ධම්මික පෙරේරා වගේ වෙන්න පුළුවන්ද?

අද ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක් තමයි ධම්මික පෙරේරා වගේ වෙන්න පුළුවන්ද කියන එක උත්තරය තමයි ඔව් සහ නැහැ. එයට හේතුවක් තියෙනවා ඒ තමයි එකින් එක්කෙනාට වෙන් වුනු අනන්‍යතාවය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. තමන්ටම ආවේණික වූ රටාවන් (Style) ඇත. තමන් ජිවත් විය යුත්තේ වැඩකටයුතු කළ යුත්තේ තමන්ටම ආවේණික වූ රටාවට අනුවයි. එයින් එවිට විවිධත්වයක් හට ගනී.

  1. ඕනෑම සුවිශේෂ චරිතයක් ආදර්ශයට ගත හැකිය
    ඔබට ඕනෑම විශේෂ වූ සාර්ථක වූ චරිත ආදර්ශයට ගත හැකිය. නමුත් ඔවුන්ව අනුකරණය කිරීම සුදුසු නොවේ. සාර්ථක ව්‍යාපාරිකයන් වන Jack Maa, Bill Gates වැනි අයව ඔබට ආදර්ශයට ගත හැකි නමුත් ඔවුන්ව කිසිවිටකත් අනුකරණය නොකළ යුතුය. එම චරිතවලින් ඔබට ඉගෙන ගැනීමට ඇති දේ පමණක් ඉගෙන ගැනීමට වග බලාගන්න. ඔවුන් තම ව්‍යාපාර ගොඩ නගා ගත්තේ කෙසේද? සාර්ථකත්වයට පත් වුයේ කෙසේද? යන්න දේවල් පිළිබදව ඔබ ඉගෙන ගන්න.
  2. ධම්මික පෙරේරා තුළ ඇති ගුණාංග ඔබ තුලත් තිබෙනවාද?
    සාර්ථකත්වයට පත් වූ ව්‍යාපාරිකයෙකු තුළ වටිනා ගුණාංග රැසක් ඇත. ඔබ කළ යුත්තේ එවැනි යහපත් ගුණාංග ඔබගේ ව්‍යාපාරික ජීවිතයටත් අදාළ කරගනිමින් ඒවා ඔබගේ ජිවිතයේ ඇති කරගැනීමට උත්සහා කිරීමයි. එය ඔබට විශාල ශක්තියක් වනු ඇත. ඔබට ඒ සදහා යම් කාලයක් ගත වීමට ඉඩ ඇත.එමනිසා ඉවසීමෙන් එම ගුණාංග ඔබේ ජීවිතයටත් එකතු කරගන්න.
  3. කිසිම දෙයක් ක්ෂණිකව සාර්ථක නොවේ
    ධම්මික පෙරේරා වැනි සාර්ථක ව්‍යාපාරිකයන් ක්ෂනිකයෙන්ම තම දියුණුව වර්ධනය සලසා ගත් අය නොවේ. බොහෝ අයට ඇති ගැටළුවත් මෙයයි. ඔවුන්ට අවශ්‍ය ඉක්මනින්ම සාර්ථකත්වයට පත් වීමයි. සියල්ලම ක්ෂණිකව බලාපොරොත්තු වේ. සියල්ලම එසේ ලැබෙන්නේ නැත. ඒ සදහා ඔබට හොද ඉවසීමක් තිබිය යුතුමය. මක්නිසාද ඔබට සාර්ථකත්වයට පත් වීමට යම්කිසි කාලයක් ගත වේ.
  4. ඔබට සැලැස්මක් තිබෙනවාද?
    සාර්ථක ව්‍යවසායකයෙක් වීමට නම් ඔබට ව්‍යාපාරික සැලැස්මක් තිබිය යුතුය. ඒ සදහා පළමුව ඔබ විසින් සැලැස්මක් ඇති කරගත යුතුය. වැඩිදුර විස්තර සදහා අපගේ Vyapara E – Book එක නොමිලේම download කරගන්න 👉👉https://sinhala.vyapara.lk/…/2020/11/Vyapara-tool-kit.pdf ඔබට අවශ්‍ය වන හා වැදගත් කරුණු රැසක් ඒ තුළ අන්තර්ගත වේ.
  5. දිගුකාලීන දැක්මක් තිබිය යුතුය
    ඔබට සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට නම් අනිවාර්යෙන්ම ඔබට දිගු කාලීන දැක්මක් තිබිය යුතුමය. මක්නිසාද ලෝකයේ සාර්ථක වූ බොහොමයක් අය දිගු කාලීන දැක්මකට අන්ව වැඩ කටයුතු කළ අයයි. නිතරම දිගු කාලීනව සිතමින් දිගු කාලීනව සැලසුම් තබමින් ඉදිරියට යන්න. ඔබට දිනෙක සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට අවස්තාව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *