ඔබේ කුඩා ව්යාපාරය කොරොනා තත්වයෙන් පසුව ආරම්භ කරන්නේ කෙසේද?

දෑනට තිබෙන ව්යාසන තත්වය පහවී ගිය පසු අපි යලිත් අපගේ ව්යාපාර කෙරෙහි අවදානය යොමු කලයුතු වෙනවා.

එය කරන්නෙ කෙසේද?

ඒ පිලිබදව අපි අදහස් කීපයක් සොයා බලමු.

  • පෙර තිබු තත්වයටම කටයුතු කිරීමට නොහැකිවීම-

කොතරම් සාර්ථක ව්යාපාරයක් වුවද, පෙර තිබූ තත්වයටම ක්‍රියාත්මක වීම අපහසු කරුනක් වෙනවා.

ඔබ එය තේරුම් ගෙන සූදානම් විය යුත්තේ හැකි පමනින් ඔබේ ව්යාපාරය යලිත් ආරම්භ කීරීමය.

මුල් අවස්ථා වේදී කුඩාවට මෙන්ම පහසුවෙන් කලමනාකරනය කර ගත හැකි වෙන ලෙස පටන් ගැනීම සුදුසු ක්‍රමවේදයක් ලෙස සෑලකිය
යුතුය.

  • අවම සම්පත් යොදවමින් ආරම්භ කිරීම සුදුසු වන්නේ එවිට ඔබට එය යුහුසුලුව කලමනාකරනය කීරීම පහසු වන නිසාය. –

එකවිටම සෑම පෑත්තක්ම ආරම්භ කිරීමට වඩා සුලුවෙන් පටන් ගෙන පියවරෙන් පියවර යාම වැදගත්වේ.

එමෙන්ම එවන් තත්වයක් යටතේ, ඔබට ව්යාපාරය අසාර්ථක යෑයි සිතෙන්නේ නම් එය කලමනාකරනය කර ගැනීම පහසු වේ.

  • තත්වය සාමාන්‍ය වීමට බොහො කලක් ගතවිය හැකි නිසා කෙටි
    කාලීන සැලසුම් දියත් කිරීම.

සාමාන්‍ය තත්වයන් යටතේ, ව්‍යාවසායකයන් ලෙස අප දිගු කාලීන සැලසුම් දියත් කරන්නෙමු.

නමුත් මෙම තත්වය සාමාන්‍ය තත්වයක් නොවේ.

අපට කල හැකි මෙන ලබා දිය හැකි සේවා සීමිත වේ. එම නිසා අප සිතා බැලිය යුත්තේ කෙටි කාලීන සේවා මිසක දිගු කාලීන දේ නොවන බව අප තෙරුම් ගත යුතුවේ.

ඔබට ඔබගේ ව්‍යාපාරය හරහා ඔබේ පාරිභෝගිකයන් වෙනුවෙන් ලබා දියහැකි සේවා මොනවද? එය මෙම කාලය තුලදි කලයුත්තේ කෙසේද?

  • අනාගතයට වඩන් වර්තමානය පිලිබන්දව සොයා බැලීම –

මුලු ලොවම නොසිතු ලෙස ව්‍යාසනයක් වු මෙම තත්වය යටතේ අපට අනාගතයක් ගැන ව්‍යාපාර මට්ටමෙන් සිතීම මෙම අවස්තාවේ අපහසු වේ.

අප විසින් කල යුත්තේ වර්තමානය පිලිබදව සොයා බලා කටයුතු කිරිම මිසක ඉදිරිය ගැන සිතමින් කනස්සලු වීම නොවේ.

ව්‍යාවසයකයන් ලෙස සිතීම ලෙහෙසි නොවේ. අපට නිසැකයෙන්ම අභියෝගයන් ජය ගන්නට සිදුවෙනවා මෙන්ම කම්කටොලු තුලින්ද යෑමට සිදුවෙන අවස්තා එමටය.

සැබෑ ව්‍යාවසායකයා හැමවිටම ජයගන්නේ එලෙස තමන් ගමන් ගන්න මග ශක්තිමත්ව ගොඩ නගා ගැනීම තුලින් බව අමතක නොකරන්න.

  • දිරිමත් වීම –

දිරිය දැක්මක් ගොඩ නගා ගැනීම ව්‍යාවසායකයෙක් ලෙස ඔබ සතු ගුනාන්ගයක් විය යුතුවේ.

ලොව පුර සෑම ව්‍යාපාරයක්ම කටුක අත්දැකීමකට මුහුන දී තිබෙන අවස්තාවකදී, ඔබට නෑගීසිටීමට අවශ්‍ය ශක්තිය ඔබ විසින්ම ඇතිකර ගතයුතුවේ.

සෑම විටම මනසින් වැටෙනවා වෙනුවට වැටි වැටි නැගීසිටි මිනිසුන් ගැන කියවන්න. ඔවුන් මුහුන දුන් භයානක අවස්තා ගැන කියවා බලන්න.

එවිට ඔබට ශක්තිමත් පදනමක් ගොඩ නගාගැනිමට අවශ්‍ය ශක්තිය ඔබ තුලින්ම ඇතිකර ගත හැකිවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *