මෙම නව ව්‍යවසායක අවස්ථා ඔබට සුදුසුද?

ව්‍යවසායකයෙක් වීමට ඔබ සිතා සිටින්නේ නම්, අද දවසේ ඔබට විශාල පරාසයක් තුල ව්‍යවසායක අවස්ථා රැසක් කෙරෙහි යොමු වීමට හැකිය. ඒ කෙසේද යත්, සංකීර්ණ වූ ලෝකයක අවශ්‍යතා රැසක් පන නැගී ඇතත් ඒවා නිසි ලෙස සපුරා ගැනීමට අවකාශය නොමැති වීමයි. මේ වනවිට වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද සම්පුර්ණ නොවූ උවමනාවන් / අවශ්‍යතාවයන් රැසක් ගොඩ නැගී අතර, ඔබ නිර්මාණශීලිව හා රාමුවෙන් පිටත සිතා බැලුවහොත් ව්‍යවසායක අවස්ථා රැසක් උප්පාධනය කර ගැනීමට ඔබට හැකිය.
කාර්ය බහුල ජිවන රටාවත් සමග බොහෝ අයට කාලය නොමැති කම හේතුවෙන් තම අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකි වේ. එම නිසා ඔවුන් එම සේවාවන් මිලක් ගෙවා ලබා ගැනීමට පෙළඹී තිබේ. ඔබටත් තම ව්‍යවසායක දැනුම හා කුසලතවය යොදා ගනිමින් නව ව්‍යවසායක අවස්ථා රැසක් ඔස්සේ සාර්ථක විය හැක. මෙම ලිපියෙන් එවැනි නව ව්‍යවයක අවස්ථවන් මොනවද යන්න අපි ඔබට ගෙන එන්නෙමු.

1.වැඩිහිටි සත්කාරක සේවා (Geriatrics)


බොහෝ රටවල් වල මෙන්ම දැන් ශ්‍රී ලංකාවේද වැඩිහිටියන්ගේ ජනගහනය වැඩි වෙමින් පවතී. එවැනි වකවානුවක කාර්ය බහුල ජිවන රටවත් සමග වැඩිහිටියන් තම විසින්ම රැක බලා ගැනීමට නොහැකි වාතාවරණයක් උද්ගත වී තිබේ. එයින් අදහස් වන්නේ, මහලු ප්‍රජාවට අවශ්‍යතා තිබුනත් ඒවා සම්පුර්ණ කර ගැනීමට නොහැකි වීමයි. මෙය ඔබට හදුනා ගත හැකි නව ව්‍යවසායක අවස්ථාවකි.
උදාහරණයක් ලෙස වයස්ගත පුද්ගලයන් සමග කාලය ගත කිරීම, ඔවුන්ට උපස්ථාන කිරීම, ඔවුන් රක බල ගැනීම වැනි දේවල් අවශ්‍යතාවන් පන නැගී ඇති අංශ වේ. මේ වනවිටත් මෙය ලෝකයේ නොයෙකුත් රටවල සාර්ථක ව්‍යවසායක අවස්ථාවකි. ඔබට අවශ්‍ය වන්නේ යම්කිසි කැපවීමක්, කැමැත්තක් මෙන්ම මනා දැනුමක් ලබා ගැනීමය.

2.සුරතලුන් රක බලා ගැනීම


ඇතැමුන් සුරතලුන් නිවසේ හදා වඩා ගත්තද තම රාජකාරි කටයුතු සමග ඔවුන්ව නිසි ලෙස රැක බලා ගැනීම අසීරු වී ඇත. මෙයද නව ව්‍යවසායක අවස්ථාවකි. විශේෂයෙන්ම ඔබ සුරතල් සතුන්ට ආදරය දක්වන කෙනෙක් නම් මෙය ඔබට ඉතා සතුටින් හා කැමැත්තෙන් කිරීමට හැකි සරල කටයුත්තකි. සුරතලා සමග ඇවිදීම (Dog Walker ), ව්‍යායාම කරවීම, රැක බලා ගැනීම වැනි අංශ රැසක් මෙයට ඇතුලත්ය.

3.අධ්‍යන සහයකවරුන් (Study Supporters )


වැඩිදුර අධ්‍යාපනය හදාරන ඕනෑම අයෙක් සඳහා ඔබට අධ්‍යන සහය ලබා දිය හැක. උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය ලිපි, දත්ත මෙන්ම, ගවේෂණාත්මක වාර්තා (research) වැනි දේවල් ලෙහෙසි කර වීමට ඔබට සහය දිය හැක. ඔබ අධ්‍යන විෂය ධාරාවක් තුල දැනුමක් ඇති කෙනෙකු නම් මෙය ඔබට සුදුසුම ව්‍යවසායක අවස්ථාවකි.

4.පාසල් පොත් සැකසීම.


දරුවන්ගේ පාසල් පොත් සැකසීම, කවර දැමීම යනාදිය නව ව්‍යවසායක අවස්ථාවක් ලෙස වර්තමානයේ දැක ගැනීමට හැක. එක් එක් ශ්‍රේණි අනුව වෙනස් වන පොත් මාලාව සහ ඒවාට කවර දැමීම වැනි දේවල් පහසුවෙන්ම කල හැකි දෙයකි. මෙය කාර්ය බහුල දෙමවුපියන්ට ඉමහත් අස්වැසිල්ලකි.
මිට අමතරව තව එවැනිම ව්‍යවසායක අවස්ථා ඔබට හදුනා ගත හැක. උදාහරණයන් ලෙස, තෑගි භාණ්ඩ ඔතා සැරසීම, අවශ්‍ය බෙහෙත් වට්ටෝරුවට අනුව සේවා දායකයට ලබා දීම, භාණ්ඩ ගෙදරටම ප්‍රවාහනය කිරීම වැනි දේ පෙන්විය හැක.

5.අද කාලයට සරිලන ව්‍යවසායක අවස්ථා බොහොමයක් ඇත.

ඒවා සොයා බැලීමට උත්සුක වන්න. එමෙන්ම එක එක යට ලැබෙන අවත වෙනස්ය. ඒ ඒ කාලවලදී තමන්ට ලැබෙන අවස්ථවන් මග හරිය හොත් පසුව පසුතැවීමට සිදු වේ. එබැවින් අවස්ථාවන් මග නොහැර ඒ අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමෙන් ජීවිතය සතක කර ගන්න. එහෙන් එළඹෙන අවස්ථාවට මුහුණ දීමට තමන් සුදානම් නැත්නම් ව්‍යවසායකයෙකු ලෙස සාර්ථක වීමට ඇති අවස්ථාව ගිලිහි යාමට පුළුවන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *