Eco-Friendly

ඔබ හරිත ව්‍යවසායකයෙක්ද?

අද වන විට හරිත ව්‍යවසායකත්වය ලෝකයේ නව්‍යතම ව්‍යාපාරික අංශයක් ලෙස නැගී එමින් පවතී. එහි වෙළදපොලට මේ වනවිටත් අතිශය ඉල්ලුමක් ඇති අතර ඔබටත් දැන් හරිත ව්‍යවසායකයෙක් වන්නට හැකියාව උදා වී ඇත. නව සංකල්ප අනුව පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදා ගනිමින් විවිධ අවශ්‍යතා අනුව නිර්මාණ නිපදවා සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවස්ථාව දැන් ශ්‍රී ලංකාවේද හැකියාව ඇත. මේ සදහා දැන් විශාල ප්‍රවණතාවයක් දක්නට ලැබේ.

1.හරිත ව්‍යාපාරිකයෙක් වන්නේ කෙසේද?

හරිත ව්‍යවසායකත්වය ආරම්භ කිරීමට වැදගත් වන අංශ කිහිපයක් ඇත. මෙයට ඔබ යොමු විය යුත්තේ මෙය හුදෙක් කාලෝචිත ව්‍යාපාර ක්ෂේත්‍රයක් පමණක් වේම නිසා නොවේ. ඔබ මෙය තොර ගත යුත්තේ ඔබට මෙය ව්‍යාපාරයක් ලෙස පවත්වාගත හැකි දිගු කාලින සැලැස්මක් අනුව, පාරිබෝගික ඉල්ලුම අකණ්ඩව පවතින ක්ෂේත්‍රයක් නිසාය.

2.හරිත ව්‍යාපාරයක් ආරම්භ කිරීම පහසු බව ඔබ දන්නවාද?

පරිසර හිතකාමී නිෂ්පාදන වලට විශාල නැඹුරුවක් අද වන විට ඇති වී තිබෙන බව ඔබ දන්නවාද?
විවිධ ව්‍යාපාර අවස්ථාවන් රැසකට මුල් තබන පරිසර හිතකාමී නිෂ්පාදන හා සම්බන්ධ ව්‍යාපාර ක්ෂේත්‍රය ඉතා පහසුවෙන් හා අඩු වියදමින් කල හැකි දෙයකි. ඔබ හරිත ව්‍යවසායකත්වය ආරම්භ කරන්නේ නම් මෙය ඊට හොදම කාලයයි.
ඔබට මේ අනුව ලෙහෙසියෙන්ම, හරිත ගොවිපලක්, හරිත ඇසුරුම්, ප්‍රතිචක්‍රීකරණය කල හැකි සියලු නිෂ්පාදන යොදා ගනිමින් ව්‍යවසායකත්වයට යොමු විය හැක.

3.බහුතරය යොමු වී තිබෙන අංශ තෝරා නොගත යුතුය.

සංචාරක ව්‍යාපාරය හා අනුබද්ධ වූ හරිත් ව්‍යාපාර විශාල වශයෙන් බිහි වී ඇත. විදෙස් සංචාරකයින් ඉලක්ක කර ගනිමින් බිහි වී තිබෙන පරිසර හිතකාමී නිෂ්පාදන ව්‍යාපාර දැනටමත් ප්‍රචලිත වී ඇත. ඔබ අලුතෙන් ව්‍යාපාරයක් අරඹනවා නම් කවුරුන් හෝ යොමු නොවූ අලුත් මුහුණුවරකින් පටන් ගන්න.

4.ඔබේ හැකියාවන් ප්‍රයෝජනයට ගත හැකි හරිත ව්‍යාපාර ගැන දැනුවත් වන්න.

ඔබ සමහර විට මෙම හරිත ව්‍යාපාර ක්ෂේත්‍රය සම්බන්යෙධන් දැනුමක් පුහුණුවක් ලබා ඇති කෙනෙක් වන්නට පුළුවන්. එම නිසා ඒවා නිසි පරිදි හදුනා ගෙන ඔබේ දැනුම ව්‍යාපාරයේ වර්ධනයට දායක කර ගන්න. උදාහරණයක් ලෙස ඔබ ඇසුරුම් නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයෙක් නම්, ඔබට පරිසර හිතකාමී නිෂ්පාදන පිළිබඳ දැනුමක් තිබෙන්නට පුළුවන්. ඉබේ දැනුම යොදා ගනිමින් ඇසුරුම් පරිසර හිතකාමී ලෙස ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් නිම කිරීමට සිත බැලීම කල හැක.

5.ඕනෑම ව්‍යාපාරයකට ව්‍යාපාර පදනමක් තිබිය යුතුය.

ඔබේ ව්‍යාපාරය කුමක් වුවද ඔබට එය ලාභයක් ඉපයීමට හැකි ව්‍යාපාරක් විය යුතුය. ඔබ ඇලුම් කරන ව්‍යාපාර කේෂ්ත්‍රයක් වීම පමණක් නොව එයින් ලාභය මෙන්ම පරිසරය ද ආරක්ෂා වන වටිනා ව්‍යාපාරය අංශයකි මෙම හරිත ව්‍යවසායකත්වය.
ඔබට මෙයට නිවැරදි අදහස නව නිපැයුම් හා ඒවාට අවශ්‍ය උපකරණ පිළිබඳවද මන දැනුමක් තිබිය යුතුය.

මෙවැනි තවත් ලිපි කියවන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *