ව්‍යවසායකයෙකු ලෙස ඔබට එළඹිය හැකි ක්ෂේත්‍ර රැසක් ඇති බව ඔබ දන්නවද?

ඔබත් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවාද? ව්‍යවසායකයෙකු ලෙස යොමු විය හැකි අංශය ගැන දැනුවත් වන්න, මෙම ලිපිය කියවන්න.

ව්‍යවසයකයෙක් වීමට ප්‍රථමයෙන් ඔබට ඔබේ හැකියාවන් අනුව යොමු විය හැකි ක්ෂේත්‍ර ගැන දැනුමක් තිබිය යුතුය. ශ්‍රී ලංකාවේ වර්තමාන අවශ්‍යතාවයන් අනුව ඔබටත් යොමු විය හැකි ව්‍යාපාර අවස්ථාවන් පුළුල් වී ඇති අතර ඒවා ගැන දැනුවත් වීම ඉතා වැදගත් වේ. මෙම ලිපියෙන් ඔබට සම්ප්‍රදායෙන් බැහැරව පාරිභෝගික අවශ්‍යතාවයන් අනුව ඒවාට සරිලන නව ව්‍යවසායක අවස්ථා හා ක්ෂේත්‍ර පිළිබද අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ.

1. ශ්‍රී ලංකික අහාර වර්ග

වර්තමානයේ ඇති වේ තිබෙන තත්වයත් සමග අපේ අහාර රටාද වෙනසකට ලක්විය.ඒ අනුව අද වනවිට ශ්‍රී ලංකාවේ ගැමි අහර හා අපට අවේනික වූ සිංහල කෑම වර්ග වලට බොහෝ දෙනෙක් නැඹුරු වී තිබේ. ඔබටත් ශ්‍රී ලංකික අහාර වර්ග අලෙවි කිරීමේ ව්‍යවසායක්යෙක් වීමට මෙය සුදුසුම කාලයකි. මෙහිදී රස පමණක් නොව එහි ගුණාත්මක බාවය ද පවත්වා ගැනීමෙන් පාරිබෝගිකයන් රදවා ගැනීමට ඔබට හැකිය.

2.නිවසට භාණ්ඩ බෙදා දීම (home delivery)

ඔබ දැනටමත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙක් නම් හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයෙක් නම් ඔබට ඔබේ භාණ්ඩ හෝ සේවාව නිවසටම ලබා දීමේ හැකියාව තිබීම (home delivery ) අත්‍යවශ්‍ය කරුණකි. පාරිභෝගිකයන් නොකැඩි පවත්වා ගැනීමට ඔබට අනිවාර්යෙන්ම නව තාක්ෂණයත් සමග ගමන් කිරීමට සිදු වනු ඇත.ව්‍යාපාරයක දියුණුවට මෙය ඍජුව බලපාන අතර අලෙවියටද ඉතා පහුවක් වේ. එහිදී පාරිභෝගිකයන්ට තෘප්තිමත් වන ලෙස හැකි ඉක්මනින් භාණ්ඩය ලබා දීම ඔබේ වගකීමකි

3.සෞඛය සේවා සම්බන්ධයෙන් ඇති ව්‍යාපාර අවස්ථා

සෞඛය ආශ්‍රිත ව්‍යාපාර වලට ඔබට යොමු වීමේ හැකියාව මේ වන විට වැඩි වී තිබේ. සෞඛ්‍ය නිෂ්පාදන වලට වැඩි ඉල්ලුමක් ද තිබෙන අතර සීග්‍ර වර්ධනයක් ද පෙන්නුම් කරයි. මුහුණු ආවරණ, ඇත ආවරණ ඇතුළු නිෂ්පාදන ද, ඖෂධයද අලෙවිය වැනි කටයුතුද මේ වන විට මහත් ඉල්ලුමක් ඇති ව්‍යාපාර ක්ෂේත්‍ර වී හමාරය.

4.මානසික සෞඛ්‍ය සේවා

කොවිඩ් 19 තත්වය යටතේ මානසික රෝග සම්භන්දයෙන් ඇති වී තිබෙන උදගතකාරී තත්වය අනුව ඔබටත් මෙම අංශයේ ව්‍යවසයකයෙක් වීමේ හැකියව ඇති වී තිබේ. නමුත් මෙහිදී ඔබට මානසික සෞඛ්‍ය පිලිබඳ මනා දැනුමක් තිබිය යුතුය. ඔබටත් මේ අංශයෙන් දැනුමක් පුහුණුවක් ඇති අයෙක්නම් හෝ ඒ සම්බන්ධව ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන අයෙක් නම් මෙය ඔබට වඩාත්ම ගැලපෙන ව්‍යවසායක ක්ෂේත්‍රයක් වේ.

5.දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා සම්බන්ද ව්‍යවසායක අවස්ථා

දරුවන්ගේ අධ්‍යාපනය අර්බුදකාරී අවස්ථාවක පවතින මේ මොහොතේ ඔබටත් මේ අංශයෙන් ව්‍යවසායක අවස්ථාවකට යොමු විය හැක. ඔබ ප්‍රගුණ කල අංශයකින් දරුවනට online ඉගැන්වීමට හෝ දරුවන්ට පාසල් වැඩ කටයුතු වලට උදවු කිරීම ( homework helperer) කල හැක. එසේත් නොමැති නම් පුහුණු පාඨමාලා (training courses ), පාඩම් සද දීම (lesson plans selling ) වැනි දේවල් ද ලෙහෙසියෙන්ම කල හැකි දේවල් වේ.

මෙවැනි ලිපි තවත් කියවන්න. https://sinhala.vyapara.lk/2021/01/25/%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb-%e0%b7%84%e0%b6%af%e0%b6%b1-%e0%b6%89%e0%b6%a7%e0%b7%92%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%b8%e0%b7%8a-%e0%b7%84%e0%b7%9c%e0%b6%b3-%e0%b6%85%e0%b6%af/

Leave a Comment

Your email address will not be published. Required fields are marked *