ලිට්රෝ ගෑස් සමාගම “2021 තිරසාර ප්‍රතිසාධනය ” යන තේමාව යටතේ ජාත්‍යන්තර LPG දිනය සමරයි.


Covid -19 වසංගතය නිසා සිදුවූ අහිතකර බලපෑමත් සමඟ ලෝකය යථා තත්වය කරා ගමන් කරද්දී කාර්යක්ෂම මෙන්ම පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් වන LPG ,

ආර්ථික හා ප්‍රජා සවිබලගැන්වීම් කෙරෙහි බලපාන බව ලෝක LPG සංගමය (WLPGA ) පවසයි.


LPG හරහා ප්‍රජාව බලගැන්වීමට “වසංගතයෙන් තිරසාර ප්‍රතිසාධනයක් සඳහා දිරිමත් කිරීම” යන තේමාව යටතේ එම සංගමයේ සාමාජිකයින් සහ පාර්ශවකරුවන් විසින් ජාත්‍යන්තර LPG දිනය සමරනු ලැබිය.


LPG භාවිතය පිළිබඳව වසර 150කට වැඩි අභිමානවත් උරුමයක් පවතින ශ්‍රී ලංකාවේ මෙම දර්ශනය ජාතික LPG සැපයුම්කරු වන ලිට්රෝ ගෑස් සමාගම විසින් මෙහෙයවනු ලබයි .


ලෝක LPG සංගමයේ සාමාජිකයෙකු වන ලිට්රෝ ගෑස් සමාගම බලශක්ති ක්ෂේත්‍රයේ විවිධ අංශ සඳහා තිරසාර පැවැත්ම තහවුරු කිරීමට මෙම සංගමය සමඟ කැපවී කටයුතු කරන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා පවසයි.


ගෘහස්ථ අවශයතා සඳහා පමනක් නොව, කුඩා හා මාධ්‍ය පරිමාන මෙන්ම විශාල ව්‍යාපාර සඳහාද කාර්යක්ෂම මෙන්ම වඩා ලාභදායි සහ පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් ලෙස LPG තෝරා ගැනීම සඳහා ප්‍රජාව දිරිගැන්වීමට අපි විශේෂ අවධානය යොමුකර තිබෙන බව ඒ
මහතා පවසයි.


ශ්‍රී ලංකාවේ ගෘහස්ථ LPG භාවිතය 35% ක් පමණ වන අතර ගෘහස්ථ වායු දූෂණයට බලපාන දර වැනි ඉන්ධන භාවිතා කරන වැඩි පිරිසක් සිටින බැවින් පරිසර හිතකාමී සහ හරිත ශක්තියක් ලෙස LPG භාවිතා කිරිමට ඔවුන්ව දිරිමත් කිරීම අපගේ ප්‍රධාන උත්සාහය බවද කොස්වත්ත මහතා පැවසීය ”.

රට පළමු වරට අගුලු දැමීමට පෙර සිටම මිල ස්ථාවරව පවත්වා ගනිමින් පාරිභෝගිකයින්ට සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභ ලබා දුන් බවත් ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි සිය නිෂ්පාදන කළඹද පුළුල් කර තිබෙන බව ඔහු අවධාරණය කළේය.


ලිට්රෝ ගෑස් සමාගම Clean Cooking Alliance සාමාජිකත්වය දරයි . මෙම සංගමය සිය ගෝලීය හවුල්කරුවන් සමඟ ලොව පුරා ආහාර පිසීම සඳහා පරිසර හිතකාමී බලශක්තියක් ලෙස LPG භාවිතා කිරීම අනුමත කිරීම සඳහා කටයුතු කරයි.


නවෝත්පාදන කෙරෙහි නොකඩවා අවධානය යොමු කරන සමාගම ජාත්‍යන්තර මට්ටමේ සුවිශේෂී සේවා හඳුන්වා දීමට කටයුතු කරයි. සමාගම විසින් මෑතකදී නල මගින් LPG සැපයීම.


හඳුන්වා දුන් අතර පාරිභෝගික අවශ්‍යතා මත එමඟින් විවධ ප්‍රති ලාභ ලබා ගත හැකිවේ.


75% වෙළඳපොළ කොටසකට හිමිකම් කියන ලිට්රෝ ගෑස් බෙදාහැරීමේ නියෝජිතයින් 42ක්, නිවාස සඳහා බෙදාහැරීමේ මධ්යස්ථාන 1500 ක්ල දීප ව්යාප්ත අළෙවි නියෝජිතයින් 14,000ක්,

මෙන්ම Home Delivery APP (නිවාස සඳහා බෙදා හැරීමේ යෙදුම ) සහ 1311 පාරිභෝගික ක්ෂණික ඇමතූම් අංකය හරහා දිවයින පුරා ශක්තිමත් සැපයුම් සේවාවක් අඛණ්ඩව පවත්වා ගෙන යනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *