බිල් ගේට්ස් ලොවට හෙළි කල සාර්ථකත්වයේ රහස්…

බිල් ගේට්ස් යනු , අවස්ථා  කිපයකදිම ලොව අංක එකේ ධනවතා බවට පත් වූ චරිතයකි . 1975 Microsoft ආයතනය ආරම්භ කල  ඔහු   මේවන විට windows  මෙහෙයුම් පද්ධති කිහිපයක්ම ලොවට හඳුන්වා  දී තිබෙනවා.   බිල් ගේට්ස් වැනි සාර්ථක පුද්ගලයන්ගෙන්  දියුනු  වීමට උත්සහ දරන අයට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්.    ඔහු කිසිවිටෙකත් දීයුනුවේ රහස් හෙලි කිරීමට මැලිවූයේ  නැත. ලොව ධනවත්ම  පුද්ගලයා බවට පත්වීමට බිල් ගේට්ස්  අනුගමනය කල රහස් ඔබටද බෙහෙවින් වැදගත් විය හැක .

  1. හැකි තරම් කලින් ආරම්භ කරන්න

බිල් ගේට්ස් පරිගණක වැඩ කිරීමට ආරම්භ කරන ලද්දේ වයස අවුරුදු 13දිය.  ඔහු පවසන්නේ යම් දෙයක් ආරම්භ කලපසු ඔබ නොදැනුවත්ම කාලය ගතවන බැවින්  ඔබගේ පරිපුර්නතාවය සිදුවන බවයි . එය සාර්ථකත්වයට ඉතා වැදගත් කරුණක් බව ඔහු පවසනවා. තරුණ වියෙදීම ආරම්භ කලවිට අන් අය ඔබගේ හැකියාවන් හා අදක්ෂකම් ගැන කියන කතා වලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබෙන බව ඔහු පවසයි .

2. උසස් අධ්‍යාපනයක් ලැබූ පමණින් ලක්ෂ ගනන් මුදල්  උපයන්නට නොහැකි බව තේරුම් ගැනීම

බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වූ ගමන්ම එමඟින් ගොඩක් මුදල් උපයන්න පුළුවන් කියලයි. බිල් ගේට්ස් පවසන්නේ මෙය ඔබ විසින් ඔබටම කරගන්න විහිළුවක් ලෙසයි. ඔබට අවශ්‍ය තරම් පළපුරුද්දක් ලැබෙන තුරු කිසිදාක ලොකු සමාගමක අධ්‍යක්ෂකවරයෙක්  වීමට නොහැක.  එම නිසා හැකි ඉක්මනින් ඔබ ඔබගේම බොස් වෙන්න.

3. ඔබගේ අත්වැරදී  (Mistake) පිලිබඳ දුක් වෙන්න එපා

ඔබගේ වැරදි වලට අන් අයට දොස් පවරන්න එපා. කෙනෙකු  ඔබව මෝඩයට අන්දුවොත් එය ඔහුගේ වරදක් නොව එහි වරද ඔබේමය. එම නිසා අනෙක් මිනිසුන්ට දොස් නැඟීම නවතා ඔබගේ වැරදි  හදා  ගන්න. එවිට එවැනි අවස්ථාවක් පැමිණි විට එය පහසුවෙන් ජය ගන්න ඔබට හැකිවේ.

4. කරන වැඩේට කැපවෙන්න . එයට ආදරය කරන්න

මෙය සැම ව්‍යවසායෙකුටම ඉතා වැදගත්  උපදේශනයකි. ඔබ කරන කටයුත්ත කුමක්  වුවත් එයට කැපවෙන්න . එයට ආදරය කරන්න . ලෝකයේ සාර්ථකත්වයට පත් වූ සියලුම දෙනා ඔවුන් කල කටයුත්තට ඉතාමත් ආදරය කලා. ඔබ ආදරය නොකරන, එමෙන්ම    ඔබට පීඩනයක් ගෙන දෙන ඉතා අපහසු කටයුත්තක් ඔබ කරනවානම් ඔබ කරන්නේ නිවැරදි දෙයක් කියල විශ්වාස කරන්න අමාරු බව  බිල් ගේට්ස් පවසා ඇත.

5. මෝඩ පුද්ගලයින්සේ පෙනෙන අයට හොඳින් සලකන්න

මිනිසුන් මෝඩයින් ලෙස සලකන අය ඇත්තෙන්ම එහෙම නැහැ. ඔවුන් මහන්සි වී වැඩ කරනවා. එමෙන්ම ඔවුන් කඩිසර , දියුණුවීමට වැඩි කැමැත්තක් දක්වන පුද්ගලයින්  වෙන්නත් පුළුවන්. ඔබ එවැනි අයට දරුණු විදිහට සැලකුවහොත් වාසි ලබා ගැනීමට හැකි  වැදගත් පුද්ගලයෙකු ඔබට අහිමි වෙන්න පුලුවන්.

6. රූපවාහිනියෙන් ඔබ දකින්නේ සැබෑ  ජීවිතය නොවේ.

රුපවාහිනියට තදින් අබ්බැභිවී සිටින අය හා එහි පෙන්වන සමහර සිදුවීම් සබැ ජීවිතයේදී මිනිසුන් කරන දේවල් ලෙස විශ්වාස නොකල  යුතුය. සැබෑ  ජීවිතය යනු ගොඩක් අමාරු දෙයක් . සාර්ථකත්වයට ළඟා  වූ කිසිම කෙනෙකු රුපවාහිනියේ වන සිදුවීම් මෙන් සුපිරි ආපනශාලාවල යහළුවන් සමග වාඩි වී කෝපි බොමින් මුළු දවසම ගත කරන්නේ නැහැ.  සාර්ථක වීමට නම් දැඩිසේ කැපවී වැඩ කිරීමට ඔබට සිදුවේ. එසේ සිදු කළහොත් කවදා  හෝ දවසක ඔබේ ආර්ථික තත්වය  වර්ධනය කරගෙන ඔබගේ අවශයතා ඉටු කර ගැනීමට  පුළුවන්කම ලැබේ.

7. ජීවිතය සැමවිටම සාධාරණ නැහැ

ඔබ කෙතරම් මහන්සිවී වැඩ කලත් ඔබට අවශ්‍යදේ අවශ්‍ය විදියටම සිදුවන්නේ නැහැ . සමහරවිට ඔබගේ කිසිදු වරදක් නොතිබුණද ඔබට ඒවා පාලනය කර ගැනීමට නොහැකිවී ඔබව ඇදවැටෙන්න   පුලුවන්. එහෙත්  එවැනි අවස්ථාවලදී තනිවම නැඟිටින්නට ඔබට හැකිවිය යුතුයි. ජිවිතය යනු ක්‍රීඩාවකි. එය පරික්ෂාකාරී මෙන්ම අවධානම්  බව මතක තබා ගන්න .  සාර්ථක මිනිසෙකු දන්නවා ජීවිතය සාධාරණ නොමැතිව බව. එම නිසා ඔවුන්  ජයග්‍රහණය ලබන තුරුම නැවත නැවත නැගී සිටීමට උත්සහ  කරනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *