ව්‍යාපාරයක Value Addition කියන්නේ මොකක්ද ?

Value Addition නැත්නම් වටිනාකම එකතු කිරීමක් යනු කුමක්ද යන්න ඔබ දන්නවද? එය ඔබේ ව්‍යාපාරයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක කර ගන්නේ කෙසේද ?
භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයන් අතට පත් කිරීමට ප්‍රථම, එම නිෂ්පාදනයට හෝ සේවාවට වැඩි වටිනාකමක් නැත්නම් වැඩි අගයක් ලබා දීම Value Addition නමින් හදුන්වයි. මෙම ලිපියෙන් එය කුමක්ද යන්න තවත් විග්‍රහ කර විස්තරාත්මකව ඔබට දැන ගත හැකිය.

1.නිෂ්පාදනයට හෝ සේවාවට වැඩි වටිනාකමක් ඇති කරනවා කියන්නේ කුමක්ද?

ගනුදෙනුකරුවන්ට සම්ප්‍රදායික ක්‍රම වලින් මිදී අමතර වටිනාකමක් ගෙන එය තුලින් පාරිභෝගික අපේක්ෂාවන් ඉක්මවා යාම සාර්ථකත්වයට හොඳම ක්‍රමයයි. මෙහිදී ව්‍යාපාරයක් විසින් ගත යුතු පළමු පියවර වන්නේ එහි ඉලක්කගත පාරිභෝගිකයන්ට ඉතා වැදගත් හා වටිනා දේවල් මොනවද යන්න හදුනා ගැනීමයි.
උදාහරණයක් ලෙස ඔබ තේ නිෂ්පාදන ආයතනක් පවත්වාගෙන යන කෙනෙක් නම්, ඔබ තේ පැකට්ටුවක් විකිණීම පමණක් ඉලක්ක කර නොගෙන, එම තේ එක එවෙලේම සාදා පානයට ගත හැකි වන අයුරින් හෝ එසේත් නැත්නම් ඔබේ වෙළඳ සන්නාමයට අවේනික වූ වටිනාකමක් එකතු කර ගත හැක. මෙය අංශ රැසකට අදාල වූ කරුණකි.
ඔබේ නිෂ්පාදන ක්‍රියාවලියට Ready to drink / Ready to eat වැනි සංකල්ප භාවිතයෙන් ගැනුම්කරුවන් තෘප්තිමත් කර, රඳවා තබා ගැනීමට ඉවහල් විය හැක.

2.වැඩි වටිනාකමක් එකතු කිරීම ඔබේ නිෂ්පාදන ක්‍රියාවලියට එක් කර ගන්නේ කෙසේද?


ඔබ ඔබේ නිෂ්පාදන හෝ සේවා ක්‍රියාවලියට වැඩි වටිනාකමක් එක් කිරීමට මත්තෙන් පාරිභෝගික අවශ්‍යතා පිලිබඳ සොයා බැලිය යුතුය. මන්ද සෑම නිෂ්පදනයකටම මෙය ගැලපෙන්නේ නැති හෙයිනි. ඇතැම් නිෂ්පාදනවලට පාරිභගිකයන් කැමති වනුයේ එහි ඇති සරල භාවයටයි. එම නිසා එවැනි නිෂ්පාදන වලට මෙම වටිනාකම් වැඩි කිරීම් කිරීම නුසුදුසු වේ. එම නිසා පළමුව ඔබ ඉලක්ක පරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් හදුනා ගෙන, ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලා ඔවුනට ගැලපෙන දේවල් එකතු කර ගැනීම කල යුතුය.

3.වැඩි වටිනාකමක් එකතු කිරීමෙන් ප්‍රතිලාභ වැඩි කර ගත හැක.


නිෂ්පාදනයක් හෝ සේවාවක් සඳහා අගය එකතු කිරීම සමාගම්වලට වැඩි ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට උපකාරී වන අතර එමඟින් ආදායම සහ ලාභය ඉහළ නැංවිය හැකිය. ඒ කෙසේද යත් ඔබේ නිෂ්පාදනයට හෝ සේවාවට ඔබටම ආවේනික වූ විශේෂාංගයක් තිබේ නම් එය වැඩි මිලකට සැපයීමේ හැකියාව තිබේ.
උදාහරණයක් ලෙස පිටි වෙනුවට සාදා ගත රොටි එසේත් නැත්නම් අඩක් පිසින ලද අහර වර්ග ඔබ අලෙවි කරනවා නම් එයට වැඩි වටිනා කමක් එක් වෙනවා මෙන්ම මිලද වෙනස් කල හැකි වේ.
මෙහිදී තනි තීරණ නොගෙන, ගැනුම්කරුවන්ගේ හඬටද සවන් දී, අන්තර්ගත අලෙවිකරණයේ වැදගත්කම හදුනා ගන්න.

4.අදාළත්වය වැදගත් වේ.


ඔබේ නිෂ්පාදනයට හෝ සේවාවට වැඩි වටිනාකමක් එක් කිරීමේදී එයට අදාල දේවල් හදුනා ගෙන ඒවා පමණක් කිරීම ඉතා වැදගත් කරුණකි. මෙය empathetic marketing සංවේදී අලෙවිකරණය යනුවෙන් හැදින්වේ. ඔබේ පරිබෝගිකයන්ගේ අවශ්‍යතා, ආකල්ප හා හැඟීම් තේරුම් ගැනීමෙන් මෙය වඩාත් සාර්ථක කර ගත හැකිය. එයින් පාරිභෝගිකයන් ඔබේ ව්‍යාපාරයට කැමැත්තක් දැක්වීමටද, ඔවුන්ව පොළඹවා ගැනීමට ද උපයෝගී වේ. විවිධ ව්‍යාපාරයන් විවිධ ක්‍රම උපයෝගී කර ගැනීමෙන් පාරිභෝගිකයන්ට නවමු අත්දැකීමක් ගෙන ඒමට උත්සහ දරයි.

5.අගය එකතු කිරීමේ උපක්‍රම සඳහා උදාහරණ කිහිපයක්:


බලාපොරොත්තු වූවාට වඩා වේගවත් හා පහසු පාරිභෝගික සේවාවක් සැපයීම. වෙළඳපොල තුල පවත්නා නිෂ්පාදන වල ගුණාංග හා තත්වය නංවා ගැනීමට විවිධ ක්‍රම උපයෝගී කර ගැනීම. වෙනස් වන ජිවන රටාව අනුව නිෂ්පාදනද ව්‍යාපාරයද අලුත් විය යුතුය. නව ප්‍රවණතා හදුනා ගෙන ඒවා වලින් නිෂ්පාදන වලට වැඩි වටිනාකමක් එකතු කර ගැනීම. නිෂ්පාදන හා සේවා ලබාගත් පසු පාරිභෝගිකයන් පිලිබඳ පසු විපරම් කිරීම. ඔවුන් පිලිබඳ සොයා බැලීම. ඔබේ නිෂ්පාදනය/සේවාවේ ඇති ප්‍රයෝජන හා අන්තර්ගතය නියම ආකාරයට පරිභෝගිකයාට දැන ගැනීමට ඉඩ සැලසීම. (Content Marketing.) නිෂ්පාදන ඇසුරුම් පරිභෝගිකයාගේ සිත් ඇදගන්න ආකාරයෙන් මනා නිමාවකින් යුතුව පිලිගැන්වීම.
ඔබේ ව්‍යාපාරයට සහ නිෂ්පාදනවලට නව මානයන් එක් කිරීමට වෙනත් සමාගම් සමඟ හවුල් වීම.

මෙවැනි ලිපි තවත් කියවන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *