කොවිඩ් -19 ආර්ථික පසුබැමකට ලක්වු ලෝක වෙළෙද ප්‍රජාව බලගන්වන සෘජු විකුණුම් ක්ෂේත්‍රය (Direct selling Industry) පිළිබඳව ඔබ දන්නවාද?

ලොව පුරා රටවල් 170 කට අධික සංඛ්‍යාවක  පාරිභෝගිකයින් වෙත ලඟා වන ඍජු විකුණුම් (Direct Selling Industry) ක්ෂේත්‍රය කොවිඩ් -19 වසංගතය නිසා ආර්ථික පසුබෑමකට ලක්වූ  ලෝක වෙළෙඳපොළට ශක්තියක් වෙමින් වාර්ෂිකව 5.8%ක වර්ධනයක් වාර්තා කරයි. වසංගත තත්වය තුල ගෝලීය අළෙවි කිරීමේ ක්‍රමවේදයන් දබකසබැ ගත කිරීම මෙම ක්ෂේත්‍රයේ සුවිශේෂි වර්ධනයට බලපා  ඇති බව සැලකිය හැකිය.

ඍජු විකුණුම් ක්‍රමවේදය යනු අළෙවි නියෝජිතයන් ලෙස ස්වෙච්ඡිාවෙන් ආයතනයකට එක්වන පුද්ගලයන් මඟින් භාණ්ඩ අළෙවි කිරීමයි. ලෝක ඍජූ විකුණුම් සංගමයේ (Direct Selling Association) දත්ත වලට අනුව, ආසියා පැසිෆික් කලාපය ගෝලිය සෘජු විකුණුම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටියි.

ගෝලිය ඍජූ විකුණුම් වෙළෙඳපොළ තූල 44% ක කොටසකට හිමිකම් කියමින් මිලියන 46 ක ජනතාවක් මෙම ක්ෂේත්‍රයේ ව්‍යාපාරික කටයුතූ වල නිරත වෙයි. මෙම කලාපයට අයත් ජපානය, චීනය, කොරියාව, මැලේසියාව, තායිවානය, තායිලන්තය, ඕස්ටේ්‍රලියාව, පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රටවල් තූල ඩොලර් බිලියන ගණනක වෙළඳපොළක්  පවතින බව  එම ක්ෂේත්‍රයේ  ප්‍රවීණයන් පෙන්වා දෙයි.


දකුණු ආසියාවේද සෘජු විකුණුම් ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරයි. ඉන්දියාවේ මිලියන 05 කට අධික පිරිසක් මෙම ක්ෂේත්‍රයේ ව්‍යාපාරික කටයුතූ වල නිරත වන අතර ඔවුන්ගෙන් 60% ක් කාන්තාවන් බවද සඳහන් වෙයි. තවද ඉන්දියාවේ දිනකට ව්‍යවසායකයින් 800 ක් පමණ මෙම ක්ෂේත්‍රයට ඇතූල්  වන බව දත්ත වාර්තා කර ඇත.


ගෝලීය මට්ටමෙන් මෙම ක්ෂේත්‍රයේ සීග්‍ර වර්ධනයට මුලික හේතූන් ලෙස විශ්ලේෂකයින් සඳහන් කරන්නේ ඍජු විකුණුම් කරුවන් ව්‍යවසායකයන් ලෙස බල ගැන්වීම සහ ඒ තූලින් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයක් සිදුවන නිසා බව සැලකේ. උදාහරණයක් ලෙස ඉන්දියාවේ  සෘජු විකුණුම් ක්ෂේත්‍රය තූලින්  2021 වසරේදී රුපියල් කෝටි 15,930ක ආදායමක්  අපේක්ෂා කරන බව මේ සම්බන්ධව කටයුතූ කරන ජාත්‍යන්තර ආයතන පවසයි .

 

ඍජු විකුණුම් ක්ෂේත්‍රය සඳහා දිගූ ඉතිහාසයක් ඇත. 1855 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ථාපිත කල සවුත් වෙස්ටන්  සමාගම මෙම ක්ෂේත්‍රයේ පළමු සමාගම ලෙස සැලකේ.

මෙම ක්‍රමවේදය ගෝලීය වශයෙන් ඉතාමත් දියුණු හා ඉහළ නියාමනය කරන ලද වෙළඳපොලවල්  තුළ වසර ගණනාවක සිට ඉතා සාර්ථකව ක්‍රියාත්මකවේ.

ලොව සුපතල රූපලාවන්‍ය සන්නමයක් වන “ඒවොන් ” (Avon) ඍජු විකුණුම් ක්‍රමය තූලින් ආර්ථික ස්වාධීනත්වය හඳුන්වා දෙමින් කාන්තාවන් ව්‍යවසායකයින් ලෙස බල ගැන්වීමට දායකවී ඇත.

“ඒවොන් ” (Avon) සන්නාමය  2018 වසර වන විට ඩොලර් බිලියන 5.57 ක ආදායමක් වාර්තා කරමින් ගෝලීය ඍජු විකුණුම් ක්ෂේත්‍රයේ 2 වන ස්ථානය හිමිකර ගෙන ඇත.


1910 වසරේදී එක්සත් ජනපදයේ ඍජු විකුණුම් සංගමය ස්ථාපිත කර ඇත. සාර්ථක අළෙවි කිරීමේ ක්‍රම වේදයක් වන මෙමඟින් පාරිභෝගිකයින්හට  වටිනා භාන්ඩ ලබා දෙන  අතර ව්‍යවසායකයින් බල ගන්වනු ලබයි.

ලෝක ප්‍රසිද්ධ සන්නාමයක් වන ”ටපර්වෙයාර්”  (Tupperware) ඇසුරුම්ද ස්වෙච්ඡිා අළෙවි නියෝජිතයන් ලෙස කාන්තාවන් තම නිවසේ සිට අළෙවි කරන අතර එමඟින් ඔවුනට ආර්ථික ස්වාධීනත්වයක් ලබා දි ඇත. එමෙන්ම ගෝලීය විශාලතම ඍජු විකුණුම් ආයතනය ඇමෙරිකා එක්සත් ජනපදයේ  ඇම්වේ සමාගම ලෙස සැලකේ.

 

ලොව සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් වන වොරන් බෆට්, රිචඩ් බ්‍රැන්සන් සහ හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ක්ෂේත්‍රයේ ව්‍යාපාර සඳහා ආයෝජන කර ඇත.
1978 වසරේදී පිහිටුවන ලද ලෝක ඍජු  විකුණුම් සංගමය WFDSA (World Federation of Direct Selling Association) මඟින් මෙම ක්ෂේත්‍රය අධීක්ෂණය කරනු ලබයි.

 

ආර්ථික පසුබෑමක් මධ්‍යයේ වුවද මෙහි වර්ධනයක් පෙන්නුම්  කරනුයේ  පුද්ගල  සහ  ප්‍රජා මට්ටමින්  ආර්ථික ස්වාධීනත්වයක් ලබා දීම සහ බල ගැන්වීමේ හැකියාව පවතින නිසා  බව එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙති .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *