන්වයි. කෙරවළපිටිය හා හම්බන්තොට පිහිටි අති නවීන ගබඩා සංකීර්ණ මගින් ශ්‍රී ලංකාව පුරා බෙදාහැරීමේ නියෝජිතයන් 37ක් නිවෙස් කරා සේවය සපයන අංශ 1500ක් හා විකිණීමේ ස්ථාන 11,000ක් හරහා තම පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සේවය ලබා දේ.

Leave a Reply