චමත් පලිහපිටිය ගැන ඔබ දන්නවාද ?

අන්තර්ජාලයේ දැවැන්ත ව්‍යවසායකයන් ලෙස සැලකෙන එලියොන් මස්ක් (Elon Musk), ජෙෆ්ෆ් බෙසොස් (Jeff Bezos) හා ජැක් මා (Jack Ma) අතරින් බිහි වූ තවත් දැවැන්ත චරිතයක් ලෙස චමත් පලිහපිටිය සැලකේ.
ඔහු අද වනවිට තාක්ෂණ ව්‍යවසායකත්වයේ හිනි පෙත්තටම පැමිණ සිටින ලෝකයේ සාර්ථක හා ධනවත් පුද්ගලයන්ගෙන් කෙනෙක් බවට පත් වේ තිබේ. ඔහුගේ මුල් ආරම්භය facebook වන අතර ඔහු Facebook ආරම්භ කරන මුල් අවදියේ Mark Zuckerberg සමග එයට මුලික පදනම දැමීමට දායකත්වය ලබා දී ඇත. ඔහු ශ්‍රී ලංකික සම්භවයක් ඇති කැනේඩියානුවෙකු වන අතර, අද වන විට ඔහු ආයතන රැසක හිමිකරු ලෙස කටයුතු කරමින් සිටි. ඔහු වර්තමාන ව්‍යාපාර ක්ෂේත්‍රයේ නවමු පැතිකඩක් වන ව්‍යවසායකයන් හට ප්‍රාග්ධනය ලබා දෙන ( Venture Capital) ආයතනයන් කිහිපයකම හිමිකාරිත්වය දරයි.
ඔහුගේ මෙම ගමන් මග දුෂ්කර වුත් අපසුවුත් එකක් බවත් ඔහු කියා සිටි. ඔහුගේ සාර්ථකත්වයට බලපෑ සාදක මොනවාද යන්න අපි ඔබට මෙම ලිපියෙන් ගෙන එන්නෙමු. ව්‍යවසයකයෙක් ලෙස ඔබටත් මෙම ගුණාංග වර්දනය කර ගැනීමට මෙය උදව්වක් විය හැක.

1. කුඩාවට ආරම්භ කර විශාල ගසක් ලෙස වර්ධනය විය හැකි බව ඔහු ඔප්පුකර පෙන්වා දී තිබේ.


ඔහුට වසර 06 දී කැනඩාවට සංක්‍රමණය කරන ඔහු Facebook ආරම්භ කිරීමට මුලික වූ කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස විශාල කාර්ය භාරයක් ඉටු කර තිබේ. ඔහු එයින් නතර නොවී දිගින් දිගටම තාක්ෂණික අංශ රැසක සේවය කරමින් තමන් සඳහා සුවිශේෂී නමක් ගොඩ නගා ගැනීමට ඔහු සමත් විය.

.ඔහු අදටත් මතක් කරන්නේ ඔහුගේ කුඩා කල දෙමවුපියන් සමග කැනඩාවේ පදිංචියට යාමේදී ඇති වූ අපහසුතාවයන් ගැන මෙන්ම, ආර්ථික ගැටළු රැසකට මුහුණ දෙමින් තම යෞවන අවදිය ගත කල ආකාරයයි. මෙන්ම ඔහු ඇමෙරිකානු හා කැනේඩියානු තාක්ෂණ, ආයෝජන ආයතන ගොඩ නංවා ගනිමින් ශක්තිමත්ව අද වන විට වර්ධනය වන්නට ඔහු එදා කුඩාවට ආරම්භ කල තැන මුලික වූ විදිය ඔහු අදටත් ඉස්මතු කරන කාරණයකි.

2.තම නාමය ලොව කිර්තිමත් දැවැන්ත නාමයක් බවට පත් කර ගැනීම.


ඔහුගේ නම අද වනවිට ලෝකයේ තාක්ෂණ අංශයෙන් සුපතල නාමයක් ලෙස සනිටුහන් කර ගන්නට ඔහු සමත් වී ඇත. කුඩා තැනක සිට පටන් ගෙන මෙවන් ප්‍රසිද්ධ පුද්ගලයෙකු වීමට ඔහුගේ තිබු අදිෂ්ඨානය හා කැපවීම බෙහෙවින් අගය කල යුතුය. ඔහු තුල ඇති ශ්‍රී ලංකික සම්භවය තුලින් ඔහුට දායාද වූ සහජ දක්ෂතාවයද බටහිර ජිවත් වීමෙන් ගොඩ නැගුනු හැකියවන්ද මුල් කර ගනිමින් ඔහුගේ සාර්ථකත්වයට පාර කියන්නට ඔහුට හැකි විය. ඔහු ව්‍යවසායකයෙකු ලෙස කෙටි කාලයකින් විශාල වැඩ කොටසක් කිරීම තුලින් කාලය කළමනාකරණය කර දියුණුවීමට මග සලසා ගෙන තිබේ. මෙය අප දැකිය යුත්තේ ව්‍යවසායකයෙකු සතු දක්ෂතාවයක් ලෙසයි.

3.ව්‍යවසායකයන්ට අවශ්‍ය ප්‍රාග්ධන ආයෝජන නිසි පරිදි ගොඩ නගා ගැනීම.


චමත් පලිහපිටිය Social Capital යන ප්‍රාග්ධන ආයෝජන ආයතනය අද වන විට ඇමරිකාවේ හා කැනඩාවේ ඉහල තැනක වැජඹෙන මුල්‍ය ආයතනයක් වේ. ඔහු ආයෝජන සැලසුම් දක්ෂ ලෙස වර්ධනය කර තිබෙන බව එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පෙන්වා දී තිබේ. ව්‍යවසායකයන්ගේ වර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධන ආයෝජන ක්‍රම වල ඇති අවශ්‍යතාවය වටහා ගැනීම, ඔහු මෙම ක්ෂේත්‍රයේ මෙලෙස දියුණු ගමනක් යාමට හේතුවයි. අද වන විට ඔහු ඇමරිකාවේ ප්‍රබල ආයතන වල ආයෝජන කටයුතු කළමනාකරණය කරමින් සිටි.

4.ඔහුගේ දුරදර්ශි හැකියාව.


ඔහු facebook නිර්මාතෘ පදනමට එදා හවුල් වුවද, අද වන විට එහි ඉටුවන කාර්යය භාරය සම්භන්ධයෙන් විවේචන පල කර තිබේ. මෙයට මුලික හේතුව වන්නේ වර්තමානයේ සමාජ මාධ්‍ය තුල ඇති දත්තවල රහස්‍ය භාවය ආරක්ෂා නොවන ලෙස ඒවා භාවිතයට ගැනීමයි. සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ තොරතුරු විවිධකාරයෙන් වෙනත් දේවල් වලට යොදා ගැනීම නුසුදුසු බව ඔහු පෙන්වා දේ. ඔහු නියම ව්‍යවසායකයෙකු ලෙස දුර දක්නා නුවනින් පුළුල් ලෙස ඉදිරිය බැලීම ඔහුගේ සාර්ථකත්වයේ රහසයි. අද කරන දේ අනාගතයට කෙසේ බලපාවි ද යන්න ව්‍යවසායකයෙකු ලෙස සිත බැලිය යුතුම කාර්යයකි.

5.ඔහු අංශ රැසකින් ව්‍යවසායකත්වය ගොඩ නගා ගෙන ඇත.


එක අංශයකට පමණක් සිමා නොවී විවිධ පැතිකඩයන් ඔස්සේ තම ව්‍යාපාරය වර්ධනය කර ගැනීම ව්‍යවසායකයෙකු ලෙස සාර්ථක වීමට කල හැකි වැදගත් දෙයකි. මෙය හැමදෙනෙකුටම පොදු කාරණාවක් නොවුවත් අද පවතින ආර්ථික පසුබෑමට මුහුණ දෙමට නම් මෙය කල යුතු වේ. තම ව්‍යාපාරය පුළුල් කිරීම තුලින් නව ව්‍යවසායක අවස්ථාද, නව අවශ්‍යතවයන්ද ඔබට සොයා ගැනීමට හැකියාව ලැබේ. ඔබටත් මෙය කල හැකි අතර මෙහිදී ඔබ මනා ලෙස එය කළමනාකරණය කර ගැනීමට වග බල ගත යුතුය.

මෙවැනි තවත් ලිපි කියවන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *