vyapara.lk කන්ද උඩරට ව්‍යවසායකයන් සොයා යයි

vyapara.lk කන්ද උඩරට ව්‍යවසායකයන් සොයා යයි

ඔබ මහනුවර හෝ ඒ අවට පදිංචි දැනට ව්‍යාපාරයක නිරතවන හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කෙනෙක්ද? ඔබේ ව්‍යාපාරය තවත් ශක්තිමත්ව ගොඩ නගා ගැනීමටත් ඔබ ආරම්භ කිරීමට අදහස් කරනු ලබන ව්‍යාපාරය හොදින් ආරම්භ කිරිමටත් අවශ්‍ය බොහෝ දේ මේ තුළින් ඉගෙන ගැනීමට ඔබට හැකියාවක් ලැබෙනු ඇත.

vyapara.lk හි පාර කියන ව්‍යාපාර අපි මහනුවර ප්‍රදේශයේ අපගේ මීළග වැඩසටහන දියත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

  1. ඔබ අපේ සමුළුවට සම්බන්ධ විය යුත්තේ ඇයි?
    vyapara.lk කැපවී සිටින්නේ නැගී එන ව්‍යාපාරිකයින්ට අත දීමටයි. අපගේ වැඩසටහන් හා සම්බන්ධ වීමෙන් ඔබට බොහෝ වාසි අත්පත් කරගත හැකිය. එමගින් ඔබට ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම අප විසින් ඔබට ලබා දෙනු ලැබේ.
  2. අපගේ වැඩමුළුවෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ
    vyapara.lk පාර කියන ව්‍යාපාර වැඩමුළුව තුලින් ඔබට බොහෝ ප්‍රතිලාභ අත් කරගත හැකිය.
    • මුල්‍ය පදනම ගොඩනගා ගැනීම
      ඔබගේ ව්‍යාපාරයේ මුල්‍ය කටයුතු ඔබ විසින් නිසි ලෙස සකස් කරගත යුත්තේ කෙසේද? මුල්‍ය පරිපාලනය නිසිලෙස සිදු කරන්නේ කෙසේද? ව්‍යාපාරයේ මුදල් පරිහරණය කල යුත්තේ කෙසේද යන්න අප විසින් ඔබට වටහා දෙනු ඇත.
    • අලෙවිකරණ දැනුම – ඕනෑම ව්‍යාපාරයකට අලෙවිකරණය යනු ඉතාමත්ම වැදගත් සංකල්පයකි. අලෙවිකරණයේ වැදගත්කම, එයින් ඔබට ලබා ගත හැකි ප්‍රතිලාභ, අලෙවිකරණය යනු කුමක්ද? අලෙවිකරණය සිදු කරන්නේ කෙසේද යන්න ඔබට දැනගත හැකිය.
    • ව්‍යාපාර කළමනාකරණය – ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු නිසි ලෙස සිදු කරන්නේ කෙසේද? ව්‍යාපාර කළමනාකරණය යනු කුමක්ද වැනි කරුණු පිළිබද දැනුවත් කිරීමක් සිදු වේ. – පාරිභෝගිකයන් සොයා ගැනීම ඔබගේ පාරිභෝගිකයන් කවුද ? ඔවුන් සිටින්නේ කොහෙද? ඔවුන්ගේ අවශ්‍යතා මොනවද? යන්න පිළිබද මනා අදහසක් ඔබට අවශ්‍ය වේ..
    • වෙළදපොල අධ්‍යනය
      ඔබගේ වෙළදපොලේ සිටින තරගකරුවන් කවුද? ඔවුන් සමග වෙළදාම් කටයතු ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේද? වෙළදපොල හැසිරීම යන තවත් බොහෝ දේ පිලිබදව දැනුවත් කිරීම
  3. ව්‍යවසායකත්වයට පන්නරයක්
    ඔබට අවශ්‍ය බලගැන්වීම, පන්නරය ඔබට ලබා දීමට අප සුදානම්. එය ඔබට සෘජුවම ලබාදීමට මෙම වැඩසටහන මගින් අපට අවස්තාව හිමිව ඇති බව ඔබට දැනුම් දෙන්නේ මහත් සතුටකිනි.
  4. වැඩමුළුවට සහභාගී වන්නේ කෙසේද?
    මහනුවර මෙනම් ශ්‍රී ලංකාවේ සම ප්‍රදේශයකම මෙවැනි වැඩමුළු පැවැත්වීමට අපි කැමැත්තෙමු. ඔඅබ කල යුත්තේ ඔබට ඒ සදහා කැමැත්තක් ඇති නම් ඒ බව දන්වමින් අපට vyapara Facebook ගිණුම ඔස්සේ ඔඅබ්ගේ නම, ගම, දුරකථන අංකය Inbox කිරීම පමණි.

වැඩි විස්තර සදහා අමතන්න 011 -44 92 856 හෝ vyapara.lk@gmail.com

Leave a Reply