සංචාරක කර්මාන්තය ඔබට ව්යාපාරික අවස්ථාවක් කරගත හැක්කේ කෙසේද?

නොබෝදා සංචාරක කර්මාන්තයේ මුල් ස්ථානයක් ගන්නා රට ලෙස ශ්‍රී ලංකාව ( Longly Planet ) මගින් ස්ථාන ගත කර ඇති බවට වාර්තා වෙයි. මෙය  අපේ රටට මහත් වූ  ගෞරවයක් මෙන්ම සංචාරක කර්මාන්තයේ යෙදී සිටින බොහෝ දෙනෙකුටම ඉතාමත් වැදගත් අවස්ථාවකි. විශේෂයෙන්ම මෙම ආරංචිය සංචාරක කර්මාන්තයේ දැනට නියැලෙන ඔබට මෙන්ම, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ඔබටත් අනගි අවස්තාවක් වනු ඇත. සංචාරක කර්මාන්තයේ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ඔබට වැදගත් කරුණු 5ක්,

තිරසාර ( Sustainable ) අංගයන්ගෙන් යුතුවූ සංචාරක ව්‍යාපාර සදහා ඉල්ලුමක් තිබීම

පරිසරයට හානි නොවන මෙන්ම තිරසාර පදනමකින් ඇති සංචාරක ව්‍යාපාරය තුල අවස්ථා රැසක් ඇති බව ඔබ දන්නවාද?

උදාහරණයක් ලෙස අලීන්ගෙන් ලබාගන්නා අපද්‍රවය වලින් කඩදාසි නිෂ්පාදනය කිරීම, වතුරේ පාවී යන ශාක, දිරාපත් වූ අතු වැනි දේ භාවිතා කරමින් ලී බඩු තැනීම වැනි අංග තුලින් ජාත්‍යන්තර මට්ටමට සංචාරක කර්මාන්තය දියත් කිරීමේ හැකියාව මෙමගින් ලබාගත හැකිය.

  1. සංචාරකයන් සදහා නව සේවාවන් සැපයීම

අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂ වටිනාකමක් ඇති ස්ථාන, ස්වභාවික අලංකාර ස්ථාන පිලිබදව පුළුල් දැනුමක් ලබා ගැනීමට හැකියාවක් ඇත. එවැනි ස්ථාන පිලිබදව නිසි දැනුමක් ලබාගැනීමෙන් ඔබට පුළුවන් සංචාරකයන්ට එම දැනුම ලබාදීමට එමගින් ඔබට නව ව්‍යාපාර අවස්තාවක් උදා වේ. මක්නිසාද බොහෝ දෙනා අලංකාර ස්ථාන නැරබීමට ගියත් ඒවායේ ඇති වැදගත්කම නොදනී. ගොඩක් දෙනා නොදන්න ලස්සන තැන් මෙන්ම සුවිශේෂ වටිනාකම් ඇති ස්ථාන අපේ රටේ බොහෝ ඇත. ඔබ කල යුත්තේ කැපවීමකින් එවැනි ස්ථාන පිලිබදව පුළුල් දැනුමක් ලබාගැනීමයි. එය ඔබට නව ව්‍යාපාර අවස්තාවක් වනු ඇත. මෙමගින් ඔබට මගපෙන්වන්නෙකු ( Guide ) වුවද විය හැකිය.

2. පරිසර හිතකාමී සේවාවන් ලබාදීම

අද වන විට සංචාරකයින් බොහෝ දෙනෙක් පරිසර හිතකාමී දේට ඇලුම් වෙයි. එම නිසා පරිසර හිතකාමී ලෙස සේවා සැපයීමට ඔබට හැකියාව ඇත. වනෝද්‍යානයක් තුලදී සතුන් බැලීමට යාමේදී එම සතුන්ට සුදුසු පරිසරක් තුල සිටීමට ඉඩ සලසා දීම, ඔවුන්ගේ හැසිරීම් රටා පිළිබද හොද අවබෝදයක් තිබීම උදාහරණයක් ලෙස ගත හැකිය. පොලිතීන්, දිරානොයන දේ වෙනුවට පරිසර හිතකාමී දිරායන දේවල් භාවිත කරමින් ආහාර පිළිගැන්වීම කල හැකිය. ඒ නිසා ආහාරවල රසයද ඉතාමත් ඉහල යනු ඇත. මෙය ඔබට බොහෝසෙයින් වැදගත් වන කරුණකි.

3. දැනට වෙළදපොලට නිකුත් නොවන සේවාවක් තෝරාගැනීම

ඕනෑම ව්‍යාපාරයක වෙළදපොලට නිකුත් නොකර කොටසක් තිබේ. ඔබ කලයුත්තේ එම කොටස හදුනා ගැනීමයි. සංචාරක කර්මාන්තයේ නියැලීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් මෙය ඔබට ඉතා වාසිදායක තත්වයකි. ඒ නිසා ඔබ සංචාරක කර්මාන්තය පිලිබදව හොදින් අධ්‍යනයක් සිදු කොට මෙතෙක් නොලැබෙන සේවාවක් සොයාගනිමින් එම සේවාව ලබාදීම තුලින්  ව්‍යාපාරිකයෙකු විය හැකිය.

4. දැනට සේවා සපයන ආයතන හෝ පුද්ගලයන් සමග සම්බන්ද වීම

දැනට මෙම කර්මාන්තයේ දැනුම හා අත්දැකීම් ඇති පුද්ගලයන් සමග එක්වී ඔබේ  ව්‍යාපාරය වඩාත් පුළුල් කරගැනීමටද ඔබා හැකියාව ඇත. ඔවුන්ගේ දැනුම මෙන්ම ඔබේ දැනුමද එකට එකතු කරමින් ඇති සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගැනීමට මෙය කදිම අවස්ථාවකි.

2019 වයවසායක  ඔබට සංචාරක කර්මාන්තය තුල අවස්ථා රැසක් ඇති බව තේරුම් ගෙන හොද වයවසායකයෙකු වීමේ අරමුණින් ඔබත් එහි ඇති අවස්ථා හදුනාගෙන ඔබේ ව්‍යාපාර සිහිනය සැබෑ කරගන්න.

ඔබට තවත් විස්තර අවශ්‍ය නම් අපි ඔබට උපකාර කිරීමට කැත්තෙන් සිටිමු. විස්තර දැනගැනීමට [email protected]  වෙත    E-Mail    කරන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *