ව්‍යාවසායකත්වයට අවශ්‍ය නායකත්වයේ වැදගත්කම

 

ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හා පවත්වාගෙන යාමට වැදගත් වන්නේ විශිෂ්ට නායකත්වයයි .

නායකත්වය යනු යමක් ආරම්භ කිරීම පමණක් නොව ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් ඉදිරියර යෑමයි.

අපට ව්‍යාවසායකයන් ලෙස නායකත්වය පිලිබදව මනා අදහස් කිහිපයක් මේ දිනවලදී ලබා ගත හැකි වන්නේ යුක්රේන ජනාධිපතිවරයාගෙන්ය.

එය එසේ කියන්නේ ඇයි ?

අද වන විට යුක්රේන ජනාධිපතිවරයාගේ නායකත්වය පිලිබදව ඉතා විශාල ප්‍රසාදයක් හා ගරුත්වයක් ලොව පුර ඇති වී තිබේ. මෙයට හේතු වන්නේ කුමක්ද?

නායකත්වය පිලිබදව හොදම නිදසුන් අපට ලැබෙන ප්‍රශ්නයක් පැන නැගෙන විට ය.

යුක්රේන ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය හා ශෛලිය යුක්රේනයට රුසියාව කඩා වැදුණු අවස්ථාවේ සිට අද වන විට ඉතා ශක්තිමත් පදනමක් පෙන්නුම් කරයි.

එයින් අපට ගත හැකි අදහස් මොනවාද ?

ව්‍යවසායකයෙක් ලෙස ඔබ පාරිභෝගිකයන් සොයා ගන්නේ කෙසේද ?

01. ප්‍රශ්නයකින් පැන යනවා වෙනුවට ස්ථාවරත්වයක් ගොඩ නාග ගැනීම.

 

යුක්රේනයේ ජනාධිපතිවරයාට ඇෆ්ගනිශ්තාන් නායකයා කරා මෙන් රටෙන් පැන යාමට ඉඩ තිබිණ.
ඔහුට ඒ සදහා ආරාධනා ද ලැබිණ. නමුත් ඔහු එය නොකර තම රටෙම සිටිමින් ශක්තිමත් නායාකත්වයක් රටට ලබා දුන්හ.

මෙහි ප්‍රතිපලයක් ලෙස රටේ වැසියෝද ශක්තිමත් වෙමින් රුසියනු ආක්‍රමණිකයන්ට රිසි ලෙස කටයුතු කිරීමට ඉඩ නොදෙමින් තම රට ආරක්ෂා කරමින් සිටිති.

මෙයින් අප ඉගෙන ගත යුතු පාඩම වන්නේ ප්‍රශ්නයක් වූ විට දී පැන නොගොස් එම ප්‍රශ්ණය විසදෙන තුරු තමා ගොඩනගාගත් ආයතනයට ශක්තියක් වෙමින් නායකත්වය සැපයිය යුතු බව.

02. නායකත්වයට අවශ්‍ය වන්නේ ශක්තිමත් පදනමක්.

ආයතනයක් හෝ ව්‍යාපාරයකට නායකත්වය ලබා දීම ශක්තිමත් පදනමක සිට විය යුතුයි.

ආයතනය ගොඩ නැගීම හා ව්‍යාපාරයක් ගොඩ නැගීම පහසු කාර්යක් නොවේ.
ඒ සදහා සමසුමක් අවශ්‍ය වේ එලෙස සැලසුම් ගොඩ නැගීමට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය වේ.

ශ්‍රී ලංකික ව්‍යවසායකයින්ට දැනට ලෝකයේ සිටින ධනවත්ම ව්‍යවසායකයා වන Elon Musk ගෙන් ඉගෙන ගත යුතු දේවල්……

 

03. සාර්ථක නායකයෙක් වන්න කණ්ඩායමක් අවශ්‍යයි.

 

සාර්ථක නායකයන් ගොඩ නැගෙන්නේ තනිව නොව ඔවුන්ගේ කණ්ඩායම සමගය.

යුක්රේන නායකයාද තමන්ගේ කණ්ඩායම සමග රටේ බැරෑරුම් අවස්ථාවේද නායකත්වය සපයමින් සිටි.

තනිව නායකයෙක් වීමට නොහැකි අතර නියම නායකත්වය ලැබෙන්නේ තමන්ගේ කණ්ඩායමට සහ තම ආයතනයට නායකත්වය දීම තුලිනි.

අප එය දකින්නේ බොහෝ විට තනිව නායකත්වය අසාර්ථක වන නිසා ය.

 

04. නායකත්වය ඕනෑම අවස්තාවක මුහුණ දෙල ලෙස ශක්තිමත් විය යුතුයි.

 

ව්‍යාවසායකයෙක් හෝ ව්‍යාපාරිකයෙක් හැටියට බොහෝ අනපේක්ෂිත තත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකි ය.

එම නිසා නායකත්වය තමන් ප්‍රගුණ කල යුත්තේ එම ඕනෑම තත්වයකට ඔරොත්තු දීමේ හැකියාවද සමගය.

මෙය බොහෝ විට ප්‍රගුණ කල හැක්කේ තමා එවන් අවස්ථාවලට මුහුණ දෙමින්ය. ඒ සදහා පෙරහුරුවක් ලෙස යුක්රේන ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයෙන් අපට අදහසක් ගත හැක

අපේ නොවන අපේ ලෝකය (Augmented Reality & Virtual Reality)

Leave a Comment

Your email address will not be published.