සුවද විලවුන් සහ සුඛෝපභෝගී භාණ්ඩ පිලිබදව ඔබ දන්නේ මොනවාද?

ජාත්‍යන්තර වෙලදපොලේ සුවද විලවුන්, අත් බෑග, පාවහන් වැනි සුඛෝපභෝගී භාණ්ඩ වලට ඉතා විශාල ඉල්ලුමක් ඇති ඔබ දන්නවද?

සුවද විලවුන් සහ සුඛෝපභෝගී භාණ්ඩ වලට ඇති ඉල්ලුම සාම රටකටම පොදු වන අතර එම භාණ්ඩ මිලදී ගනීමෙන් හා භාවිතා කිරීමෙන් (Lifestyle) ජීවන රටාවේ බලගැන්වීමක් සිදුවන බව පාරිභෝගිකයන් විශ්වාස කරති.

ව්‍යවසායකයෙක් හට මෙම ක්ෂේත්‍රය පිලිබදව දැනුම වැදගත් වන්නේ එම ක්ෂේත්‍රයේ ඉතා ඉහල වටිනාකමක් හා වර්ධනයකින් යුතු වන නිසාය.

අද අප ඔබට ගෙන එන්නේ මෙම ක්ෂේත්‍රය තුල සුවිශාල නාමයක් තිබෙන හා ඔවුන් නියෝජනය කරන සන්නාම පිළිබදවය.

අලුත් අදහසක් සමඟ සන්නාමයක් එලිදක්වපු කතාවක්

01. LVMH

LVMH යනු ලෝකයේ විශාලතම සුඛෝපභෝගී භාණ්ඩ හා සුවද විලවුන් ආයතනයකි.

ප්‍රංශයේ පිහිටි මෙම ආයතනය ලොයකේ සුප්‍රසිද්ද සන්නාමයක් වන LOUIS VUITTON (LV) සන්නාමය නියෝජනය කරන අතර මීට අමතරව තවත් ජාත්‍යන්තර සන්නාම රැසක් නියෝජනය කරති.

මෙම සන්නාම අතර Christian Dior, Bulgari හා Tiffany & Co. වැනි මෝස්‌තර ක්ෂේත්‍රයේ හා සුවද විලවුන් ක්ෂේත්‍රයේ ඉදිරියෙන් ම සිටින සන්නාම ඔවුන් විසින් නියෝජනය කරයි.

මෙම ආයතනය යුරෝපය පුරාත් ලොව පුරාත් තම භාණ්ඩ අලෙවි කරමින් සිටි.

ලෝකයේ වටිනාකමින් අධික සුඛෝපභෝගී භාණ්ඩ ලෙස සැලකෙන මෙම ආයතනයේ සන්නාම වටිනාකම 2021 වසරෙහි පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 75.5ක් ලෙස වාර්තා වී ඇත.

02. Chanel

ප්‍රංශයේ මෝස්‌තර ශිල්පිනියක් වූ කොකෝ ශනෙල් විසින් වසර ගණනාවකට පෙර ආරම්බ කරන ලද මෙම ආයතනය අද වන විට ලොව විශාලතම සුවද විලවුන් හා සුඛෝපභෝගී භාණ්ඩ ලෙස සැලකේ.

නොබෝද මෙහි ප්‍රධාන විදායක නිලධාරි ලෙස ඉන්දියානු සම්බවයක් ඇති ලීන නායර් පත්විය.

මීට අමතරව ආයතන රැසක් මෙම සුඛෝපභෝගී භාණ්ඩ ක්ෂේත්‍රයේ කරයුතු කරමින් සිටි.

ව්‍යාපාර අසාර්ථක වන්නේ ඇයි?

මෙම ක්ෂේත්‍රය පිළබදව අප දන ගත යුත්තේ ඇයි ?

හැම තරාතිරමක පුද්ගලයන් තමන්ගේ ජීවන රටාව දියුණු කර ගැනීම හා ශක්තිමත් කර ගැනීමක් ලෙස සුඛෝපභෝගී සන්නාම (Designer Brands) තම ජීවිතයට එකතු කර ගැනීමට කැමැත්තක් දක්වති.

මෙය ව්‍යාපාරයට වැදගත් වන්නේ ඒ හා සම්බන්ධ සේවා සැපයීම වැනි දේ සිදු කල හැකි නිසාය .

සුවද විලවුන් සහ වෙනත් සුඛෝපභෝගී භාණ්ඩ, වෙනත් සන්නාම යටතේ ඉතා සාර්ථක ලෙස ව්‍යාපාර කරගෙන යාමට ව්‍යාවසායකයන් හා ව්‍යාපාරයන්ට අදටත් අවස්තාවක් ඇත

Leave a Comment

Your email address will not be published.