ශ්‍රී ලංකාවේ නිශ්පාදිත රෙදිපිළි  ශ්‍රී ලාංකික ඇගළුම් ක්ෂේත්‍රයට වැදගත් වන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ නිශ්පාදිත රෙදිපිළි ශ්‍රී ලාංකික ඇගළුම් ක්ෂේත්‍රයට වැදගත් වන්නේ ඇයි?

නොබෝදා ජනාධිපතිතුමා විසින් දේශීය රෙදි පිළි නිශ්පාදනය පිළිබදව සොයා බලමින් ඉතා වැදගත් අංශයක් කෙරෙහි රටේම අවධානය යොමු කරනු ලැබීය. අපගේ ඇගළුම් ක්ෂේත්‍රයට අවශ්‍ය රෙදිපිළි අපටම සපයා ගැනීමට හැකියාවක් තිබිය යුතුය. ව්‍යවසායකයන්ට මෙය වැදගත් වන්නේ ඇයි?

  1. ඔබ ඇගළුම් ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෙක්ද?
    ඔබ දැනටමත් ඇගළුම් ක්ෂේත්‍රයේ නියැලී සිටින කෙනෙක්ද? නැත්නම් ඇගළුම් ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට අදහස් කරන කෙනෙක්ද? ශ්‍රී ලාංකික ඇගලුම් ක්ෂේත්‍රය තුළ ඔබට විශාල පෙරළියක් සිදු කිරිමට හැකියාව ඇත. ඒ සදහා අවශ්‍ය වන්නේ ඔබගේ උනන්දුව හා කැපවීමයි.
  2. ශ්‍රී ලාංකික රෙදිපිළි ක්ෂේත්‍රයට ඉදිරිපත් වන්නේ කෙසේද?
    ඔබ නිමි ඇදුම් ක්ෂේත්‍රය තුළ නියැලී සිටින්නේ නම් ඔබගේ ව්‍යාපාරයට සරිලන ලෙස ඔබ විසින්ම යම්කිසි ක්‍රමවේදයක් සකස් කර ගත යුතුය. ඇද ඇතිරිලි, අත් පිස්නා මෙන්ම බතික් හා අත්කම් පමණක්ම නොව තවත් බොහෝ දේ මීට එක් කළ හැකිය.
  3. රෙදිපිළි ක්ෂේත්‍රයේ නව මුහුණුවරක් පාරිභෝගිකයාට ඉදිරිපත් කිරීම
    නව මෝස්‌තර, නව විලාසිතා පාරිභෝගිකයා හමුවට ඉදිරිපත් කරමින් වෙනස් වූ දේවල් ලබා දීමට ඔබ කටයුතු කළ යුතුය. සාරි වර්ග, වෙනත් නිමි ඇදුම් වර්ග වෙනස් වූ රටාවන්ගෙන් වෙළදපොලට ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව තිබීම මෙහිදී වැදගත් වේ.
  4. දේශීය රෙදිපිළි අපනයනය
    ඇගළුම් අපනයනය කිරීම අපට අලුත් දෙයක් නොවෙයි. නව මෝස්‌තර වලින් හා විලාසිතා වලින් යුක්ත වූ වෙනස්ම ආරක නිමි ඇදුම් වර්ග අපනයනය කිරීමට අපට හැකියාවක් තිබිය යුතුය. ඒ තුළින් රටට විදේශ විනිමය පවා ලබා ගැනීමට හැකියාවක් ඇත. අපනයන වෙළදපොල පිළිබදව වැඩිදුරටත් අධ්‍යනය කරමින් මෙම කාර්ය සාර්ථක කරගැනීමට ඔබට හැකියාව ඇත.

Leave a Reply