පරිසර හානිය අප වලක්වා ගන්නේ කෙසේද?

දැනට ඇමර්සන් මෙන්ම ඇල්ල හරහා ඇවිලී යන ලැව්ගිනි සමස්තයක් ලෙස මුළු මහත් ලෝක ප්‍රජාවටම බලපා ඇති බව නොරහසකි. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැළී සිටින අයට මෙය දැඩි සේ බලපා ඇත. මෙවැනි දේවල් තුලින් ඇතිවන පරිසර හානිය අවම කරගැනීමට ඔබ හා මා විසින් කළ යුතු දේවල් කිහිපයක් අද අපි බලමු.

  1. ඔබ දමා යන දේ පිළිබදව සැලකිලිමත් වෙන්න

ඔබ සංචාරය කරන විට ඔබ අවට පරිසරයට මුදා හරින දේ පිළිබදව ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය. ඔබ තැන තැන ඔබ රැගෙන එන කැලි කසළ දමා යාම නරක දෙයකි. අපි සිතනවාට වඩා වැඩි අයහපතක් ඒ මගින් සිදු වනු ඇත.

2. කැලි කසළ බැහැර කිරීමේදී නිසි ක්‍රමවේදයන් අනුගමනය කරන්න

නිවසේදී මෙන්ම පිටතදීත් අපි නිසි අයුරින් කැලි කසළ බැහැර කිරීම සිදු කළ යුතුය. එය අපි කාගේත් වගකීමකි. එලෙස නොකරන්නේ නම් එය මිනිසාට මෙන්ම පරිසරයටද මහත් ලෙස බලපෑමක් සිදු වනු ඇත. එමනිසා සියල්ල කළමනාකරණය කරගෙන කැලි කසළ නියමාකාරයෙන් බදුන් වල බහාලීම තුලින් පරිසරය රැක ගැනීමට අපි හැමකෙනෙක්ටම දායක විය හැක.

3. ගමන් කිරීමේදී ඇතිවන කැලි කසළ නිසිලෙස බැහැර කිරීම

ඔබ මහ මග ගමන් කරන විට කැලි කසළ බැහැර කිරීමට ස්ථානයක් නැති නම් ඔබ එය කොහේ හෝ දමා ගොස් පරිසරය අපවිත්‍ර නොකළ යුතුය. වගකිවයුතු පුරවැසියෙක් ලෙස ඔබ කළ යුත්තේ කැලි කසළ බැහැර කිරීමට ස්ථානයක් නොමැති නම් එය ඔබගේ නිවසට රැගෙන විත් නිසි අයුරින් බැහැර කිරීමයි. කුඩාවට පටන් ගන්නා සුළු සුළු වැරදි අවසානයේ මහා විනාශයක් සිදු කරන්නට සමත් වේ.

4. හරි දේ හරි වෙලාවට කරන්න

විශේෂයෙන්ම කිසිවෙකුත් නොදකින අවස්තාවක් ඔබ හරි දේ කල යුතුමය. උදාහරණයක් ලෙස ගත් කළ කිසිවෙකුත් නොමැති ස්ථානයක් විනාශ කර අපවිත්‍ර කර යෑම නොකළ යුතුය. කිසිවෙකුත් නොමැති වුනත් ඔබ වගකීම් සහගත පුද්ගලයෙකු ලෙස හරි දේ හරි විදියට සිදු කල යුතුය. අපි සෑම කෙනෙක්ම එලෙස පරිසරය රැකගන්නට දායක වන්නේ නම් මෙම පරිසරය සදහටම රැකෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *