ඛනිජ තෙල් ව්‍යාපාරයේ ප්‍රමුඛයා – රොක් ෆෙලර්

ජෝන් ඩී රොක්ෆෙලර්ඇමෙරිකාවේ ඛනිජ තෙල් බෙදා හැරීමේ ව්‍යාපාරයේ ප්‍රමුඛයා මෙන්ම දානපතියෙකු ලෙසද ඉමහත් ප්‍රසිද්දියක් ලබාගත් ව්‍යවසායකයෙකි. ස්ටැන්ෆර්ඩ් ඔයිල් සමාගම පිහිටුවන ලද්දේ ඔහු විසිනි.


ඉතා කුඩාවට ආරම්භ කරන ලද ව්‍යාපාරයක් වුවද, රොක් ෆෙලර්ගේ තීක්ෂණ ව්‍යාපාර ඥාණය මත කෙටිකලක් ඇතුලත එය ස්ථාවර පදනමක් සහිත ප්‍රබල ව්‍යාපාරයක් ලෙස ගොඩ නැගුණි. මුල් කාලයේදී ඔහු වඩ වඩාත් මුදල් ණයට ගෙන ආයෝජනය කල අතර, වාර්ෂික ලාභයද මුළුමනින්ම යලි යලිත් ව්‍යාපාරයටම ආයෝජනය කළේය. එබැවින් ව්‍යාපාරයේ මුල ධන පදනම ශක්තිමත් විය.

ඉදිරි දැක්මක් තිබු ව්‍යවසායකයෙක්


අනෙකුත් තරඟකාරී තෙල් පිරිපහදු සමාගම් රැසක් මිලදී ගැනීමෙන් හෝ පාරිභෝගිකයාට වැඩ අඩු මිලකට තෙල් අලෙවි කිරීම මගින් තරගකාරින් පරාජය කොට තෙල් පිරිපහදු හා බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ ඒකාධිකාරය හිමි කර ගැනීමට ඔහුට හැකිවිය. ඒ අතර ස්ටැන්ෆර්ඩ් ඔයිල් සමාගම පෙට්‍රෝලියම් පදනම් කර ගත විවිධ අතුරු නිෂ්පාදන 300කට වැඩි ගණනක් නිපදවීමට ද සමත්විය. සමාගමට ම අයත් නල මාර්ග හා බවුසර් ආදිය යොදාගෙන පාරිභෝගිකයන් වෙත තෙල් බෙදාහැරීමේ ව්‍යාපාරයෙන් 90% ක්ම අයත්ව තිබුනේ රොක්පෙලර්ටය.

රොක් ෆෙලර් තරුණ වයසේ සිටම පැහැදිලි ව්‍යවසායකත්ව ලක්ෂණ පෙන්නුම් කල පුද්ගලයෙක් විය. ඔහුට ව්‍යාපාරයක් දියුණු කර ගැනීමේ ස්වයං උවමනාවක් තිබුණි. ඒ සඳහා සුදුසු ව්‍යාපාරය නිශ්චිතව හඳුනා ගන්න ලදී. ව්‍යාපාරය දියුණු කරන මුල් කාලයේදී ණය මුදල් වලට අමතරව සියුලුම වාර්ෂික ලාබ යලි යලිත් ව්‍යාපාරයේ ආයෝජනය කරන ලදී. ඔහුට ව්‍යාපාරය සාර්ථක කර ගැනීම පිලිබඳ ස්ථිර විශ්වාසයක් පැවතුනි. ඒ නිසා දැඩි අවදානමක් භාරගෙන ණයට ගත මුදල් ව්‍යාපාරයේ ආයෝජනය කළේය. ව්‍යාපාරය දියුණු කර ගැනීමට වෙහෙස නොබලා වැඩ කළේය.

තරුණ රොක් ෆෙලර් පරමාර්ථයන් දෙකක් වෙනුවෙන් වෙහෙස වී ඇත. පළමුවැන්න වුයේ ඩොලර් ලක්ෂයක් උපාය ගැනීමයි. දෙවැන්න අවුරුදු 100ක් ජිවත් වීමයි. ඔහු ඇමරිකානු ඩොලර් බිලියන 663 ක ශුද්ධ වත්කමක් උපාය ගැනීමට සමත් විය. 1937 දී ඔහු මිය ගියේ වර්ෂ 98 සම්පුරණ වීමට තවත් මස 2ක් තිබියදීය. වයස 86 දී ඔහු විසින් තමන් ගැනම රචනා කරන ලද වගන්තියකින් කියවුනේ විනෝද වෙන්නත් වැඩ කරන්නටත් තම මුල සිටම උගත් බවයි.

“මාගේ ජීවිතය ඉතා ප්‍රීතිමත් දීර්ඝ නිවාඩුවක් වැනිය. එය වැඩ වලින් හා විනෝදයෙන් පිරී තිබුණි.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *