ඩිජිටල් ගෙවීම් මගින් ඔබගේ ව්යාපාරය සාර්ථක කරගත හැක්කේ කෙසේද?

ඩිජිටල් ගෙවීම් මගින් ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැක්කේ කෙසේද? අද වනවිට තාක්ෂණය බොහෝ සෙයින් දියුණු මට්ටමකට පැමිණ ඇත. සමාජ මාධ්‍ය ජාල හරහා සාර්ථක ලෙස බොහෝ දෙනා තම ව්‍යාපාර කටයුතු සිදු කරයි. ඔබටත් ඔබේ ව්‍යාපාර කටයුතු දියුණු කරගත හැක්කේ කෙසේද කියලා අපි බලමු.

ඩිජිටල් පසුම්බියක් (Digital Wallet) යනු කුමක්ද?

මෙමගින් ටිකට්පත් මිලදී ගැනීමට,Boarding pass හා හදුනාගැනීමේ ක්‍රියාවලියක් වෙයි.

ජංගම දුරකථනයෙන් ගෙවීම් කිරීම යනු කුමක්ද?

මෙහිදී සිදුවන්නේ ඔබගේ ජංගම දුරකථනය භාවිතා කරමින් ගෙවීම් සිදුකිරීමයි. මෙලෙස  Samsung , Apple දුරකථන මගින් මෙම සේවාවට සදහා පහසුකම් සලසා දී තිබේ.

  1. ඔබගේ පාරිභෝගිකයන් පිරිස වැඩිකර ගැනීම

අන්තර්ජාලය හරහා තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම අද වනවිට සිදුවෙයි. එය පාරිභෝගිකයාට මහත් පහසුවක් මෙන්ම වාසියක් ගෙන දෙයි. ඩිජිටල් පසුම්බි භාවිතා කරමින් හෝ ජංගම දුරකථන භාවිතා කරමින් මිලදී ගැනීම බහුලව සිදුවේ. මෙය බහුලව සිදුවන බවින් ඔබටත් ඔබේ ව්‍යාපාරයේ පාරිභෝගික පිරිස වැඩි කිරීමට මෙම ක්‍රම භාවිතා කළ හැකිය. මෙහිදී කිසිදු අනාරක්ෂිත භාවයක් නොමැත.

2. තාක්ෂණය මත පදනම් වූ ගෙවීම් ක්‍රම

ලොව පුරා සිටින පාරිභෝගිකයන් මිල මුදල් වලින් තොරව තමන්ගේ ජංගම දුරකථන හෝ පරිගණක හරහා කාඩ්පත් මගින් භාණ්ඩ හා සේවා මිලදී ගනී. ලෝකයේ ඕනෑම තැනක ඇති භාණ්ඩයක් ඇනවුම් කිරීමට අද වනවිට අපට හැකියාව ලැබී ඇත. නව පරම්පරාව බොහෝ සෙයින් මෙම ක්‍රම භාවිතා කරනු ලබයි. එම නිසා තාක්ෂණය උපයෝගී කරගෙන ගෙවීම් සිදුකිරීම ඔබේ ව්‍යාපාරය තවත් ඉහළ මට්ටමකට රැගෙන යාමට හැකිය.

3. පාරිභෝගිකයා සමග සමීප සම්බන්දතාවයක් ගොඩනැගීම

මෙමගින් පාරිභෝගිකයා වෙත ලගා වෙමින් පාරිභෝගිකයා සමග සමීප සම්බන්දයක් ඇති කරගැනීමට හැකියාවක් ඔබට ඇත. පාරිභෝගිකයාට අවශ්‍ය සේවාවන් මොනවද? පාරිභෝගික අවශ්‍යතා මොනවද යන්න පිලිබදව අවබෝදයක් ලබාගැනීමටද ඔබට හැකියාවක් ඇත. එය ඔබේ ව්‍යාපාරයට මහත් රුකුළක් වනු ඇත.

4. Internet of Thinking

IoT තාක්ෂණය මගින් වැඩකටයුතු පහසු කරගැනීමට හැකිය. නිවසේ එදිනෙදා භාවිතා කරන භාණ්ඩ අවසන් වීගෙන එනවිට එය ඔබේ ජංගම දුරකතනයට එම පණිවිඩය ලැබීම මෙහිදී සිදුවේ. මේ ඉතාමත් දියුණු තාක්ෂණික මෙවලමකි. මෙමගින් ඔබේ ව්‍යාපාර කටයුතු වර්ධනය කරගැනීමට හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *