ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව LP ගෑස් ක්ෂේත්‍රය සඳහා රජය ලබා දෙන විසදුම පිළිබඳව තතු පහදයි ශ්‍රී ලංකාවේ LP ගෑස් ක්ෂේත්‍රය කොයිබටද?

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලශක්ති ප්‍රභවයක් වන LP ගෑස්  ක්ෂේත්‍රය මේ වන විට ඉතාමත් අභියෝගාත්මක ප්‍රශ්න වලට  මුහුණ දෙන බව කවුරුත් දන්නා අතර  එම ක්ෂේත්‍රය විශාල වශයෙන් අඩපණ වීමට හේතූ  රෑසක් බලපා ඇත.

ලාංකීය LP ගෑස්  ක්ෂේත්‍රය  ආයතන  2ක් මඟින් ක්‍රියාත්මක වෙයි.  ගෑස්  භාවිතය පිළිබඳව වසර 150කට වඩා වැඩිවූ අභිමානවත් උරුමයක් තිබෙන ශ්‍රී ලංකාවේ ජාතික LP ගෑස් සැපයුම්කරු ලිට්රෝ ගෑස් සමාගම ලෙස සැලකේ.

2010 වසරේ රජය සතු වු ලිට්රෝ ගෑස් සමාගම අද වනවිට 80% ක වෙළඳපොළ කොටසකට හිමිකම් කියමින් ගෘහස්ත සහ කර්මාන්ත යන අංශ දෙකෙහිම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වී ඇත. ලිට්රෝ ගෑස් සමාගම 220 ක කාර්ය මණ්ඩලයක් සමඟ කාර්යක්ෂම සහ විධිමත් ලෙස මෙහෙයුම් කළමනාකරණය කරමින් වසරකට රුපියල් බිලියන 47 ක ආදායමක් රටට ලබා දෙයි .

මීට අමතරව බෙදාහරින්නන් 42 ක් හරහා පුද්ගලයින් 2,000 කට අධික පිරිසකට ඍජු රැකියා අවස්ථා ලබා දී තිබෙන අතර අළෙවි නියෝජිතයින් 14,000 ක ජාලයක් සමාගම විසින් බල ගන්වනු ලබයි. තවද 1500ක් වු ලිට්රෝ  ගෑස් බෙදාහැරිමේ ජාලය තුලින් වක්‍රව රැකිය අවස්ථාද හිමී කර දි තිබේ.

Laugfs ගෑස් සමාගම මීට වසර 20කට පෙර වාහන සඳහා ගෑස් සැපයීම මුල් කර ගෙන ආරම්භවූ  අතර පසුව LP ගෑස්  ක්ෂේත්‍රයට පිවිසි ඇත.

අද වන විට අධික ණය බරකින් යුත් මෙම සමාගමට හම්බන්තොට විශාල LPG ගබඩා පහසුකම්  මෙන්ම නැව් සතුව වුවද ඒ සඳහා විදේශීය ආයෝජනය ලබා ගැනීමට නොහැකි වනුයේ ජාත්‍යන්තර ආයෝජන වටිනාකමක් නොමැති නිසාය.  LP ගෑස්  ක්ෂේත්‍රය රෑක ගැනීම උදෙසා  රජය විසින් ඉදිරිපත් කර තිබෙන යෝජිත සැලැස්මට අනුව  Laugfs සමාගමට වැඩි ප්‍රතිලාභ ලබා දී තිබෙන බැවින්   එම  ක්ෂේත්‍රය දැඩි අභියෝගාත්මක ප්‍රශ්න වලට මුහුණ දෙයි.

මේ පිලිබඳව අදහස් දක්වන ලිට්රෝ සුරැකිමේ ජාතික එකමුතුවේ ටෙරන්ස් අප්පුහාමි මහතා පවසා සිටියේ  ” ජාතික LP ගෑස්  සපයුම්කරු ලෙස රජය සතු ලිට්රෝ ගෑස්  සමාගම ශක්තිමත් කිරීම සහ එම ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහාLaugfs සමාගම විසීන් රජයෙන් හා පුද්ගලික බෑංකු වලින් ඇප නොමැතිව  ලබා ගෙන තිබෙන රුපියල් බිලියන 40 ක ණය ගෙවිමේ ක්‍රමවේදය සඳහා තමන් විසින් විසදුම් රැසක් ඉදිරිපත් කර තිබෙන බවය.

අප විසින් දි තිබෙන එම විසදුම් නම්
■ ජාත්‍යන්තර පිලිගත් එම ක්ෂේත්‍රයේම  ආයතනයක් සමග හවුල් ව්‍යාපාරයක් ලෙස Laugfs ගෑස් ගබඩාව මිලදි ගනීම හෝ
■ වසර දහයකට එම පර්යන්තය කල් බදු පදනමට ලබා ගනීම හෝ
■ ඔවුන්ගේ ගෑස් ව්‍යාපාරය මුලුමනින්ම ලිට්රෝ ගෑස් සමාගම විසින් මිලදී ගැනීම.

ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධිකාරිය විසින් ලිට්රෝ ගෑස් සමාගම මිල නියම කරන ක්‍රමවේදය එම කෂේත්‍රයේ  හොඳම මිල ක්‍රමවේදය ලෙස පිලිගෙන තිබේ. ලිට්රෝ ගෑස් සමාගමේ  සැපයුම් ජාලයේ කිසිදු ගැටලුවක්  කිසි දිනක නොතිබුන බවත් Laugfs ගෑස් සමාගම  සඳහාද ගෑස් සෑපයුම් කල  බව ඒ මහතා පවසා සිටියේය.

එම  ක්ෂේත්‍රයේ  ප්‍රමුඛයා  වන ලිට්රෝ ගෑස් සමාගම මෙට්රික් ටොන් 8,000 ක ගබඩා පහසුකම් මඟින්   මෙට්රික් ටොන් 33,000 ක වෙළෙඳපොළ අවශ්‍යතාවය  කිසිදු බාධාවකින් තොරව සපුරාලන බව ඔහු වැඩිදුරටත් පවසයි.

ලිට්රෝ  ගෑස්  සමාගම මෙට්‍රික් ටොන් 8,000 ක ගබඩා පහසුකම මඟින් වළෙඳපොළෙන් 80% ක අවශ්‍යතා සපුරාලනවා නම්  ඛ්මටfි  සඳහා  මෙට්‍රික් ටොන් 30,000 ක ගබඩා පහසුකමක් අවශ්‍ය වන්නේ ඇයි දැයි එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ප්‍රශ්න කරති.

ලිට්රෝ ගෑස් සමාගම ශ්‍රි ලංකාවේ මිලියන 4 කට වඩා වැඩිවු  නිවාස සඳහා සහ කර්මාන්ත ක්ෂේත්‍රය  සඳහ LPG ගෑස්  සපයනු ලැබේ.  2020 වසරේදී කොවිඩ් -19 වසංගතයෙන් පීඩාවට පත්වූ කර්මාන්ත වලට  සහයෝගය ලබා දීම සඳහා  විශේෂ දිරි දීමනාවක් ලෙස ගෑස්  මිල අඩු කර ලබා දුන් බවද අප්පුහාමි  මහතා පවසා සිටියේය.

ලිට්රෝ ගෑස් සමාගමට අවශ්‍ය නම් මෙට්රික් ටොන් 40,000ක් ගබඩා කල හැකි  පාවෙන ගබඩා සංකීර්නයක් කිසිම වියදමකින් තොරව ඇනවුම් කල හැකි බවත්  එවැනි මෙහෙයුම් සඳහා තරඟකාරී මිල ගණන් දැනටමත් සමාගමට ලබා දී තිබෙන බව අප්පුහාමි මහතා පවසයි.

ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා  ලෙස ලිට්රෝ ගෑස් සමාගම  ඕමාන් රජය සමඟ ගිවිසුගතවී තිබෙන බැවින් තරඟකාරි මිලක් ලැබෙන අතර තත්වයෙන් ඉහළ LP ගෑස් ලබාගැනිමට ද හැකි වි තිබේ.

කෙරවලපිටිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව මෙට්ට්‍රක් ටොන් එකකට ඩොලර් 105 ක් වන අතර 2022 වසරේ පළමු කාර්තුවෙන් අවසන් වීමට තිබෙන ගිවිසුම තුලින් මෙම මිල අඛන්ඩව පවත්වාගෙන යාමටද හැකි වනවා පමණක් නොව මීටත් වඩා හොඳ මිලක් ලබා ගැනිමටද හැකි වන බව ඔහු තවදුරටත් පවසයි.

ක්ෂේත්‍රයේ සමහර අය මෙට්ට්‍රක් ටොන් 1ක් සඳහා ඇ. ඩො. 80ක් වැනි අඩු මිලකට ද LP ගෑස් මිලදි ගන්නා නමුත්  එලෙස මිලදී ගන්නා LP ගෑස් තත්වයෙන් බාල ඒවා විය හැකිවේ.

හම්බන්තොට පිහිටි Laugfs  අයතනය සතු විශාල පර්යන්තයේ සිට LP ගෑස් සඳහා වැඩිම ඉල්ලුමක් පවතින බස්නාහිර පළාතේ කෙරවලපිටියේ පිහිට  ලිට්රෝ පර්යන්තයට සඳහා ප්‍රවාහනය කිරීම අනවශ්‍ය වියදමක් බව අප්පුහාමි මහතා අවධාරනය කරයි.

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 30%ක ප්‍රතිශතයක්  ගෘහස්ත ඉහුම් පිහුම් සඳහා LP ගෑස් භාවිතා කරන අතර 52%ක් දර සහ  වෙනත් විකල්ප  භාවිතා කරන බව ඔහු පවසයි. මීට අමතරව දිවයිනේ කර්මාත්න හා ව්‍යාපාර රැසක්ද LP ගෑස්  බලශක්තියක් ලෙස භාවිතා කරති.
මීට අමතරව  Laugfs සතු   හම්බ්තොට පර්යන්තයේ   එක් ගොඩබෑමේ යන්ත්‍රයක් පමණක් පවතින බැවින් එහි කාර්මික දෝෂයක්  සිදු වුවහොත් මුළු දිවයිනේම ගෑස්  හිගයක් ඇතිවිය හැකිය.

රටේ සමස්ත  LPG   ක්ෂේත්‍රයේ   වර්ධනය  සඳහා අදාළ  වනුයේ  පාරිභෝගික පදනම සහ වෙළඳපොල කොටස  මිස ගබඩා පහසුකම්  නොවන බව අප්පුහාමි මහතා ඇතූළු  ලිට්රෝ  සුරැකීමේ එකමුතුව පවසා සිටිති. Laugfs සමාගමේ පවතින  විශාල ණය ප්‍රමාණය  සමස්ථ LP ගෑස්  ක්ෂේත්‍රයම  අවධානමට ලක් විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතු  ශක්තිමත් වෙළඳ නාමය, පාරිභෝගිකයින් හට ලබා දෙන සුවිශේෂී වටිනාකම් සහ  වසර ගණනාවක් තිස්සේ ගොඩනැගූ ජාලය ශක්තිමත් කිරීම වෙනුවෙන් සමාගම කැපවෙන බව  බව ඔහු පවසයි.

ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්  පවසන්නේ  LPG ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා  ලෙස ලිට්රෝ ගෑස් සමාගමේ  ශක්තිය හා පදනම සැලකිල්ලට ගෙන LPG ක්ෂේත්‍රය වැඩි දියුණු කිරිම මිස එක් පාර්ශවයකට පමණක් වාසි වන අන්දමේ ක්‍රියාවලියක්  ස්ථාපිත  නොකළ යුතු බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *