ගොවීන් වගා ව්‍යවසායකයන් කරන පාර කියන ව්‍යාපාර වැඩමුළුව

ගොවීන් වගා ව්‍යවසායකයන් කරන පාර කියන ව්‍යාපාර වැඩමුළුව

ඔබ ගොවියෙක්ද? වගා ව්‍යවසායකයෙක්ද? ඔබේ ගොවිතැන ව්‍යාපාරයක් ලෙස වැඩි දියුණු කරගැනීමට ඔබට හැකිය. ව්‍යවසායකයින්ට අත දෙන vyapara.lk අපි මහනුවර දිස්ත්‍රික්කයේ ගොවි මහතුන් මුල් කරගෙන වැඩසටහනක් දියත් කළෙමු. ඔබ ගොවි මහතෙක් හෝ කෘෂි කර්මාන්තයේ නියුතු කෙනෙක් නම් ඔබේ ගොවිතැන සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගැනීමට හැකි බව ඔබ දන්නවාද? ආහාර යනු, මුළු ලෝකයටම ඇති ප්‍රධානතම අවශ්‍යතාවයකි. එවැනි පසුබිමක ව්‍යවසායකත්වය තුළින් ගොවිමහතුන් බලගැන්වීම රටටත් ලෝකයටත් ඉමහත් සේවයකි.

මහනුවර දිස්ත්‍රික්කයේ ගොවි මහතුන් බලගැන්වීම
නොබෝදා vyapara.lk අප මහනුවර දිස්ත්‍රික්කයේ ගොවි මහතුන් පිරිසක් මුල් කරගෙන ඔවුන්ට අවශ්‍ය මූලික දැනුම ලබාදෙන ලදී. ඉදිරිකාලය තුලදී තවත් මෙවැනිම වැඩසටහන් රැසක් රට පුරා පැවැත්වීමට අපි අපේක්ෂා කරන්නෙමු.

ඔබත් ගොවි මහතෙක්ද?
ඔබටත් පුළුවන් පාර කියන ව්‍යාපාර වගා වැඩසටහනට සම්බන්ධ වී දැනුම ගොඩනගා ගැනීමට ඔබට දැන් හැකියාවක් ඇත. වැඩි විස්තර දැනගැනීමට අපගේ vyapara.lk@gmail.com e – mail ලිපිනය හරහාත්, 011 449 28 56 දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගත හැකිය.

ඔබට වැඩි ආදායමක් උපයා ගත හැකිවීම
අද දවසේ ගොවි මහතෙක් වන ඔබ හෙට දවසේ ව්‍යාපාරිකයෙක් වූ විට ඔබට වැඩි ආදායමක් ලබා ගත හැකිය. දැන් තිබෙන විශාලතම ගැටළුව වන්නේ වගා කරනු ලබන අස්වැන්න ඉතාමත්ම අඩු මුදලකට විකිණීමට සිදු වීමයි. නමුත් ඔබගේ අස්වැන්න ඔබටම ව්‍යාපාරිකයෙකු ලෙස පාරිභෝගිකයා වෙත ළගා කරගැනීමට හැකි නම් ඔබට වැඩි ආදායමක් උපයා ගැනීමට අවස්ථාව සැලසේ.

අතරමැදියන් නොමැතිව පාරිභෝගිකයන් වෙත ළගා විය හැකිවීම
අතරමැදියන් නිසාවෙන් ගොවි මහතුන්ට අඩු මුදලක් ලැබුනත් පාරිභෝගිකයාට ඒ සදහා ඉතාමත් ඉහළ මිලක් ගෙවීමට සිදුවේ. මෙයින් ගොවියා හා පාරිභෝගිකයා අපහසුතාවයට පත් වන නමුත් අතරමැදියා ඉන් පොහොසත් වෙයි. මෙය වළක්වා ගතහොත් ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද වාසි අත්වනු ඇත. අපගේ වැඩමුළු මගින් ඔබට ඍජුවම පාරිභෝගිකයා සමග සම්බන්ධ වීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමට හැකිය.

ව්‍යවසායකත්වයෙන් ලැබෙන ප්‍රතිලාභ
අද මුළු ලෝකය පුරාම ව්‍යවසායකත්වයට විශාල ප්‍රවණතාවයක් ඇති වී තිබේ. මිට මුලික හේතුව වන්නේ තාක්ෂණයයි. නව තාක්ෂණය හරහා දැන් ඔබටත් පහසුවෙන්ම ව්‍යවසායකයෙක් වීමට හැකියාවක් ඇත. ඔබත් අදම vyapara.lk වැඩමුළුවක් හා සම්බන්ධ වී මෙම පුහුණුව ලබාගන්න.

Leave a Reply