දකුණු ආසියාතිකයින් ලොව විශිෂ්ට ආයතන රැසකට නායකත්වය දෙති මෙහි රහස කුමක්ද?

අද වනවිට ඉන්දියානු ජාතිකයන් රැසක් ලෝකයේ විශිෂ්ටතම හා ඉදිරි පෙළ ආයතන රැසක මුල් පුටුව හොබවති.

Microsoft –  සත්‍ය නදෙලා

Google  – සුන්දර පිච්චෙයි.

Twitter – පරාග් අගර්වාල්

මෙන්ම තවත් දකුණු ආසියාතික නායකයන් විවිධ ආයතන හා ක්ෂේත්‍ර වල තම දස්කම් පෙන්වමින් සිටිති .

නොබෝදා ප්‍රංශයේ විශිෂ්ටතම විලාසිතා හා සුවද විලවුන් ආයතනයක් ලෙස ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ලීන නෛර් පත් විය.

ඇය යුරෝපයේ ඉහලම තලයේ විලාසිතා ආයතනයකට පළමු වරට පත්වූ ආසියතිකයෙකු ලෙස සැලකේ.

මෙම තත්වය පිලිබදව අප අධ්‍යනය කල යුත්තේ කුමක්ද ?

ව්‍යවසායකයන් හැටියට මෙයින් අපට ගත හැකි පාඩම නම් දකුණු ආසියාතිකයන් දක්ෂයන් ලෙස ලෝකය සලකන බවයි.
එමෙන්ම දක්ෂකම පමණක් නොව ඔවුන්ගේ නායකත්වය දීමේ හැකියාව නිසා බව කරයි.

තත්වය එසේ නම් ඔවුන් වැනි නායකයන්ගෙන් අපට අපෙගේ ව්‍යාපාර ගොඩ නාග ගැනීමට උවුකහාගත හැකි ගුණාංග මොනවාද?

1. සැලැස්මක් ඇති කර ගැනීම.

අප ඉහත සදහන් කල නායකයන් මෙන්ම අන් නායකයන් හට ද වැදගත්ම කරුණක් වන්නේ සැලැස්මක් තිබීම. සුන්දර් පිච්චෙයි වැනි ඉන්දියාවෙන් අමරිකාවට ගොස් එහි සාර්ථකත්වයක් ලබා ගැනිමට හැකි වුයේ සැලස්මක් තිබු නිසාවෙනි.

එම සැලැස්ම දිගු කාලීන හා කෙටි කාලින විය යුතු ය.

2. වෙහෙස මහන්සි වී වැඩ කිරීම

කිසිම අවස්ථාවකදී ඔවුන් වැඩ කිරීමේදී පසු බට වුයේ නැති බව අපට පෙනීයයි. අද තිබෙන වැඩේ හෙටට කල් නොදමා උත්සාහයෙන් හා උද්යෝගයෙන් ඔවුන්ගේ වැඩ කිරීමට ඔවුන් සමත් වුහ.

අදහසකට පමණක් සීමා නොවී එම අදහස් ක්‍රියාවට නැංවීමටද ඔවුන්ට හැකි විමයි.
මෙය ව්‍යවසායකයන්ට ඉතා වැදගත් පාඩමක් වන්නේ සෑමවිටම මහන්සි වී වැඩ කිරීම තුලින් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වන බව අප දන්න නිසාය.

3. නව්‍යතාවයට මුල් තැන දීම

ඔවුන් සෑමවිටම නව ආරයේ වැඩ කිරිමටත් නව අදහස් සමග වැඩ කිරීමටත් මුල් තැන දුන්හ. මෙය ව්‍යවසායකයන්ට ඉතා වැදගත් අංගයක් වන්නේ සැම විටම නව්‍යතාවයට මුල් තැන දී ව්‍යාපාරය ගොඩ නාග ගැනීමට උත්සුක වීම නිසාය.

නව්‍යතාවය ගොඩ නාග ගැනීම තුලින් නව අදහස් හදුන්වා දිම පමණක් නොව මුළු ක්ෂේත්‍රයේම වෙනසක් ඇති කිරීමට අපට හැකි වන නිසාය.

4. මෙවන් නව නායකයන් පිළිවදව කියවන්න ,දැනගන්න.

මෙවන් ලොව දිනු නායකයන් පිලිබදව ඔවුන්ගේ සාර්ථකත්වය පිලිබදව අධ්‍යනය කරන්න එයින් ඔබට නව අදහස් ඇති වනවා හා ඒ තුලින් ඔබේ ව්‍යාපාරය ගොඩ නාග ගැනීමට හැකි වේ.

 

Leave a Comment

Your email address will not be published.