සමාජ මාධ්ය ජාල යහ අන්තර්ජාලය හරහා ව්යාපාරය සාර්ථක කර ගැනීම…

වයවසාහිකයෙක් ලෙස ඔබට නවීණ තාක්ෂනය හරහා  තම ව්‍යාපාරය ගොඩනැඟීමට හැකි  බව ඔබ දන්නවාද?   නුතන ලෝකයේ වෙළඳපොළ බුගෝලීය  සීමා අබිබවා ගොස් තිබේ.   අන්තර්ජාලය සහ  සමාජ  මාධ්‍ය  ජාලා  අද බලවත්  හා වැදගත් වෙළඳ   ප්රචාරණ මාධ්යන් බවට පත්වී තිබෙන අතර ඒ හරහා ඔබ කුමන ස්ථානයේ සිටියත් ඔබගේ නිෂ්පාදන හෝ සේවාවන් ලොව ඕනෑම ස්ථානයකට අලෙවි කිරීමේ හැකියාව තිබේ.

ලොව බොහෝ වයාපාරිකයන් සිය අලෙවි කටයුතු වර්ධනය කර ගැනීමට  අන්තර්ජාලය උපයෝගී කර තිබෙන අතර ලොව ලාබාලම බිලියනපති කායිල් ජෙනර් මෙන්ම ලොව ධනවත්ම පුද්ගලයා වන Jeff  Bezos මෙලෙස ධනවත් වීමට ප්‍රධාන හේතුවද   අන්තර්ජාලය සහ  සමාජ  මාධ්‍ය  ජාලා ඔවුන්ගේ  ව්යාපාරික කටයුතු සඳහා   යොදා ගැනීමයි.

අපේ රටේ අන්තර්ජාලය තුල අපි කෙතරම් නිරත වූවත් එය අපගේ වයපාරික කටයුතු  වලට අදාල කර ගන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙක් දන්නේ නැහැ .

සමාජ  මාධ්‍ය  ජාල   තුල අලෙවි කටයුතු වර්ධනය කර ගැනීමට –

ඔබ හඳුන්වා දෙන සේවාව  හෝ නිෂ්පාදනය කරන භාන්ඩ  ඇතුලත්   සමාජ  මාධ්‍ය  ජාලා පිටුවක් නිර්මාණය  කර එය නිතිපතා  ක්රමවත්ව පවත්වාගෙන යා යුතු අතර ඒ සඳහා වැඩිපුර කාලයක්  ගතකිරීමද වැදගත්වේ.

facebook, twitter, Sanpchat, Instagram,LinkedIn   වැනි  සමාජ  මාධ්‍ය  ජාලා  ඔබගේ ව්යාපාරික කටයුතු සඳහා උපයෝගී කර ගැනීමෙන් ඔබගේ නිෂ්පාදන හෝ සේවාවන්   ඉතා අඩු කාලයක්‍  තුලදී  විශාල පිරිසකට හඳුන්වා දීමට හැකිවේ.ඒ  හරහා  ඔබගේ නිෂ්පාදන වලට ඉක්මනින්ම ගැනුම්කරුවන්ද  සොයා ගත හැකිවේ.

නිෂ්පාදන හෝ සේවාවන් වෙළඳ පොලට හඳුන්වාදීමේදී රැපවාහිනි , පුවත්පත්, හෝ  ගුවන් විදුලි දැන්වීම් සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන නමුත්  සමාජ මාධ්‍ය ජාලා  හරහා ඉතා අඩු මුදලකට එය කල හැකි අතර   ඉක්මනින්ම විශාල පිරිසක් කර ළඟා  වීමේ හැකියාවද ලැබෙනවා .

ඔබට website එකක්  තිබෙනවානම් එය සමාජ මාධ්‍ය ජාල තුල හඳුන්වා දීමෙන් එයටද පිවිසෙන පිරිස වැඩි වී ඒ හරහා ද ඔබට විශාල ගැනුම්කරුවන් සොයා ගැනීමට අවස්ථාව උදාවේ.

අකන්ඩව   සමාජ මාධ්‍ය ජාලා   බාවිතා කිරීම හරහා ඔබගේ නිෂ්පාදන හෝ සේවාවන් පිළිබඳව බොහෝ දෙනෙක් කතා කිරීමට පෙළබේ. එය ඔබගේ ව්‍යාපාරයේ  අඩුපාඩු නිවැරදි කර ගැනීමට උපකාරී වේ.

#tag  බාවිතා කිරීම ඉතා වැදගත් වන අතර ඒ හරහා බොහෝ පිරිසකට ළඟා  විය හැකිවේ.

ඔබ ව්‍යාපාරයට එක් කරන  අලුත් විශේෂාංග  සමාජ මාධ්‍ය ජාලා හරහා ඔබගේ පරිබෝගිකයන්ව දැනුවත් කරන්න.

සමාජ මාධ්‍ය ජාලා හරහා ඔබ පාරිබෝගිකයන් සමග  ඍජුවම සම්බන්ද වන  බැවින්  ඔවුනට පැන නගින ගැටළු වලට ඉක්මනින්ම පිළිතුරු සැපයිමටද හැකිවේ.

සමාජ මාධ්‍ය ජාලා හරහා නොමිලේ මෙන්ම ඉතා අඩු  මුදලට ප්‍රචාරණ කටයුතු කල හැකි අතර අද ඉතා ඉක්මනින් අලෙවි කටයුතු කිරීමට වඩාත් සුදුසුම මාධ්‍ය මෙය බොහෝදෙනා පිළිගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *