ආනයන තහනමත් සමග ඇතිවන දේශීය ව්‍යාපාර අවස්ථා?

 

අද තිබෙන ආනයන භාණ්ඩ තහනමත් සමග අපට තිබෙන වැදගත්ම කාර්යය වන්නේ ඒ පිලිබදව සිත සිතා සිටීම නොව ව්‍යාවසායකයන් ලෙස අවස්ථා අනුකුලව දේශීය වශයෙන් තිබෙන ව්‍යවසයක අවස්ථා හොදින් නිරීක්ෂණය කිරීමයි.

 

ලෝකයේ වෙනත් රටවල් වලද මෙවන් අවස්ථා වලදී ව්‍යාවසායකයන් ලෙස දේශීය දේවල් යොදා ගනිමින් ව්‍යාපාර ගොඩ නගා තිබේ.

 

එම නිසා මේ අවස්ථාවේදී අප යොමු විය යුත්තේ දේශීය වශයෙන් අපට තිබෙන අවස්ථා හොදින් නිරීක්ෂණය කිරීමයි.

එය හොදින් වටහාගෙන පහත සදහන් කරුණු පිලිබදව හොදින් සිත බලන්න.

 

01. ආනයන තහනමට ලක් වූ භාණ්ඩ සදහා ඇති දේශීය ආදේශණ තිබෙනවද?

ආනයන තහනමට ලක් වූ භාණ්ඩ සදහා බොහෝ දේශීය ආදේශක ඇත. නමුත් එවන් ආදේශක නිසි ලෙස සන්නමයක් යටතේ ඉහල තත්ත්ව පාලනයකින් යුතුව වෙළද පොලට පැමිණෙනවාද යන්න සොයා බැලිය යුතුයි.

උදාහරණයක් ලෙස ආනයන කරන දොඩම් වෙනුවට හීන් නාරං හෝ ලංකා දොඩම් ආදේශක ලෙස යොදා ගත හැකි.

දැනටත් එවන් දොඩම් පාන වෙළද පොලේ ඇත .

මීට අමතරව ආනයන කරන මිදී වර්ග වෙනුවට ලංකාවේ වැවිය හැකි දේශීය මිදී වර්ග දැනට කුඩාවට වගා කෙරුනද එය මීට වැඩි වශයෙන් ද කල හැක.

කාන්තා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වයට අත දෙන කොමර්ෂල් බැංකුව

02. වැඩි ඉල්ලුමක් ඇති දේශීය ආදේශක මොනවාද?

වෙළද පොළ නිරීක්ෂණය කරමින් හදුනා ගත යුත්තේ දැනට වෙළදපොළට නොඑන භාණ්ඩ අතරින් වැඩි ඉල්ලුමක් ඇත්තේ කුමන භාණ්ඩ වලටද?

මේ පිලිබදව අද්‍යනය කරනවිට ඒ පිලිබදව මනා අදහසක් ගත හැකි වේ.

උදාහරණයක් ලෙස දේශීය වශයෙන් නිපදවිය හැකි උදුන් වර්ග මෙන්ම උන බම්බු වල සාරය යොදා ගනිමින් නිපදවන දේශීය රෙදිපිළි.

 

03 අඩුම ආයෝජනයක් සමග ආරම්භ කල හැකි ව්‍යාපාර මොනවාද?

 

දේශීය අදේශකයන් තොරා ගැනීමේදී මතක තබා ගත යුතු කරුණක් වන්නේ ආයෝජනය පිලිබදව තේරුම් ගැනිමයි.

ඉතා විශාල ආයෝජනයක් අවශ්‍ය නම් එය ප්‍රයෝගික සැලසුමක් ලෙස සිතීම අපහසුයි.

එමෙන්ම මුල්‍ය වශයෙන් කළමණාකරණය කර ගැනීමේ හැකියාවද සතු විය යුතුයි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ඔබ මුල්‍යම වශයෙන් සැලසුමක් සකසා ගැනීම තුලින් ඔබට මනා අදහසක් ඇති කරගත හැක.

හිතේ හයියෙන් ගමක් නැගිට්ටවන්න වෙර දරන මේ කතාව අපිට ඇහෙන්නේ ගිරිතලෙන්

 

04. දේශීය ආදේශක පිලිබදව මනා දැනුමක් ඇති කර ගැනීම?

 

දේශීය ආදේශක පිලිබදව අද්‍යනය කරමින් මනා දැනුමක් ප්‍රගුණ කල යුතු වන්නේ එහි ඇති ගුණාංග හා අදාලත්වය පිලිබදව දැනුවත්විමටය.

එවිට ඔබට සරිලන පරිදි ව්‍යාවසායක අදහසක් ගොඩ නාග ගැනීම පහසු වනු ඇත.

මෙ සදහා ඔබට කාලය ගත කරමින් සමීක්ෂණ මෙන්ම දත්ත උපයෝගී කර ගනිමින් දේශීය ආදේශක පිලිබදව දැනුම ගොඩ නැගීම වැදගත් වේ.

 

05. දේශීය ආදේශක දිගු කාලීන ලෙස වෙලදපොළේ තිබේද යන්න සොයා බලන්න.

 

ව්‍යාවසායකයන් ලෙස අප සිත බැලිය යුත්තේ කෙටි කාලීන නොව දිගු කාලීනව පවත්වා ගත හැකි යෝජනා හා ව්‍යාපාර පිළිබදවය.

ඔබ විසින් තෝරා ගත දේශීය ආදේශකයක් ලෙඩ දිගු කාලීනව පවත්වා ගත හැකිද යන්න සොයා බැලිය යුතුයි.

එමෙන්ම එම අදෙහ්ස්කයන් සදහා ආයෝජනය හා සමීක්ෂණ තුලින් දත්ත ලබා ගැනීම වැනි ක්‍රමවේදයන් සදහා කාලය ලබා දීම මුල්‍ය මට්ටමෙන් සාර්ථකද යන්න මනා ලෙස අද්‍යනය කල යුතු ය.

හැම විටම ව්‍යාවසායකයෙක් ලෙස ඔබ ව්‍යාපාරය පිලිබදව සිත බැලිය යුත්තේ කෙටි කාලීනව නොව දිගු කාලීනවය.

 

අලුත් අදහසක් සමඟ සන්නාමයක් එලිදක්වපු කතාවක්

Leave a Comment

Your email address will not be published.