ශ්‍රී ලංකික ව්‍යවසායකයින්ට දැනට ලෝකයේ සිටින ධනවත්ම ව්‍යවසායකයා වන Elon Musk ගෙන් ඉගෙන ගත යුතු දේවල්……

Elon Musk කවුරුන්ද යන්න හදුන්වා දීමට අවශ්‍ය නැත. ඔහු අද වනවිට ලොව සුපතල චරිතයක් වී හමාරය.නව ව්‍යවසායක දැනුමක් ලොවට ඉගැන්වූ, ජාත්‍යන්තර වාහන ක්ෂේත්‍රයේ නව දැක්මක් සමග මහත් පෙරලියක් කල මොහුගෙන් අපට ඉගෙන ගත හැකි පාඩම් මොනවාද?
ඉන්ධන නොමැතිව පදවිය හැකි ලොව පළමු වාහනය Tesla මොටෝර් රථය නිපදවීමට සමත් වූ මොහු, මේ වන විට Space x, අභ්‍යවකාශ යානාව නිපදවීම සඳහා තම ව්‍යවසායක දැනුම හා නවෝත්පාදන හැකියාව අත්හදා බලමින් සිටී. මොහුගෙන් ව්‍යවසායකයන් ලෙස ඔබට ඉගෙන ගත හැකි දේවල් මොනවද යන්න දැනගන්න මෙම ලිපිය කියවන්න. එය ඔබට ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට මෙන්ම ජීවිතයටද දැනුමක් කර ගත හැක.

1. ඔබ කරන දේ ආශාවෙන් හා කැපවීමෙන් කරන්න.

ඉන්ධන   නොමැතිව බල ගැන්විය හැකි වාහනයක් ගැන Elon Musk සිහින දකින විට, මොටෝර් රථ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර  බලවතුන්  ඔහුට සිනා සෙන්නට විය. නමුත්  ඔහුගේ සිහිනය එතරම්ම ශක්තිමත් වූ නිසා ඔහු එයින් දුර්වල වුයේ නැත. ඔහු තව තවත් බලගැන්වී, දැනුම ලබා ගනිමින් තම අරමුණ ඉටුවනතාක් වැඩ අත්නොහලන්නට වග බල ගත්තේය.තම අදහස ඇත නොහැර අධිෂ්ඨානශීලීව තම අරමුණ කෙරෙහි වැඩ කිරීමෙන් ඔහු අද මෝටර් රථ ක්ෂේත්‍රයේ නව නැම්මක් ඇති කර ලොව ධනවත්ම ව්‍යවසායකයා බවට පත් විය.

2. Elon  Musk සමාජ මාධ්‍ය මගින් පාරිභෝගිකයන් සමග සම්බන්ධ වේ.

Musk  සමාජ මාධ්‍ය හරහා ඔහුගේ පාරිභෝගිකයන් සමග සම්බන්ධතා ගොඩනගා ගෙන ව්‍යාපාරයේ දියුණුවට මග පාදාගෙන ඇත. ජ්‍යාත්‍යන්තර මට්ටමෙන් ලොවත් සමග සම්බන්ධ  වීමේ වැදගත්කම ඔහු හදුනාගත් බැවින් අද වන විට ඔහුගේ ව්‍යාපාරය ශක්තිමත් ලෙස වර්ධනය කරගැනීමට හැකි වී තිබේ. ඔහු එක් පිරිසකට සීමා නොවී ලොව පුර වෙසෙන ප්‍රජාව ඉලක්ක කර ගනිමින් පාරිභෝගිකයන් සොයා යන මෙහෙයුමක නිරත වී සිටි. ඔහු මෙන්ම ව්‍යවසායක ඔබත් තම පාරිභෝගිකයන් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී ව්‍යාපාරයේ වපරිසය වැඩි කර ගන්න.

3. තමන්ට වැරදුනු තැන පිළිගෙන, ඒවා පසුකර යන්න.

Tesla රථය එක් රයකින් ගොඩ නැගුවක් නොවේ. ඔහු වැරදීම් අතපසුවීම් රාශියකට මුහුණ දීමට සිදු වුවාට නොඅනුමානය. ඔහුගේ වැරදි තීරණ වලින් යම්කිසි පසුබැමකට ලක් වුනද ඔහු තම අරමුණ ඇතහැරියේ නැත. වැරදීම්, අතපසුවීම් වලින් දැනුම උකහාගෙන ඉදිරියට එය නොවන්නට වග බලාගෙන, නිවැරදි මාර්ගයේ යමින් තම අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීමට ඔහුට තිබු උනන්දුව නිතැතින් පැසසිය යුතුය.
අපට වන අතපසු වීම් වලින් අපද පාඩම් ඉගෙන ඒවා නිවැරදි කර යලිත් තම අරමුණ කෙරෙහි නොවැටී ඉදිරියට යාම කල යුතුය.

4. බලාපොරොත්තු වූ දෙයට වඩා යමක් කිරීම.


Elon Musk මොටෝර් රථ ක්ෂේත්‍රයේ වෙනසක් කල නව නැම්මක් ලොවට හදුන්වාදුන් නිසා ඔහුගේ නිර්මාණය සුවිශේෂී එකක් වේ. ඔහුගේ වෙනස නම් සාමාන්‍ය ව්‍යවසයකයෙකුට වඩා විවිධත්වයෙන් යුතුව නිර්මාණය දෙස සිතා බැලීමය. ඔහු සැමවිටම බලාපොරොත්තු වනවාට වඩා දෙයක් ලබා දීමට උත්සුක වෙන අතර එයින් ව්‍යාපාරය සාර්ථක කර ගැනීම පහසුවක් වෙයි. තම පාරිභෝගිකයාට සේවාව හෝ භාණ්ඩය නිසි අයුරින් ලබා දීමත් ඔවුන්ට බලාපොරාත්තු වනවටත් වඩා දෙයක් ලබාදීමෙන් පාරිභෝගිකයන් තෘප්තිමත් කිරීමටත් පවත්වා ගැනීමටත් ලෙහෙසියෙන්ම හැකිය.

තවත් මෙවැනි දැනුම ලබාගන්න, අපේ ලිපි ලියවන්න. https://sinhala.vyapara.lk/2021/01/11/%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bd%e0%b7%99%e0%b7%83-%e0%b6%94%e0%b6%b6-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb/

Leave a Comment

Your email address will not be published. Required fields are marked *