ව්‍යවසායකයෙකු හැටියට සෞඛ්‍ය පිළිබදව ඔබ දැනගත යුත්තේ ඇයි?

ව්‍යවසායකයෙකු යනු, ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කර එය පවත්වාගෙන යන අයෙකි. නමුත් ඔබ පුද්ගලයෙකු හැටියට සෞඛ්‍ය සම්පන්න නැතිනම් එය ඔබට මහත් ගැටළුවක් වනු ඇත. එමනිසා ව්‍යවසායකයෙකු හැටියට ඔබ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු ලෙස සිටීමට ඔබ විසින් ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා අපි අද බලමු.

  1. ඔබගේ සෞඛ්‍යට මුල් තැන දෙන්න
    රෝගී තත්වයන්, මානසික විඩාවන් වැනි දේවල් ගැන ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. එවැනි දේවල් වලට ඔබ ඉක්මනින්ම ප්‍රතිකාර ලබා ගත යුතුය.
  2. විවේකය ලබාගන්න
    බෝහෝ අය අවධානය නොදෙන දෙයක් තමයි විවේකය කියලා කියන්නේ, ඔඅබ සැම විටම නීරෝගී පුද්ගලයෙකු වීමට නම් ඔබගේ ශරීරයට අවශ්‍ය විවේකය ලබාගත යුතුමය. නැත්නම් එය ඔබට වඩාත් හානිදායක වනු ඇත. අනවශ්‍ය ආතතියට ඉඩ නොදී සියල්ලම නිසි ලෙස කළමනාකරණය කරගත යුතුය.
  3. ශරීරයට අවශ්‍ය නිසි නින්ද
    ඔබ බොහෝ රෑ බෝ වන තුරුම වැඩ කටයුතු වල නිරත වෙමින් නින්දට දෙන්නේ අඩු කාලයක් නම් එය බෙහෙවින්ම භයානක තත්වයක් වනු ඇත. සාමාන්‍යයෙන් අපගේ ශරීරයට අවම පැය 6ක් නින්දක් අත්‍යාවශ්‍ය වෙයි.
  4. විටමින් C නිතර භාවිතය
    විටමින් C නිතර භාවිතයත් සමගම ඔබට ප්‍රතිශක්තිකරණ ශක්තිය ලැබෙනු ඇත. එමෙන්ම ස්වාභාවික ලෙස එය ලබාගැනීමට කැමති ඔබට රතු ලූනු, සුදු ලූනු හා කා මගින් එය ලබා ගත හැකිය.
  5. ව්‍යායාම වල නිරත වීම
    ව්‍යවසායකයෙකු ලෙස සිටින ඔබ ව්‍යායාම කිරීම ඔබගේ දවසේ එක් අංගයක් බවට පත් කරගන්න. එමගින්ද ශරීරයට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ඔබට ලැබෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *