ව්‍යාපාරයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඔබ නොදත් දේ මොනවාද?

ව්‍යාපාරයක් ආරම්භ කිරීම සිතා සිටින ඔබ ඊට ප්‍රථමව බොහොමයක් කරුණු කාරණා අධ්‍යනය කරනු ලබයි. සමහරවිට එවිට ඔබට මෙවැනි දේවල් අතපසු විය හැකියි. අද අපි බලමු ඒ මොනවද කියලා.

  1. ආතතිය වැඩි විය හැකිය
    ඔබගේ ව්‍යාපාරයේ හැම කාර්යක්ම ඔබ විසින්ම සිදු කරන්නට යාමේදී ඉන් ඇතිව අධික කාර්ය බහුලත්වය නිසාම ඔබට ආතතිය ඇති විය හැකිය. එමනිසා මෙවැනි කාරණා ගැන ඔබ වඩාත් සැලකිලිමත් වන්න. හැම කාර්යක්ම ඔබ මතම පටවාගෙන අනවශ්‍ය ලෙස වෙහෙස වීමෙන් වලකින්න. හැමවිටම සැලැස්මකට අනුව දවසේ වැඩ කටයුතු සිදු කරන්න.
  2. මුල්‍ය අවශ්‍යතා පාලනය කරන්න
    ව්‍යාපාරයක් ආරම්භයේදී මෙය ඉතාමත්ම වැදගත් දෙයකි. අනවශ්‍ය ලෙස මුදල් පරිභෝජනය කිරීමෙන් ඔබ වැළකෙන්නේ නම් එය ඔබට ඉතාමත්ම යහපත් දෙයක් වනු ඇත. එවිට අනවශ්‍ය දේවල් වලට මුදල් නාස්ති වීම ඔබට අවම කරගත හැකිය. මුදල් පාලනයටද සැලසුමක් සකස් කරගන්නවා නම් වඩාත් හොද දෙයකි.
  3. ඔබගේ ජීවන රටාවේ වෙනස්කම්
    මෙය පුද්ගලයෙකු ලෙසට ඔබට ඉතාමත්ම වටිනා දෙයකි. ව්‍යාපාරයේ වැඩ කටයුතු සමග සිටින ඔබට ඔබගේ ජිවන රටාවේ යම් යම් වෙනස්කම් සිදු වන බව දැනෙනවද? ඔබ පවුලේ අය සමග ගත කල කාලය අඩු වීම, ඔවුන් සමග ඇති සම්බන්දතාවයේ ඇති දුරස් බව වැනි දේවල් ඔබේ ජීවිතයෙන් වෙනස් විය හැකිය. එය ඉතාමත්ම අයහපත් දෙයකි. එමනිසා එය එසේ නොවන්නට ඔබ වග බලාගත යුතුය.
  4. ව්‍යාපාරය කුඩා දරුවෙකු ලෙස රැකබලා ගැනීම
    ඔබේ ව්‍යාපාරය පොඩි දරුවෙකු රක බලාගන්නවා වගේ පරිස්සමෙන් හා ආරක්ෂිතව සිදු කළ යුතු දෙයකි. බොහෝවිට ඔබ විසින් ප්‍රායෝගික තීන්දු තීරණ ඔබ විසින් ගත යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *