සෘජු විකුණුම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වර්ධනයක් පෙන්නුම් කරයි.

ඍජු විකුණුම් යනු  භාණ්ඩ අළෙවි  කිරීම සඳහා යොදා ගන්නා අළෙවි   ක්‍රමවේදයක් ලෙස හැඳින්විය හැකිය. ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන සෘජු විකුණුම් ක්ෂේත්‍රය ව්‍යවසායකත්වය ගොඩනඟන සහ ප්‍රජාවන් බල ගන්වන අංශයක් ලෙස දිගු කාලයක්  තිස්සේ පිළිගැනීමට ලක්වී තිබේ.  ගෝලීය වශයෙන්, ආසියා පැසිෆික් කලාපය එම ක්ෂේත්‍රයේ 44% ක වෙළඳපොළ කොටසකට  හිමිකම් කියමින් ඉදිරියෙන්ම සිටින අතර ආසියාවේ සෙසු රටවල් වලද  මෙය  වර්ධනය වෙමින් හා පුළුල් වෙමින් පවතී.

 

දකුණු ආසියාවේ, ඉන්දියාව සෘජු විකුණුම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින අතර මේ වන විට මිලියන 5කට වැඩි පිරිසක් එම කෂේත්‍රයේ නියැලේ.   එමෙන්ම  දිනකට  800කට වැඩි පිරිසක් මෙම ක්ෂේත්‍රයට අලුතින් යොමු වන බවද  වාර්තා වෙයි.

 

ප්‍රජාවන් තුළ නිෂ්පාදන අළෙවි කිරීමේ හැකියාව, නම්‍යශීලි අදායම් මාර්ගයක්, සහ  පුද්ගලයන් බල ගැන්වීමට හැකිවීම  ඍජු විකුණුම් ක්ෂේත්‍රයේ  වර්ධනයට හේතුන් බව එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්  විශ්වාස කරති. මෙම ක්‍රමවේදයට අනුව අළෙවි  වන ලොව බොහෝදෙනා පිළිගන්නා   Avon Cosmetics සහ Tupperware යන වෙළෙඳ නාම මෙම කෂේත්‍රයේ ගෝලීය සාර්ථකත්වය පෙන්නුම්  කරයි . Avon කාන්තාව 1886 වසරේ සිට  ලෝක ප්‍රසිද්ධ Avon රූපලාවන්‍ය නිෂ්පාදන  ඍජු විකුණුම් හරහා පාරිභෝගිකයින්ට අළෙවි කර ප්‍රජාව තුළ ජනප්‍රියත්වයට පත් වී ඇත.

 

ශ්‍රී ලංකාවේද සෘජු විකුණුම් සමාගම් ක්‍රියාකාරී ලෙස පවත්වා ගෙන යන නමුත් ඔවුන්ගේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව  නිසි ලෙස අවබෝධ කර දීමට පැහැදිලි මාර්ගෝපදේශයක් නොමැති බැවින් එම ව්‍යාපාර වල වර්ධනයට බාධාවක් වී ඇත. රටවල් 170කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන ගෝලීය ජව සම්පන්න භාණ්ඩ අළෙවි කිරීමේ ක්‍රමවේදයක් වන  සෘජු විකුණුම් ක්ෂේත්‍රය  පිළිබඳ නිසි අවබෝධය සහ දැනුවත්භාවය නොමැතිකම මෙයට හේතු විය හැකිය.

 

Global Lifestyle Lanka  සමාගම  වසර 12 කට වැඩි කාලයක් ශ්රී ලංකාවේ සාර්ථක ලෙස සෘජු විකුණුම් ක්ෂේත්රයේ   නියැලී සිටින නමුත් මෙවැනි  සමාගම් මුහුණ දෙන විශාලතම අභියෝගය වනුයේ  මෙම ක්ෂේත්රය  සඳහා  රට තුල  විධිමත් රාමුවක්  නොමැතිවීමයමෙම ක්ෂේත්රයේ  මූලාශ් පෙන්වා දෙන්නේ  ලෝකයේ වෙනත් රටවල  මෙන්, සෘජු විකුණුම් ක්රියාවලිය  තවත් අළෙවි  ක්රමවේදයක් ලෙස හඳුනා ගැනීමට  යාන්ත්රණයක් තිබිය යුතු බවය.

 

මෙලෙස මෙම ක්ෂේත්‍රය හඳුනා ගැනීමට නිසි යාන්ත්‍රණයක් නොමැති නිසා සත්‍ය සෘජු විකුණුම් මෙහෙයුම් ලෙස වෙස්වලාගෙන සිටින ව්‍යාජ සමාගම් වලට  ව්‍යාපාරයේ නිරත වීමට අවස්ථාව ලැබේ. කෙසේ වෙතත් මෙම ක්ෂේත්‍රය  හඳුනා ගැනීමට සහ  කළමනාකරණය  කිරීමට යාන්ත්‍රණයක් තිබේ නම්, එවැනි ව්‍යාජ සමාගම්  මෙම ක්ෂේත්‍රයෙන් ඉවත් කල හැකිවේ.  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *