ඔබත් කුළුබඩු ව්‍යාපාරිකයෙක් නම් අනිවාර්යෙන්ම මෙය කියවන්න

නියම තත්වයෙන් යුතු කුළුබඩු ඔබ වෙළදපොළට ඉදිරිපත් කළ යුත්තේ ඇයි?

අදවන විට ශ්‍රී ලාංකික කුළුබඩු වලට ඉහළ ඉල්ලුමක් ඇති වී තිබේ. ජාත්‍යන්තර මට්ටමින් මෙම ඉල්ලුම ඉතාමත්ම ඉහළය. නමුත් කණගාටුවට කරුණ නම් තත්වයෙන් බාල කුළුබඩු සමග තත්වයෙන් ඉහළ කුළුබඩු සමග මිශ්‍රකර විකිණීමයි. එසේ වන විට කුළුබඩු සදහා වන ඉල්ලුමද අඩුවෙනු ඇත. එයින් රටේ කිර්තිනාමයටද හානියක් වනු ඇත.

  1. අපනයනය සදහා ඉහළ තත්ත්ව පාලනයක් අවශ්‍ය වෙයි
    ශ්‍රී ලංකාවේ බෝග හා කුළුබඩු වලට ඉතාමත්ම ඉහළ ඉල්ලුමක් පවතින්නේ අපගේ කුළුබඩු වලට ඇති ඉහළ ගුණාත්මක භාවය නිසාය. කුළුබඩු වගාවේ සිට අස්වැන්න නෙළා ගැනීම දක්වා ක්‍රියාවලිය ඉතාමත්ම ඉහල තත්වයෙන් සිදු කිරීමට මතක තබා ගන්න. කුළුබඩු අපනයනය මගින් ඉතාමත්ම ඉහළ විදේශ විනිමයක් රට තුළට උපයා ගැනීමට අපට අවස්තාව තිබේ. නමුත් අප අපනයනය කරන කුළුබඩු වල තත්ව පාලනය ඉහළ වීම අනිවාර්ය විය යුතුය.
  2. ලාභය වැඩිකරගැනීමට ගුණාත්මක භාවය අඩු නොකරන්න
    බොහෝ දෙනෙක් කලක් ගත වන විට ලාභය ඉහල කරගැනීමේ අරමුණින් තත්වයෙන් බාල කුළුබඩු සමග තත්වයෙන් ඉහළ කුළුබඩු මිශ්‍ර කර වෙළදපොළට ඉදිරිපත් කිරීමයි. එයින් ඔබට ලාභයක් ලැබුනද එය ඉතාමත්ම කෙටි කාලීන ලාභයක් පමණි. එම ලාභය ඔබට දිගුකාලීනව ලබා ගැනීමට හැකියාවක් නැත. එමෙන්ම පාරිභෝගිකයාට ඔබගේ භාණ්ඩ පිළිබදව ඇති විශ්වාසයද අහිමි වනු ඇත. එය ඔබට ඉතාමත්ම හානිකර දෙයක් වනු ඇත.
  3. ජාත්‍යන්තර මට්ටමින් ඇති ඉල්ලුම
    ජාත්‍යන්තර වශයෙන් අපගේ කුළුබඩු වලට ඇති ඉල්ලුම ඉතාමත්ම ඉහළ තැනක ඇත. ඔබට අපනයනය කිරීමට අවශ්‍ය නම් ඔබ ඔබගේ කුළුබඩු මනා තත්ත්ව පාලනයකින් යුතුව ලබා දිය යුතුය. යුරෝපානු රටවලට කුළුබඩු අපනයනය කිරීමේදී තත්ව පාලනය ඉතාමත්ම වැදගත් වෙයි.
  4. තත්වයෙන් බාල කුළුබඩු සැපයීම හානිකර වෙයි
    නැවතත් වැදගත්ම කාරණය වන්නේ ඉහල තත්ව පාලනයයි. ඔබ සැමවිටම මතක තබා ගත යුතුම කාරණය වන්නේ ඉහළ තත්ව පාලනයක් නොමැති නම් ඔබට දිගුකාලීනව ඔබගේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමට ඔබට හැකියාවක් නොලැබෙනු ඇත. නිතරම ඉහල ගුණාත්මක භාවයෙන් යුතු දේ ලබාදීමට උත්සහ කරන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *