ව්‍යවසායකත්වයට පදනම වන්නේ කුමක්ද?

ඔබ ව්‍යවසායකත්වය තෝරා ගැනීමට අදහස් කරනවා නම් මුලින්ම ඔබ සොයා බැලිය යුත්තේ ව්‍යවසයකතව පදනම කුමක්ද යන්නයි. එයට අවතීර්ණ වීමට පෙර එය ඔබට ගැළපේද නැද්ද යන්න පිළිබදව සොයා බැලීමක් ඔබ විසින් සිදු කළ යුතුය.

  1. ව්‍යවසායකත්වය තෝරාගන්නේ කෙසේද?
    මේ සදහා ඔබ ව්‍යවසයකත්වය සමග එන අභියෝග ඔබට ජයගත හැකිද නැද්ද යන්න වග සොයා බැලීමක් කළ යුතුය. මක්නිසාද මෙය බොහෝ විට දුෂ්කර ගමනකි. එමනිසා මේ ගමනේදී ඔබට තිබිය යුතු ගුණාංග කිහිපයක් ඇත. ස්වෝත්සාහය, කැපවීම, ආත්ම ශක්තිය යන මේවා ඔබට නැතිනම් ඔබට සාර්ථක ව්‍යවසායකයෙකු වීම තරමක් අපහසු වෙයි. මන්ද ඔබ ඉදිරියට එන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට ඔබට හැකියාවක් මෙන්ම ආත්ම ශක්තියක් තිබිය යුතුමය. ව්‍යවසායකත්වය තෝරා ගැනීමට පෙර ඔබ ඊට අදාළ වටපිටාව, ඔබ ඒ සදහා දිය යුතු වේලාව යන මේ දේවල් ගැනද ඔබට යම් කිසි අවබෝධයක් තිබිය යුතුය.
  2. ව්‍යාපාර අදහසක් තෝරාගන්නේ කෙසේද?
    ව්‍යාපාරයක් ආරම්භ කිරීම තරමටම එය පවත්වාගෙන යාමත් අභියෝගාත්මකය. ව්‍යාපාර අදහසක් මනාව සිතා බලා කළ යුතු දෙයකි. ව්‍යාපාර අදහසක් සාර්ථක වන්නේ ඔබට තියෙන හැකියාව හා පළපුරුද්ද මතයි. එමෙන්ම එම අදහස ඔබට සරිලන එකක් විය යුතුය. ඔබ සතු හැකියාවට සරිලන එකක් වනවා නම් ඉතාමත්ම හොදය. ව්‍යාපාර අදහස තවත් වැදගත් වන්නේ එය ඔබටම ආවේණික ශෛලියකින් ඇති නම් පමණි. Unique Selling Proposition (USP) මෙයින් අදහස් වන්නේ වෙන අයෙකුට නොමැති ඔබට පමණක් ඇති සුවිශේෂ දෙයකි. එමනිසා ඔබට ඔබගේ ඇති විශේෂ හැකියාවන් මුල් කරගෙන ව්‍යාපාර අදහසක් ගොඩනගා ගත හැකිය.
  3. ව්‍යාපාරයක් සැලසුම් කරන්නේ කෙසේද?
    මෙය ඉතාමත්ම වැදගත් අංගයකි. ඔබ මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ කුමන අංගය තුළින්ද යන්න සැලසුම් කළ යුතුය. මුල්‍යකරණ හා අලෙවිකරණය පිළිබදවද ඔබට නිසි සැලසුමක් තිබිය යුතුය. කෙසේද ඔබගේ ව්‍යාපාරය ස්ථාපිත කරන්නේ? කෙසේද එය ඉදිරියට පවත්වාගෙන යන්නේ? මේ දේවල් ඔබගේ Business Plan එකට ඇතුලත් විය යුතුය. පාරිභෝගික අවශ්‍යතා හදුනාගෙන එම අවශ්‍යතා වලට සරිලන සේවාවක් ලබා දීමෙන් ඔබට වැඩි වාසියක් ඇත කරගත හැකිය. එමෙන්ම කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම්ද ඔබ විසින් සකස් කළ යුතුය.

ඔබට තවත් ව්‍යාපාරික දැනුම ලබාගැනීමට අවශ්‍ය නම් අපගේ vyapara.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *