ෆෝර්ඩ් රථයේ නිර්මාතෘ – හෙන්රි ෆෝර්ඩ්ගේ සාර්ථක ව්‍යවසායක ලක්ෂණ

ධනවත් ගොවිපවුලක උපත ලැබූ හෙන්රි ෆෝර්ඩ්, 19 වෙනි ශතවර්ෂයේ ඇමරිකාවේ පැවති නියම ග්‍රාමීය පරිසරය අත්දුටු පුද්ගලයෙකි. එසේ වුවද, ගොවිපලේදී ඔහුගේ වැඩි අවධානය යොමු වුයේ කාර්මික උපකරණ වලටයි. කුඩා කල සිටම කාර්මික ශිල්පය කෙරෙහි නැඹුරු වූ ඔහු සිය පිය විසින් තෑගි කල සාක්කු ඔරලෝසුව ගැලව බල එහි කාර්මික ක්‍රියාකාරකම් හැදෑරු බව සඳහන් වේ. වයස 15 දී, ගමේ ටයිම් පීස් ඔරලෝසු අලුත්වැඩියා කරන්නා වුයේ ඔහුය. ඔහු ගොවිතැන් කිරීමට එතරම් ආශා කලේ නැත. 1879 දී හෙන්රි ෆෝර්ඩ් ගොවිපලට ආසන්න නගරයේ කුඩා ව්‍යාපාරයක කාර්මික අත වැස්සකු ලෙස සේවයට බඳුණා. පුරා වර්ෂ 3ක් ඔහු කාර්මික අත වැස්සෙකු ලෙස කාර්මික උපකරණ අලුත්වැඩියා හා නඩත්තුව ඉගෙන ගත්තා. නැවත ගොවිපලට පැමිණි ඔහු පියාගේ ගොවිපලෙහි තිබු කාර්මික උපකරණ අලුත් වැඩිය කිරීමටත් ඒවා නඩත්තු කිරීමටත් සහය වුනා. 1891 දී ඔහු කුඩා කර්මාන්ත ශාලාවක කාර්මික ඉංජිනේරුවරයෙකු ලෙස සේවයට බැඳුනි. 1893 දී එම කර්මාන්ත ශාලාවේම ප්‍රධාන ඉන්ගිනේරු ලෙස උසස් කරනු ලැබිණි. අලුත් පදවියත් සමග ඔහුට කාර්මික උපකරණ පිලිබඳ ඔහුගේ පර්යේෂණ හා අත්හදා බැලීම් වලට වැඩිපුර කාලය යෙදවීමට අවස්ථාව ලැබිණි. ඔහු කාර්මික ක්‍රියාකාරකම් හදාරන ලද්දේ ස්වයං උත්සාහයෙනි. මෝටර් රථ එන්ජිමක් නිපදවීම සඳහා ඔහු වර්ෂ 10කට අධික කාලයක් පර්යේෂණ කළේය.
එම පර්යේෂණ වල ප්‍රතිපලය වශයෙන් 1896 දී හෙන්රි ෆෝර්ඩ් පළමුවරට රෝද හතරේ වාහනයක් නිෂ්පාදනය කර ඉදිරිපත් කරන ලදී. පුද්ගයෙකුට හසුරුවා ගත හැකි, ඛණිජ තෙල් වලින් ක්‍රියාත්මක වන එන්ජිමක් සහිත රෝද හතරේ මෝටර් රථ නිපදවූ තවත් බොහෝ දෙනෙක් සිටියේය. එසේ වුවද ඇමෙරිකාව වාහන නිපදවන රටක් බවට පත් කිරීමට දායක වූ කීපදෙනා අතර පුරෝගාමී පුද්ගලයා ලෙස ඉතිහාස ගත වුයේ හෙන්රි ෆෝර්ඩ්ය.

හෙන්රි ෆෝර්ඩ් ගේ සිහිනය වුයේ පවුලකට දරාගත හැකි සාධාරණ මිලකට කාර්යක්ෂම, විශ්වාස දායක හා ධාවනයට පහසු මෝටර් රථයක් නිපදවීමයි. 1908 දී මොඩල් ටී වාහනය නිපදවමින් ඔහු ඒ සිහිනය සැබෑ කර ගත්තේය. 1918 වනවිට ඇමෙරිකාව තුල ධාවනය වූ මෝටර් රථ වලින් සියයට 50ක්ම මොඩල් ටී වාහන විය. ඒ සමගම ලොව පුරා ෆෝර්ඩ් රථ අලෙවිය වර්ධනය වෙමින් තිබුනි, කොටස් එකලස් කිරීම මගින් දෛනිකව විශාල මෝටර් රථ සංඛ්‍යාවක් නිපදවිය හැකි කර්මාන්ත ශාලාවක් මිචිගන් හි ආරම්භ කල ඔහු 1929 වන විට ලෝකයේ විශාලතම මොටෝර් රථ නිෂ්පාදන ආයතනයේ හිමිකරු බවට පත්විය. 1932 වනවිට මුළු ලෝකයේම නිෂ්පාදනය වන මෝටර් රථ සංඛ්‍යාවෙන් තුනෙන් එකක්ම නිපදවන ලද්දේ ෆෝර්ඩ් මොටෝර් රථ කර්මාන්තශාලාවෙනි.

හෙන්රි ෆෝර්ඩ් ඇමෙරිකානු ඩොලර් බිලියන 188 ක ශුද්ධ වත්කමක් නිර්මාණය කල ව්‍යවසයකයෙක් විය.

පාරිභෝගිකයාට අවශ්‍ය වන්නේ ධාවනය කිරීමට පහසු වාහනයක් බව ඔහු දුටුවේය. එසේම එය අලුත්වැඩියා කර ගැනීමට පහසු හා ලාභදායි විය යුතුය. ඔහු වෙළඳ පොළ මැනවින් හඳුනා ගත්තේය.


ඒ සමගම වාහනයේ විකුණුම් මිලද සාධාරණ විය යුතු බව ඔහුගේ අදහස විය. ( 1908දී ෆෝර්ඩ් සිය නිෂ්පාදන අලෙවි කලේ ඩොලර් 825 කටය. පසුව තවදුරටත් එහි මිල අඩු කරන ලදී.)
හෙන්රි ෆෝර්ඩ් අනාගත ඉලක්කයන් දිනා ගැනීම සඳහා සැළැස්මක් අනුව ක්‍රියාකාරී වූ ව්‍යවසායකයෙක් විය.
” සෑම ඇමෙරිකානු පවුලකටම දර ගත හැකි මිලකට සුව පහසු මොටෝර් රථයක් නිපදවීම. ” ඔහුගේ අභිලාශය විය. ඔහු ඒ අරමුණු ඔස්සේ වෙහෙස නොබලා සිය කටයුතු සංවිධානය කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ඇත කර ගත්තේය.

හෙන්රි ෆෝර්ඩ් යනු තනි පුද්ගලයෙකි. ව්‍යවසායකත්ව ලක්ෂණ හේතුවෙන් ඔහු ලක්ෂ සංඛ්‍යාත අනෙක් පුද්ගලයන්ගේ වෙනස් වූ පුද්ගලයෙක් විය.

ඔහු ඇමෙරිකානු ජාතියට අප්‍රමාණ සේවයක් ඉටුකළ ව්‍යවසයකයෙක් හැටියට ඉතිහාසයට එක්විය. ඇමෙරිකාවේ පමණක් නොව ලොව පුර ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකිරක්ෂා සැපයීමට ඔහුගේ කර්මාන්තයට හැකි විය. වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක ධනයක් උපයා ගැනීමටද එයින් ඇමෙරිකාවට අවස්ථාව සැලසුනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *