sinhala Vyapara

ඔබත් දේශීය කර්මාන්තකරුවෙක්ද? ව්‍යවසායකයෙකු වන හැටි දැනගන්න

රත්තන්, පිත්තල, මැටි භාණ්ඩ, ගෘහ භාණ්ඩ හා ග්‍රාමීය කාර්මික ප්‍රවර්ධන කර්මාන්ත

නොබෝදා කරළියට ගෙනෙන ලද දේශීය කර්මාන්ත වන රත්තරන්, පිත්තල, මැටි භාණ්ඩ, ගෘහ භාණ්ඩ ආශ්‍රිත නිෂ්පාදන හා ග්‍රාමීය පදනමකින් යුතු පාරම්පරික ලෙස ගොඩ නැගී තිබුණු මෙම කර්මාන්ත අද වන විට වැදගත් සංධිස්තානයකට පැමිණ ඇත. එය අපට සතුටට කරුණකි. මෙහිදී වැදගත් වන්නේ මෙම පාරම්පරික කර්මාන්තය ව්‍යවසායක දැක්මක් ඇතිව පවත්වාගෙන යාමයි. බොහෝ රටවල් වල පාරම්පරික නිෂ්පාදන අද වන විට සාර්ථක ව්‍යාපෘති බවට පත්වී ඇත. සංචාරකයන්ට හා දේශීය ගැනුම්කරුවන්ට අළෙවි කරමින් සාර්ථකව පවත්වාගෙන යනු ලබයි.

අප රටේ දේශීය කර්මාන්තයන් සාර්ථක ව්‍යාපාර බවට පරිවර්තනය කරගැනීමට අප රටේ දේශීය කර්මාන්තකරුවන්ටද දැන් හැකියාවක් ඇත. අද අපි බලන්නට යන්නේ ඒ කෙසේද කියාය.

  1. තමන් නිපදවන්නෙක් නොව ව්‍යවසායකයෙක් බව සිතීම
    නිතරම ඔබට භාණ්ඩ නිපදවන්නෙක් පමණක්ම නොවී ඔබ ව්‍යවසායකයෙක් බව සිහියේ තබා ගත යුතුය. මන්ද එවිටයි ඔබට ව්‍යවසායක මානසිකත්වයෙන් ඔබගේ ව්‍යාපාරය පවත්වාගෙන යා හැකි වන්නේ. එමෙන්ම බොහෝ විට පාරම්පරික නිෂ්පාදන ගැන පමණක් සිතමින් නව වෙළදපොල පිලිබදව හරියාකාර අවබෝධයක් නොමැතිව බොහෝ දෙනා කටයුතු කරයි. නමුත් එයින් ඔබ‍ට සිතීමට දැන් කාලය පැමිණ ඇත. වෙළදපොල, පාරිභෝගිකයා මේ දේවල් පිලිබදව අදහසක් ඇතිව ඔබගේ නිශ්පාදන කටය්ත්ය් කිරීමට ඔබ පෙළබිය යුතුය.
  2. පාරිභෝගිකයා හා වෙළදපොල පිළිබදව අවබෝධය
    නිෂ්පාදනය ගැන පමණක්ම අවධානය යොමු නොකර ඔබගේ පාරිභෝගිකයා හා පාරිභෝගිකයාට ඇති අවශ්‍යතා ගැනද ඔබ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ඔබගේ පාරිභෝගිකයා කවුද? පාරිභෝගික අවශ්‍යතා මොනවාද යන්න ඔබ දන සිටිය යුතුය. එමෙන්ම වෙළදපොල පිළිබදවත් ඔබ විසින් අධ්‍යනයක් කල යුතුය.වෙළදපොල තත්වය හා එහි ඇති අවස්ථා පිළිබදව දන සිටීමද ඔබට වාසියක් වනු ඇත.
  3. ව්‍යාපාරය හා තමන් වෙන් කොට සිතන්න
    නිතරම් තමනුත් ව්‍යාපාරයත් පුද්ගලයන් දෙදෙනෙකු බව සිහියේ තබා ගන්න. බොහෝවිට පාරම්පරික නිශ්පාදන නිපදවන ග්‍රාමීය මට්ටමේ අය ව්‍යාපාරයත් තමනුත් පුද්ගලයන් දෙදෙනෙකු බව සලකන්නේ නැත. මෙය ඔබට මෙන්ම ව්‍යාපාරයට හානිදායක වනු ඇත. එමනිසා නිතරම ඔබත් ව්‍යාපාරයත් දෙදෙනෙකු ලෙස සිහි තබාගෙන කටයුතු සිදුකරන්න. ඔබ ව්‍යාපාරයෙන් වැටුපක් පමණක් ලබා ගත යුතුය. එවිට ඔබට ඔබගේ ව්‍යාපාරය සාර්ථක කරගත් හැකිය.
  4. ව්‍යාපාර මානසිකත්වයෙන් සිතන්න
    නිතරම මේ ඔබට සිදුකරනු ලබන්නේ ව්‍යාපාරයක් බව ඔබට මතක තිබිය යුතුමය. නිතරම ඔබ වෙළදපොලට භාණ්ඩ හෝ සේවා සැපයිය යුත්තේ වෙළදපොළේ පවතින ඉල්ලුමට අනුවය. එමනිසා වෙළදපල ඉල්ලුම කුමක්ද යන්න පිලිබදව සොයා බැලීමක් ඔබ විසින් කළ යුතුය.

5. නව තාක්ෂණය උපයෝගී කරගන්න
අද කාලේ ව්‍යවසායකයෙකු සතු බලවත්ම අවිය වන්නේ තාක්ෂණයයි. කුඩා පරිමාණයේ නිෂ්පාදකයන්ට පවා තාක්ෂණය ව්‍යාපාර කටයුතු සදහා බෙහෙවින් උපකාරි වෙයි. අපගේ පාරම්පරික නිෂ්පාදන දේශීය ගැනුම්කරුවන්ට පමණක් නොව විදේශිකයන්ට අළෙවි කිරීමටත් තාක්ෂණය උපයෝගී කරගත හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *