ඔබේ ව්‍යාපාරය නැවතත් ඔබට ගොඩනගා ගත හැක්කේ කෙසේද?

ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් ව්‍යසන වලට මුහුණ දෙනු ලබයි. මෙය අපට පමණක් නොව ලෝකයටම පොදු වූ කරුණකි. නමුත් ව්‍යවසායකයන් ලෙස අප සිතා බැලිය යුත්තේ ඉදිරිය ගැනය. මෙවැනි තත්වයක් යටතේ ඉදිරියක් ගැන සිතන්නේ කෙලෙසද යයි සිතමින් මානසිකව කඩා නොවැටී ඔබේ ව්‍යාපාරයේ අනාගත ගැන මේ මොහොතේ ඔබ සැලසුම් කල යුතුමය.

ඔබ කල යුත්තේ ප්‍රායෝගික ලෙස සිදු කල හැකි දේවල්ය. ඔබේ ව්‍යාපාරය නැවත ගොඩ නගා ගැනීමට ඔබ විසින් කල යුතු එවැනි ප්‍රායෝගික ක්‍රියා කිහිපයක් පිළිබදව අවධානය යොමු කරමු.

  1. චිත්ත ශක්තිය
    ලොව පුරා සිටින සෑම වයවසායකයෙකුම පාහේ ව්‍යසන වලට මුහුණ දී ඇත. අප ලෝක ඉතිහාසය දෙස හොදින් අවධානය යොමු කළහොත් එය අපට වැටහෙනු ඇත. ඔබ කල යුත්තේ ඔබ තුලම හොද ආත්ම විශ්වාසයක් ගොඩ නගා ගැනීමයි. සිදු වූ දේ පිළිබදව තැවෙනවාට වඩා ඉදිරිය ගැන සිතීම මේ මොහොතේ ඉතාමත්ම වැදගත් වනු ඇත.
  2. ප්‍රායෝගික වීම
    ඉදිරි කාලය තුල වඩාත්ම ප්‍රායෝගික වීම ඔබට ඉතාමත්ම වැදගත් කරුණක් වනු ඇත. මේ තාක්කල් කරගෙන ආවා වූ වැඩපිළිවෙලට වඩා ක්‍රමවත් මෙන්ම ප්‍රායෝගිකව භාවිතා කල හැකි ක්‍රමවේදයක් පිළිබදව සිතීම ඔබට යහපත් වනු ඇත. ඉදිරියට ව්‍යාපාරය කෙසේද ආරම්භ කරන්නේ? කොයි ලෙසටද ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ? මුල්‍ය කටයුතු කෙලෙසද සිදු කරනු ලබන්නේ මේ කාරණා පිළිබදව ඔබ බෙහෙවින්ම සිතිය යුතුය. ප්‍රායෝගික ලෙස භාවිත කල හැකි සැලසුම් සකස් කල යුතුය.
  3. කැපවීම
    ඔබට හැකි උපරිමයෙන් ඔබේ ව්‍යපාරය වෙනුවෙන් ඔබ මේ මොහොතේ කැප විය යුතුය. පනවා ඇති නව නීති රීති අනුව තමන්ගේ කැපවීම කොපමණ අවශ්‍ය වන්නේද යන්න පිළිබදවද සිතා බැලිය යුතුය.
  4. නව අවස්ථා හදුනා ගැනීම
    නැතිවී ගිය අවස්ථා වෙනුවට ඇති වෙන්නට තිබෙන නව අවස්ථා පිළිබදව අධ්‍යනයක් කිරීමට ඔබට හැකියාව ඇත. එමෙන්ම අලුත් දේවල් ගැන සිතීමටද ඔබට හැකියාව ඇත. අලුත් වූ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි අලුත් වූ සේවාවක් ලබා දීමට ඔබට හැකියාව ඇත.
  5. ඔබේ ක්ෂේත්‍රයේ වුනු වෙනස්කම්
    මේ වන විට ඔබේ ක්ෂේත්‍රය තුල වෙනස්කම් සිදු වී තිබෙන්නට පුළුවන් එසේ නැති වන්නද පුළුවන්. නමුත් ඔබට ඒ පිළිබදව අධ්‍යනයක් කල හැකිය. එසේ වෙනස්කම් සිදු වී ඇත්නම් ඒ මොනවාද? ඒ වෙනුවෙන් ඔබට කල හැක්‌කේ මොනවද යන්න පිළිබදව ඔබට මේ කාලය තුල සිතිය හැකිය.

මේ කාරණා ගැන ඔබට හොදින් සිතා බලා ඔබගේ ව්‍යාපාරයේ නව පිටුවක් පෙරළා ගැනීමට හැකිවනු නොඅනුමානය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *