ඌරු මස් සමග පොල් රොටි ව්‍යවසායක රැල්ලට ඔබත් එක් වුනාද?

කාලෙන් කාලෙට විවිධ දේ ව්‍යාපාරික ලෝකයට පැමිණෙයි. මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හරහා ඌරු මස් සමග පොල් රොටි ව්‍යවසායක රැල්ලක් ඇති වී තිබේ. මෙය ඉතාමත්ම ජනප්‍රියත්වයට පත් වී ඇත. මෙයට සෘජුවම දායක වී තිබෙන්නේ මුහුණු පොතේ ලංකා ඌරු මස් සංසදය නමැති සමූහයයි. ව්‍යවසායකයන්ට අත දෙන මෙන්ම ව්‍යවසායකයන් බලගන්වන අපි අද ඔබට කියන්නට යන්නේ මෙවැනි දෙයක් සිදු කරගැනීමට අවශ්‍ය කරුණු කිහිපයකි.

  1. පාරිභෝගිකයන් හට හොද දෙයක් ලබා දෙන්න
    ඔබගේ පාරිභෝගිකයන්ට ලබා දෙන භාණ්ඩ සෑම විටම නිසි ප්‍රමිතියෙන් මෙන්ම ගුණයෙන් ඉහල වීමට වගබලා ගන්න. එමෙන්ම පාරිභෝගික අවශ්‍යතා මත භාණ්ඩ සැපයීමට ඔබට හැකි නම් සාර්ථකත්වය කරා ළගා වීමට ඔබට හැකියාවක් ඇත. ලාභය මතම යැපී භාණ්ඩ වල තිබිය යුතු ගුණාත්මක බව අඩු වන්නේ නම් එය ව්‍යවසායකයෙකු ලෙස එය ඔබට අහිතකර වෙයි.
  2. අන් අය කරන දෙයම අනුගමනය නොකිරීම
    බොහෝ අය පුරුදු වී ඇත්තේ අනිත් කෙනා කරන ව්‍යාපාරයම ඒ අදහසම තමනුත් ක්‍රියාත්මක කිරීමයි. නමුත් ව්‍යවසායකයෙකු ලෙස ඔබ එලෙස නොකළ යුතුය. අදහස වෙන කෙනෙකුගේ වුවද එයට අලුත් දෙයක් එකතු කරමින් එම අදහස භාවිතා කරන්න. නිතරම නව්‍යතා බිහි කරන්නෙකු වන්න. වෙනස විදියට, අලුත් විදියට හිතන්නට පෙළබීම ඔබව ව්‍යවසායකයෙකු ලෙස දුර ගමනක් රැගෙන යනු ඇත.
  3. පිරිසිදුවට හා මනා පිළිවෙලකින් යුතුව භාණ්ඩ ලබා දීම
    මෙය ඔබගේ භාණ්ඩ නිපදවීමේ ක්‍රියාවලියේ සිටම සිදු විය යුතු දෙයකි. භාණ්ඩ පාරිභෝගිකයාට සුදානම් කිරීමේ සිට පිරිසිදුකම පවත්වාගැනීම ඉතාමත්ම වැදගත් දෙයකි. පාරිභෝගිකයාට භාණ්ඩ පිළිගැන්වීමේදී ඒවා ප්‍රිය මනාප ලෙස ඉදිරිපත් කිරීමටද ඔබ සමත් විය යුතුය. එයින්ද ඔබගේ භාණ්ඩ වෙත පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීමට ඔබට මෙමගින් හැකියාවක් ලැබෙනු ඇත.
  4. ආරම්භයේදී තිබුණු ප්‍රමිතිය දිගටම පවත්වා ගැනීම
    බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ ආරම්භයේදී නිසි ප්‍රමිතියට භාණ්ඩ ලබා දී කලක් ගත වන විට ඒවායේ ප්‍රමිතිය ටික ටික අඩු කිරීමයි. නමුත් ඔබේ ව්‍යාපාරික ගමනට එය එතරම් සුභදායක දෙයක් නම් නොවෙයි. ඔබගේ භාණ්ඩවල ආරම්භයේදී තිබුණු ප්‍රමිතියම දිගටම පවත්වා ගෙන යාම ඔබට හිතකර දෙයකි. ඔබ එසේ සිදු කරන්නෙක් නම් ඔබේ පාරිභෝගිකයන් මෙනම් අලුත් පාරිභෝගිකයන් ගණන දිනෙන් දින ඔබගේ ව්‍යාපාරය වෙත ඇදී එයි.
  5. ප්‍රවර්ධනය අලුත් ආකාරයකින් සිදු කරන්න
    සමාජ මාධ්‍ය ජාල හරහා බොහෝ ව්‍යාපාර තම ප්‍රවර්ධන කටයුතු සිදු කරයි. ප්‍රවර්ධන කටයුතු සිදු කරන විට නව්‍යතාවයෙන් යුතු වූ දෙයක් සිදු කිරීමට නිතරම උත්සහා ගන්න. අලුත් අලුත් වූ දේවල් පාරිභෝගිකයා වෙත ළගා කරවෙමට නිතරම උත්සහා කරන්න.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට, පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබාගැනීමට තවදුරටත් කියවන්න vyapara.lk වෙබ් අඩවිය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *